කෙට්ටු වෙන්න කියලා හිතාගෙන දවස ගානේ බොන කස ඇටවල ගුණ , අගුණ දෙකම තියනවා කියලා දැනගෙන හිටියාද..? ඒ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න...
ගොඩක් දෙනෙක් කැමතියි ලස්සනට ඉන්න.. ඒ වගේම තමයි නිරෝගීව ඉන්න..
එහෙම ඉන්න කැමති කා අතරත් ප්‍රසිද්ධ දෙයක් තමයි කස ඇට කියන්නේ..
මේ කියන්න යන්නේ කස ඇට ගැන ඔබ දන්න දේ අතර සැඟවිච්ච නොදන්න කාරණා කීපයක් ගැන කතාවක්... තුල්සි ඇට basil seed කියන නම්වලිනුත් ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ඇටවලින් ලැබෙන වාසි අවාසි ගැන තමයි මේ කියන්න යන්නේ..
-යකඩ, කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රභවයක් වන බැසිල් බීජ 1 tablespoon දිනකට ගැනීමෙන් ඔබේ ආහාර වේලෙහි වැදගත් අඩුපාඩු පිරවීමට උපකාරී වෙනවා
-බැසිල් බීජ වල ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර එමඟින් ආහාර ජීර්නය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය, සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පාලනය සහ ආහාර රුචිය පාලනය කළ හැකිය.
-අර්ශස් වැනි රෝග තත්ව පාලනයට උපකාරි වෙනවා
-බැසිල් බීජ ප්‍රතිඔක්සිකාරක, ප්‍රති ආසාත්මිකතා , ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-පිළිකා ප්‍රතිලාභ ලබා දිය හැකි ෆ්ලේවනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වේ
-මෝර පෙති වලින් අපි ගන්න ඔමෙගා 3 කියන තෙල් වලින් පොහොසත්
-මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු කරනවා. ඒත් ගොඩාක් නෙමෙයි මාසයකට කිලෝ එකක් වගේ අඩු කරගන්න පුලුවන්.
#අවාසි
-වැඩියෙන් භාවිතා කිරීමෙන් ශරීරයේ අහාර ජීර්නය සම්බන්දව ගැටලු එන්න පුලුවන්.
-ලේ කැටි ගැසීමේ ගැටලු එන්න පුලුවන්
දැන් බලමු භාවිතා කරන්න ඕනි කොහොමද කියලා.
-ඕනිම super market එකකින් ගොඩක් අඩු මිලට ගන්න පුලුවන් දෙයක්. 100g රුපියල් 100ක් වගේ වෙන්නෙ.
කසකසා ඇට මේස හැදි එකක් වතුර කෝප්පෙකට දාලා fridge එකේ විනාඩි 15ක් තියන්න. Fridge එකක් නැත්නම් සීතල වතුරට දාලා වහලා තියන්න.
-විනාඩි 15 කින් මේ ප්‍රමානය 3 ගුනයකින් වගේ වැඩි වෙනවා.
-දවස ඇතුලත මේක බොන්න. ඔයාල බොන වතුර බෝතලේට දාලා බොන්න. නැත්නම් එක පාරම මේකම බොන්න. Faluda milkshake වලට කලවම් කරලා කැමති විදිහකට බොන්න පුලුවන්.
-BMI එක අඩු අය මේක භාවිතා කරන්න එපා.
-කුඩා දරුවන්ට දෙන්න එපා. අවුරුදු 10ක ලමයෙක්ට ඇගිලි තුඩට ගන්න ප්‍රමානයක් වගේ දවසකට දුන්නට කමක් නෑ. ඊට පොඩි ලමයින්ට දෙන්න එපා.
-Diet කරන අය ගත්තට කමක් නෑ.
-කෑම රුචිය අඩු කරන නිසා diet කරන අය කෑමට පෙර ගන්න.
-කිරි දෙන මව්වරුන් සහ ගැබිනි මව්වරුන් දවසට තේ හැදි බාගෙකට වඩා ගන්න එපා. හැමදාම ගන්නත් එපා සතියට 3 වරක් විතර ගන්න.
-Diet කරන අය ගත්තට කමක් නෑ.
-කෑම රුචිය අඩු කරන නිසා diet කරන අය කෑමට පෙර ගන්න.
-කිරි දෙන මව්වරුන් සහ ගැබිනි මව්වරුන් දවසට තේ හැදි බාගෙකට වඩා ගන්න එපා. හැමදාම ගන්නත් එපා සතියට 3 වරක් විතර ගන්න.
Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment