ඔයත් කොලෙස්ටරෝල් නිසා බයෙන් හිටියාද..? මෙන්න එහෙනම් ඒ ලෙඩේ මට්ටු කරන ඖෂධ ගුලිය...


 සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන..

සිරුරේ නීරෝගීතාවය ගැන අපි නිතර දෙවේලේ සැලකිලිමත් වෙන්න ඕන..

ඒත් සමහර අයගේ කෑම රටා ඇතුලෙ නම් ඒ ගැන සැලකිලිමත් වන බවක් දැක ගන්න ලැබෙන්නෙම නැහැ..
 
කොලෙස්ටරෝල්, මේ කාලයේ ගොඩක් දෙනෙක් කතාබහ වන රෝගයක්.. කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය ලෙස වැඩි වීම හෘදයාබාධ, ආඝාතය වැනි බොහෝ රෝගයන්ට හේතු පාදක වන බව අපි හැම කෙනෙක්ම දන්නවා..

ඉතින් ඔබත් නිතර නිතර ගැඹුරු තෙලේ බැදපු කෑම කනවා නම් චීස්, බටර්, මස් වර්ග නැතුවම බැරි අයෙක් නම් ඇඟත් හරියට වෙහෙසවන්නේ නැත්නම් ඇත්තටම ඔයා දැනටමත් ඉන්නේ ලොකු අවදානමක.

කොලෙස්ටරෝල් මට්ටම වැඩි, නොවැඩි මේ හැම කෙනෙකුටම එකසේ භාවිතා කළ හැකි අපේ දේශීය වෙදකම, ආයුර්වේදය තුළ එන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් හදාගන්න හැටියි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ. දැනටමත් ඔබ කොලෙස්ටරෝල් වලට ඖෂධ ලබාගන්නා අයෙක් නම් එම ප්‍රතිකාර සමඟ ද මෙම ඖෂධය කිසිම ගැටළුවකින් තොරව ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්..

ඒ විතරක් නෙවෙයි නිරෝගී ඔබත් මෙය කෑමට ගත්තොත් අනාගත‍යේ කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානමින් පහසුවෙන් මිදී සිටිය හැකියි..

මෙය අපිට ආකාර දෙකකට පිළියෙල කරගත හැකියි. එම ක්‍රම දෙකම අපි මෙහි දක්වා තිබෙනවා. ඔබ කැමති එක් ආකාරයකට එය පිළියෙල කරගන්න..

පළමු ඖෂධ පන්තිය


අවශ්‍ය ද්‍රව්‍ය :-

කරපිංචා
සුදුළූණු ලොකු ගෙඩියක්
උළුහාල්
කුරුඳු පොතු
ගොරකා කෑලි 03 ක්

සාදාගන්නා ආකාරය :-

පළමුව උළුහාල් සහ ගොරකා වතුරේ දමා පොඟවා ගන්න. එයට වතුර ස්වල්පයක් මුසුකර මෙම සියල්ල බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩරයක් නොමැති නම් කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කරන්න. මෙය තලපයක් සේ පිළියෙල කරගන්න.

දෙවන මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය :-

උළු හාල්
සියඹලා දළු
කළුදුරු
කරපිංචා
ගොරකා
සුදුළූණු

සාදාගන්නා ආකාරය :-

ඉහත ද්‍රව්‍ය සියල්ලම ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගන්න.

මෙලෙස සාදාගත් ඖෂධ ගුලියෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් දිනකට ආහාර සමඟ ලබාගන්න. මෙම අඹරාගත් ගුලිය ශීතකරණයක වුවද තබා භාවිතයට ගත හැකියි.

ඔබ දැනටමත් කොලෙස්ටරෝල් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්. ඔබට කොලෙස්ටරෝල් ගැටළුවක් නොමැති වුවත් සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් අනාගතයේ ඇතිවන කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදී සිටිය හැකියි.

මුහුණුපොත ඇසුරෙන්..
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්