සිරුරේ තැන්පත් මේදය දිය කරන ආහාර
අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය එතරම් සුබදායක දෙයක් නොවෙයි. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගන්නට පුලුවන්.
මේ වන විට වෙළඳපොළේ මේද දහනය කරන සප්ලිමන්ට් ඕනෑ තරම් තිබෙනවා. ඒත් මේවා සැබැවින්ම ආරාක්ෂා කාරී ද යන්න ගැටලුවක්. එහෙත්, පරිවෘත්තීය ක්‍රියාවලට උපකාරී වෙමින් මේදය දහනය කරන ස්වාභාවික ආහාර කිහිපයක් ම තිබෙනවා. මේ කතාබහ ඒ ගැනයි.
බිත්තර
බිත්තර පෝෂණ ගුණයෙන් අනූන දෙයක් ලෙසයි සැලකෙන්නේ. හදවතේ සෞඛ්‍යයටත් බිත්තර බොහොම ගුණදායකයි. බිත්තරවල මේදය දහනය කිරීමේ හැකියාව තිබෙනවා. ආහාරයට බිත්තර අඩංගු කර ගැනීමෙන් අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් ද, කුසගිනි අඩු කිරීමක් ද ඇති කරන බව පර්‍යේෂකයින් පවසනවා. බිත්තරවල අඩංගු අධික ප්‍රෝටීන ප්‍රමාණය පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වීම ඊට හේතුවයි. සතියට බිත්තර පහක් දක්වා ආහාරයට ගන්නට ඔබට පුලුවන්.
අලිගැටපේර
HDL කොලෙස්ටරෝල් සහිත, තන්තුවලින් සහ පොටෑසියම්වලින් අනූන අලිගැටපේරවලට ඔබේ කුසට පිරුණු බවක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. එමෙන් ම අනවශ්‍ය මේද දහනයටත් අලිගැටපේරවලට හැකියාව තිබෙනවා. තරමක් කැලරි වැඩි ආහාරයක් නිසා ගෙඩියකින් 1/3ක ප්‍රමාණයක් දිනකට නිර්දේශිතයි.
මේද සහිත මාලු
අනවශ්‍ය මේදය දහනය කිරීමට හොඳම විසඳුමක් තමයි මේද සහිත මාලු. මාංශපේශි වර්ධනය කිරීමටත් මේ මාලුවලට හැකියි. ඔමේගා මේද අම්ල බහුල මේවා හදවතේ සෞඛ්‍ය සඳහා ද ගුණදායකයි. අනවශ්‍ය මේද දහනයට දිනකට මේද සහිත මාලු අවුන්ස හතරක් ප්‍රමාණවත්. මේ සඳහා සැමන් (Salmon) මාලු වඩාත් යෝග්‍ය වනවා. මේ සැමන් මාලු යනු ටින් කළ මාලු නොවෙයි.
ඔලිව් තෙල්
මෙලොව ඇති සෞඛ්‍ය සම්පන්න ම තෙල් වර්ගයක් ලෙස සැලකෙන ඔලිව් තෙල්වලට HDL කොලෙස්ටරෝල් උත්තේජනය කිරීමෙ හැකියව තිබෙනවා. එමෙන් ම GLP 1 හෝමෝනය උත්තේජනය කරමින් කුස පිරුණු බවක් දැනෙන්නට හැකියාව තිබෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලියට මනා සේ උපකාරී වන ඔලිව් තෙල්වලට මේද දහනයටත් උපකාරී වෙන්න හැකියාව තිබෙනවා. දිනකට තේ හැඳි දෙකක් ලබා ගැනීම ප්‍රමාණවත්.
සම්පූර්ණ යොදය සහිත ග්‍රීක් යෝගට්
සම්පූර්ණ යොදය සහිත ග්‍රීක් යෝගට් ඉතාම ගුණදායක ආහාරයක්. ප්‍රෝටීන්,පොටෑසියම් සහ කැල්සියම්වලින් අනූනයි. ප්‍රෝටීන් අධික ආහාරවලට මේදය දහනය කිරීමේ හැකියාව ඇති බවයි පර්‍යේෂකයින් පෙන්වා දෙන්නේ. දිනපතා සම්පූර්ණ යොදය සහිත ග්‍රීක් යෝගට් කෝප්පයක් ආහාරයට ගැනීම මේ සඳහා සුදුසුයි.
ඇපල් සයිඩර් විනාකිරි
පුරාණ ජන විශ්වාසයන්ට අනුව ඇපල් සයිඩර් විනාකිරි විවිධ අත් බෙහෙත්වලට ගන්නා අතර ඒවා සාක්ෂි සහිතව ම වර්තමානයේදීත් ඔප්පු කළ හැකියි. විනාකිරිවල ඇති ඇසිටික් ඇසිඩ්වලට මේද දහනය කිරීමේ හැකියාව තිබෙනවා. දිනකට ආහාර වේලට විනාකිරි මේස හැඳි දෙකක් යොදා ගැනීම ප්‍රමාණවත්.
ග්‍රීන් ටී
යහපත් සෞඛ්‍යයට ග්‍රීන් ටී කියන්නෙ බොහොම හොඳ පානයක්. ග්‍රීන් ටී හදවතේ සෞඛ්‍යයට මෙන් ම පිළිකා පාලනයත් හොඳ විසඳුමක් ලෙස සැලකෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ග්‍රීන් ටීවලට මේදය දහනය කරන්නට ඇති හැකියාව ඉතා ඉහළයි. එහෙත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව තවත් පිරිසකගේ මතයයි. ග්‍රීන් ටී කෝප්ප දෙකක් දිනකට සෑහෙනවා.
අහිතකර මේද දහන සප්ලිමන්ට් භාවිතා නොකර ස්වභාවික ආහාරවලින් මේද දහනයට උදව් ගන්නට දැන් ඔබට හැකියාව තිබෙනවා. නිසි ව්‍යයාම් සමග මෙම ආහාර ගැනීමෙන් ඔබට පහසුවෙන් ම අනවශ්‍ය මේද දහනය කරගන්නට හැකි වෙනවා.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්
Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment