Posts

Showing posts from March, 2025

ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවකරන මී පැණි පිපිඤ්ඤා පානය

Image
  පිපිඤ්ඤා කැලරි අගය අඩු ආහාරයකි. ආහාර පාලනය කරන අයට පිපිඤ්ඤා තම ආහාර වේලට එක්කර ගත යුතුම ආහාරයකි. මේවා ආහාරයට ගැනීමෙන් කුස නිතරම පිරී පැවතීම නිසා වෙනත් ආහාර ගැනීමේ අවශ්‍යතාවය අවම වන අතර ශරීරය නිතරම සජලනව තබා ගැනීමට උදව් වේ. පිපිඤ්ඤා රෝග රැසකට දිව ඔසුවක්. ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි, පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් ඉන්සියුලීන් ස්‍රාවය කරන සෛල උද්දීපනය කරයි, සිරුරේ උෂ්ණාධික බව නැති කරයි, ශරීරයේ විජලනය වළැක්වයි.. (90% කට වඩා ජලය අඩංගු නිසා), පිළිකා මර්ධනයට උපකාරි වේ, ජීර්ණගත ගැටළු වලට උපකාරී වේ.. අම්ල පිත්ත රෝගය, ගෑස්ට්‍රයිටීස් රෝගය, බඩපුරවා දැමීම, උදරයේ අම්ල ගතිය, බඩවැල් වල තුවාල, මළ බද්ධය අවම කරයි, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කරයි. මුඛ සෞඛ්‍යයට උපකාරී වේ.. එහි අඩංගු phytochemcials නම් රසායනිකය විදුරුමස් වලට හානිකරන, මුඛයෙන් දුගඳ හැමීමට හේතුවන බැක්ටීරියා විනාශ කරයි. හිසකෙස් හා නියපොතු හොඳින් වැඩීමට හා නීරෝගීව පැවත්වාගැනීමට උපකාරී වේ. සම වියළි බවට පත් වීම අඩු කරයි. වකුගඩු ගල් (kidney stones) හා මුත්‍රාශයේ ගල් දියකර හැරීමට උපකාරී වේ… (නිතර අනුභව කිරීමෙන්) පටකවල තැම්...

ඔයත් කොලෙස්ටරෝල් නිසා බයෙන් හිටියාද..? මෙන්න එහෙනම් ඒ ලෙඩේ මට්ටු කරන ඖෂධ ගුලිය...

Image
  සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන.. සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන.. ඒත් සමහර අයගේ කෑම රටා ඇතුලෙ නම් ඒ ගැන සැලකිලිමත් වන බවක් දැක ගන්න ලැබෙන්නෙම නැහැ..   කොලෙස්ටරෝල්, මේ කාලයේ ගොඩක් දෙනෙක් කතාබහ වන රෝගයක්.. කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය ලෙස වැඩි වීම හෘදයාබාධ, ආඝාතය වැනි බොහෝ රෝගයන්ට හේතු පාදක වන බව අපි හැම කෙනෙක්ම දන්නවා.. ඉතින් ඔබත් නිතර නිතර ගැඹුරු තෙලේ බැදපු කෑම කනවා නම් චීස්, බටර්, මස් වර්ග නැතුවම බැරි අයෙක් නම් ඇඟත් හරියට වෙහෙසවන්නේ නැත්නම් ඇත්තටම ඔයා දැනටමත් ඉන්නේ ලොකු අවදානමක. කොලෙස්ටරෝල් මට්ටම වැඩි, නොවැඩි මේ හැම කෙනෙකුටම එකසේ භාවිතා කළ හැකි අපේ දේශීය වෙදකම, ආයුර්වේදය තුළ එන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හදාගන්න හැටියි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ. දැනටමත් ඔබ කොලෙස්ටරෝල් වලට ඖෂධ ලබාගන්නා අයෙක් නම් එම ප්‍රතිකාර සමඟ ද මෙම ඖෂධය කිසිම ගැටළුවකින් තොරව ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.. ඒ විතරක් නෙවෙයි නිරෝගී ඔබත් මෙය කෑමට ගත්තොත් අනාගත‍යේ කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානමින් පහසුවෙන් මිදී සිටිය හැකියි.. මෙය අපිට ආකාර දෙකකට පිළියෙල ක...

