සිරුරේ මේදය දහනය කරන , පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගු සුපිරි කැඳක්...

 

විස්මිත ගුණ දෙන සුපිරි කැඳක් ගැනයි මේ කියන්න හදන්නේ... 


රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ පුදුම තරම් වටිනවා... එය ඔබේ නීරෝගී දිවියට ආශිර්වාදයක් වගෙයි.. කරපිංචා කියන්නේ දිව්‍ය ඖෂධයක් ... අපේ ගෙවතුවල නිතරම දකින්න තිබෙන කරපිංචා මේ තරම් ගුණයි කියලා ඔයා දැනගෙන හිටියාද ?

කරපිංචා වල ගුණ

කොලෙස්ටරෝල් පාලනය කරයි.

හෘද රෝග පාලනය කරයි

යකඩ අඩංගුයි

ඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.

පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි .

කැඳ සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය:

කරපිංචා ග්‍රෑම් 400

කැකුළු හාල් ග්‍රෑම් 100

සුදු ළූනු බික් කිහිපයක්

ඉඟුරු පෙත්තක්

වතුර කෝප්ප 3

පොල් කිරි කෝප්ප 2

රතු ළුණු ගෙඩි හතරක්

ලුණු අවශ්‍ය පමණ

සාදන අයුරු:

හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න.

හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැකියි.

රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් බොහෝ රෝග වැළඳීම අඩු කරවා ගන්නටත් හැකියි.

අන්තර්ජාලයෙන්... 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්