වකුගඩු දුර්වල වෙලාද හඳුනාගන්නේ මෙහෙමයි...

වකුගඩු කියන්නේ මිනිස්සු වුණු අපිට ඉතාමත් වටිනා අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකට.. යම් හේතුවක් නිසා එවැනි අවයවයක ක්‍රියාකාරීත්වය අඩාළ වුනොත් එය ඔබේ මුළු ශරීරයම ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙන්ම ජීවිත හානියක් ඇති කිරීමේ තත්ත්වයක් කෙරෙහි පවා වර්ධනය වෙන්නට පුළුවන්. අපිට ඇතිවන යම් යම් රෝග ලක්ෂණ හරහා මෙවැනි තත්ත්වයන් කල්තියාම හඳුන්වා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වී ඇති බවට හැඟවෙන ලක්ෂණ ගැනයි අද අපි ඔබට තොරතුරු කියන්න සූදානම් වෙන්නේ... ඔබේ වකුගඩු මඟින් ඔබේ රුධිරය පෙරා ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඔබේ මුත්‍රා හරහා ශරීරයෙන් ඉවත් කරවනවා. මේ ක්‍රියාවලිය නිසියාකාරව සිද්ධ නොවෙන විට වකුගඩු අකර්මණ්‍ය වීම සිදු වෙනවා. වකුගඩු වල සෞඛ්‍යය කෙරෙහි බලපාන සාධක කිහිපයක්ම තිබෙනවා. එනම් , සමහර නිදන්ගත රෝග පාරිසරික දූෂණයන් වලට නිරාවරණය වීම විජලනය වකුගඩු වලට ප්‍රමාණවත් තරම් රුධිරය ප්‍රවාහය නොවීම මත්ද්‍රව්‍ය සහ මත් පැන් අධික ලෙස භාවිතය වකුගඩු දුර්වල වී ඇති බවට හැඟවෙන ලක්ෂණ මොනවාද ? මුත්‍රා පිළිබඳව ගැටලු නිරෝගී වකුගඩු මඟින් මුත්‍රා නිපදවීම සඳහා රුධිරය පෙරීම සිදු කරනවා.වකුගඩු හොඳින් ක...