බඩ අඩුකරවන දෙහි යුෂ සහ උණු ජලය සත්කාරය

Image
    උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කර බර අඩුකර දීමට එය සහාය වන බව සඳහන් වෙනවා . එම පානයම උණුසුම අඩුකර ඊට මීපැණි ස්වල්පයක් එක්කර ගැන්මෙන් මලබද්ධය ද දුරුකර ගත හැකි බව සඳහන්. දෙහි, උතුරු ඉන්දියාව උතුරු මියන්මාරය හා හා දකුණු මධ්‍යදිග චීනයේ සිට පැතිරගිය, රුටේසි කුලයට අයත් පැඟිරි ශාකයක්.රසකාරකයක් විෂනාශකයක්, ආහාර රුචිය වඩන්නක් , පිපාසය සංසිඳුවන්නක් මෙන්ම සිරුර පිරිසිදු කර නිරෝගි කරන්නක් ලෙස ද ප්‍රයෝජනවත් වනවා. විටමින් C A E B ප්‍රභේද,-තයමින් රිබොෆ්ලේවින් නියැසින් හා පැන්තොතෙනික් ෆෝලේට් අම්ල මෙන්ම පොටෑසියම් යකඩ සින්ක් කැල්සියම් මැග්නීසියම් පොස්පරස් ආදි පෝෂක ගණනාව කින් පොහොසත්. වා පිත් සෙම් තුන්දොසම සමනය කළ හැකි ඔසුගුණයෙන් යුක්තයි. ඒ සඳහා ගෙඩි කොළ මුල් ගැට ආදි ශාක කොටස් යොදාගනු ලබනවා.දෙහිවල ඇති ආම්ලික සාරය නිසා එය බොහෝ රෝගවලට ගුණ දෙන්නක්. ඊට සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරන්නට ද හැකි බව සඳහන්. ශරීර උෂ්ණත්වය අඩුකිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝග ද පාලනය කරනවා. සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට පණුවන්ට හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ...

පාද වල නහර ගැට ගැසීම හොඳ කරන හෙළ සත්කාර

Image
  පාද වල නහර ගැට ගැසීම නිසා පීඩා විඳින, වේදනා විඳින රෝගීන්ට සැත්කමකට මුහුණ නොදී හෙළ වෙද ප්‍රතිකර්මයකින් සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන් අගනා බෙහෙත් වට්ටෝරුවක් අපේ පාරම්පරික වෙද පොත්වල සඳහන් වෙනවා. දෙපාවල නහර ගැට ගැසීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ‘ශිරා ගැටිති’ යනුවෙන්. රුධිරය ගෙන යන ශිරා නාළිකා වල තෙල් තැන්පත් වීමෙන් මෙම රෝග තත්වය හටගන්නා බවයි අපේ ඉපැරණි වෙද පතපොතෙහි සඳහන් වෙන්නේ. මේ සඳහා ප්‍රතිකාර කරද්දී දෙපා සේදීමට කිසිම විටෙක ‘ඇල් වතුර’ පාවිච්චි කිරීම සුදුසු වන්නේ නැහැ. මඳ රස්නය ඇති උණු ජලයෙන් තමයි දෙපා සේදිය යුතු වන්නේ. මෙම ප්‍රතිකාරය සාදා ගැනීමට නික කොළ මිටක් පමණ ගෙන එය පිරිසිදු කර සිහින්ව ලියා ගන්න. තරමක ඉඟුරු කැබැල්ලක්, සුදු ලූණු බික් කීපයක්, උළු හාල් මිටක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතා කර ඉතා සිනිඳු වනතුරු අඹරාගත යුතුයි. එසේ අඹරා ගැනීමේදී ජලය එක් බිඳුවක් හෝ ඊට එක් නොකළ යුතුයි. අඹරා ගත් මෙම මිශ්‍රණය මිරිස් ගුලියක් මෙන් හදාගෙන පසෙකින් තබාගන්න. ඊළඟට නැවුම් මුට්ටියක් ගෙන පිරිසිදු හුඹස් මැටි අඬු කෝප්පයක් ගෙන ඊට අඬු කෝප්ප 1,1/2ක් වන පරිදි ජලය එකතුකර හොඳින් මිශ්‍රකර ලිප තබා ගන්න.එය උකු ප...

කෙට්ටු වෙන්න කියලා හිතාගෙන දවස ගානේ බොන කස ඇටවල ගුණ , අගුණ දෙකම තියනවා කියලා දැනගෙන හිටියාද..? ඒ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න...

Image
 ගොඩක් දෙනෙක් කැමතියි ලස්සනට ඉන්න.. ඒ වගේම තමයි නිරෝගීව ඉන්න.. එහෙම ඉන්න කැමති කා අතරත් ප්‍රසිද්ධ දෙයක් තමයි කස ඇට  කියන්නේ.. මේ කියන්න යන්නේ කස ඇට ගැන ඔබ දන්න දේ අතර සැඟවිච්ච නොදන්න කාරණා කීපයක් ගැන කතාවක්... තුල්සි ඇට basil seed  කියන නම්වලිනුත් ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ඇටවලින් ලැබෙන වාසි අවාසි ගැන තමයි මේ කියන්න යන්නේ.. -යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් බීජ 1 tablespoon දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා -බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය. -අර්ශස් වැනි රෝග තත්ව පාලනයට උපකාරි වෙනවා -බැසිල් බීජ ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්‍රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වේ -මෝර පෙති වලින් අපි ගන්න ඔමෙගා 3 කියන තෙල් වලින් පොහොසත් -මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු කරනවා. ඒත් ගොඩාක් නෙමෙයි මාසයකට කිලෝ එකක් වගේ අඩු කරගන්න පුල...

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්..

Image
  අක්මාවෙ තෙල් තැන්පත් වීම හෙවත් Fatty liver තත්ත්වය අද බහුල රෝගයක් වෙලා.  ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඒ වගේ කට පරෙස්සම් නැතිකමත් අයහපත් චර්‍යා රටාවත් නිසා වැඩි දෙනෙක් විඳවන අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධව. අක්මාව ආශ්‍රිත බොහොමයක් රෝග අතරින් අද වෙද්දි වයස් භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් බවට මෙය පත්වෙලා. අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද්‍රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්. අක්මාවේ තෙල් තැන්පත් වීම fatty liver එහෙම නැත්නම් අක්මාවේ තෙල් කියන්නේ අද සාමාන්‍ය රෝගයක් බවට පත්වෙලා තියෙන තත්වයක්. සාමාන්‍යයෙන් අක්මාවේ තෙල් යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ තිබිය යුතු තෙල් ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේදය තැන්පත් වීම නම් රෝගී තත්ත්වයක්. සාමාන්‍ය අවස්ථාවේ දී මේදය තැන්පත් වීම 5% ක් තරම් වුණාට රෝගී අවස්ථාවේදී එය 40% ක්...

දවස ගානේ කෑවත් පාඩු නෑ.. මොකක් හරි හේතුවක් නිසා චොක්ලට් කන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ ලිපිය කියවන්න..

Image
සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කතා කරද්දි හැකි තරම් පැණිරස කෑම බීමවලින් ඈත්වී සිටීම අනිවාර්යයි කියලා නේ ගොඩක් දෙනෙක් හිතන්නේ.. මේ කියන්න යන්නේ අන්න එහෙම හිතන අය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කතාවක්.. මේවා ඉක්මවා කෑම ශරීරයට අහිතකර බව සැබෑවක් වුණත් , බොහොමයක් චොකලට් සීනි සහ කැලරි විශාල ප්‍රමාණයක් අඩංගුයි.. ලොකු පොඩි කවුරුත් කන්න ආස කරන චොක්ලට්වල නොදන්නා ගුණ රැසක් ගැනයි මේ ඔබට කියන්න යන්නේ... 1. නිරෝගී හදවත Healthy Heart සෑම දිනකම අඳුරු චොකලට් වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඔබේ හදවත නිරෝගීව තබා ගැනීමටත්, එමඟින් ඔබේ රුධිර සංසරණය නිසි පරිදි පවත්වාගෙන යාමටත් හැකි වේ. ස්වීඩන් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොකෝවා වල අඩංගු ෆ්ලේවනොයිඩ්ස් සහ ප්‍රතිඔක්සිකාරක හෘද සෞඛ්‍යයට යහපත් බවයි. නමුත් මතක තබා ගන්න, එය දිනකට චොකලට් බාර් එකක් නොවේ. 2. අඩු දැවිල්ල – Less Inflammation අපගේ සෞඛ්‍ය ගැටළු බොහොමයක් ආරම්භ වන්නේ දැවිල්ලෙන් වන අතර පසුව දැවිල්ල දිගින් දිගටම ගිලී නිදන්ගත වන විට ඒවා බරපතල ගැටළු වලට යොමු වේ. සෑම දිනකම දුඹුරු චොකලට් (dark chocolate) ටිකක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ දැවිල්ල අඩු කර ගත හැකිය. දැවිල්ල වළක්වා ගත හ...

සිරුරේ මේදය දහනය කරන , පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගු සුපිරි කැඳක්...

