පෙර ආත්මයක, එක රාත්‍රියක මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ.... ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ සොඳුරු මතක ගොන්න..
ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) රාත්රියේදීයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.. කියවන්න මියයන විට ඔහු 64 හැවිරිදි වියේ පසුවුණා. ප්‍රියංකර පෙරේරා නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයා ද වනවා. මෙරට සංගීත ක්ෂේත්රයේ, විශේෂයෙන්ම කැසට් යුගයේ සහ 80 - 90 දශකවල අතිශය ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ ගායන ශිල්පියෙකු ලෙසයි ඔහු ජනප්‍රියත්වයට පත් වන්නේ. . සම්පූර්ණ විස්තරය පිය උරුමයෙන් ලද ගීත සිය මියුරු හඬින් සංගීත ලෝලීන්ට දායාද කළ ඔහු තවත් ගීත රැසකින් ශ්‍රාවක හදවත් පිනවූ ගායන ශිල්පියෙක්. එම ගීත අතර රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සිහින දෙව්දුවේ, පිස්සු විකාරේ, අගාධ සාගරයේ, සමාන වී ඉපදී දිවි තලාවේ සහ පෙර ආත්මයක එක රාත්‍රියක වැනි ගීත වනවා. ඔහුගේ දේහය අද (02) කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඔහුගේ බිරිද වන ප්‍රවී...