Image
  විස්මිත ගුණ දෙන සුපිරි කැඳක් ගැනයි මේ කියන්න හදන්නේ...  රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ පුදුම තරම් වටිනවා... එය ඔබේ නීරෝගී දිවියට ආශිර්වාදයක් වගෙයි.. කරපිංචා කියන්නේ දිව්‍ය ඖෂධයක් ... අපේ ගෙවතුවල නිතරම දකින්න තිබෙන කරපිංචා මේ තරම් ගුණයි කියලා ඔයා දැනගෙන හිටියාද ? කරපිංචා වල ගුණ කොලෙස්ටරෝල් පාලනය කරයි. හෘද රෝග පාලනය කරයි යකඩ අඩංගුයි ඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි. පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි . කැඳ සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදු ළූනු බික් කිහිපයක් ඉඟුරු පෙත්තක් වතුර කෝප්ප 3 පොල් කිරි කෝප්ප 2 රතු ළුණු ගෙඩි හතරක් ලුණු අවශ්‍ය පමණ සාදන අයුරු: හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැ...

ලෙඩ රැසක් හෙළිකරන අත්ලේ වෙනස්කම්..

Image
කෙනෙකුගේ අත්ල ඒ තැනැත්තාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාදෙන කැඩපතක් ලෙස හැඳින්විය හැකියි. ශරීරයේ යම් තැනක ඇතිවන රෝගාබාධ හේතුවෙන් අත්ලේ විවිධ වෙනස්කම් ඇතිවිය හැකියි. කලින්ම මේ අනතුරු ඇඟවීම් සලකුණු ගැන සැලකිලිමත් වීමෙන් දැඩි රෝගාබාධයකට ගොදුරු නොවී බේරීමේ අවස්ථාව උදාකර ගත හැකියි. රතු පැහැති අත්ල අත්ල රතු පැහැති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මතුවන ගැටලු දැක්විය හැකියි. ඔබේ වයස අවුරුදු 50 ට වඩා වැඩිනම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතුවීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝනවල අසමතුලිතාවක් ඇති වූ විටත් ලේ නහර පළල් වීමක් සිදු විය හැකියි. එවිටද අත්ලේ තද රතු පැහැය ඇතිවිය හැකියි. රූමැටික් ආතරයිටිස් (අඩඥභථචබධඪඤ චපබඩපඪබඪඵ) තත්ත්වය නිසාත් අත්ල රතුවිය හැකිය. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයකු හමුවීමයි සුදුසු. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා. නිතර අත්ලට දහඩිය දැමීම අත්ලට දහඩිය දැමීමට හේතුවන කරුණු 3 ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහඩිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහඩිය දැමීම සාමාන්‍යයි. නමුත් සමහරුන්ගේ අත්ල දහඩියෙන් තෙත් වන්නේ ම...

නාලවල දෝෂ මග හරින , විශ්මිත පානය මෙන්න

Image
  ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි. බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත. එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි. මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ට...

ඔයත් කොස් කන්න ආස කෙනෙක්නම් අනිවාර්යයෙන් මේක කියවන්න...

Image
  අපේ රටේ ග්‍රාමීය  පරිසරය තුල කොස් ගහක් නැති ගෙදරක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්.  නාගරීකරනයත් එක්ක කොස් ගස නගරයෙන් ටිකක් ඈත් වුනත් වෙනසක් නැතිව හැම දෙනාම කන්න කැමති රස ගුණ පිරි ආහාරයක් තමයි කොස් කියලා කියන්නෙ. කොස් ගෙඩියක් සෑම වර්ධන අවධියකදීම විවිධ රස වලින් අපට ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා. කුඩාම කාළයේදී පොළොස් විදියට පිළියල කරගන්නවා වගේම කොස් ව්යංජන,තම්බපු කොස්, කොස් ඇට මාළුව වගේ විවිධ ආකාරයට කොස් පිළියල කරගන්න පුළුවන්. එසේම කොස් ගෙඩිය ඉදුනට පස්සෙ වැල වරකා විදියට රසවත් පළතුරක් අපිට ලබා දෙනවා. නමුත් වර්තමානය වන විට අපි අතරින් රස ගුණ පිරි කොස් වලට දක්වන ප්රියතාවය ඈත්ව යන බවක් දක්නට ලැබෙනවා. අද අපි ඔබට කියන්නෙ කොස් ගැන ඔබ දැන සිටිය යුතුම කාරණා කිහිපයක්. පාන් පිටි කෑමේ වැඩි වීම අතිවිශාලය. පාන් පිටි නැත් නම් තිරිඟු පිටි ලෙස අපට ලැබෙන්නේ තිරිඟු ඇටයේ කිසිම ගුණයක් නැති කොටසක් අඹරා එන පිටිය. ඒ නිසා පාන් පිටි ආශ්රිත ආහාරවලින් ශරීරයට උචිත මට්ටමේ පෝෂණයක් නොලැබේ. වෛද්යවරුන් පවසන ආකාරයට පාන් පිටි වැඩිපුර ආහාරයට ගැනීම දියවැඩියාව, අම්ල පිත්ත රෝගයට හා දරුවන්ගේ මොළේ වර්ධනය හීන වී...