හීල් බත් කන අයට ඉහළ පෝෂණ ගුණයක් ලැබෙන්නේ මෙහෙමයි

 

හීල් බත් හදලා උදේම කෑම ගම්වල තවමත් දකින්නට ලැබෙන දෙයකි. සමහරු ‘හීල් බත්’ කී විට එය නොදන්නවා වන්නටත් පුළුවන.  විශේෂයෙන් කොළඹ හැදුණු අය එසේ විය හැකියි. නමුත් අපේ අම්මලා හීල් බත් හදලා කන්න දුන්නු නිසා ගොඩාක් නිරෝගීව සිටි කතාව දන්නෙත් නැති වන්නට පුළුවන. අප අද කියා දෙන්නේ හීල් බතේ ගුණ ගැන නිසා එය ඔබ හොඳින් සිහියට ගත යුතුවීම වැදගත්ය.  එසේම…

පාරම්පරික සහල්වල ඇති ඔෟෂධීය වටිනාකම අද බොහෝ දෙනෙක් නොදනිති. එයට හේතුව ආහාරයක ඔෟෂධීය ගුණ සහ එහි පෝෂණ වටිනාකමද ඉතා පහත් මට්ටමකට වැටී තිබීමය. බැලූ බැලූ සිවු දෙසම ඇත්තේ පෝෂණය වැඩි යැයි පවසමින් වෙළෙඳ ව්‍යාපාරිකයන් ගෙන යන රැවටිලි සහ මිථ්‍යා මතය. පෝෂණය වැඩි බව පවසමින් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ රෝග – සංකූලතා ඇති කරන ආහාරයන්ය. මාධ්‍යයන් පුරා ලක්ෂ ගණන් වැය කරමින් දැන්වීම් ප්‍රචාරය කරමින් ඔවුහු ආහාර පිළිබඳව මිථ්‍යා පෝෂණය

හුවා දක්වති. පුවත්පත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ද සිදුකරනුයේ මෙයයි. පාන් පිටි යෙදූ ආහාර ඉතා ගුණාත්මක බව පෙන්වයි. මස් අධික, තෙල් සහිත ආහාර ගුණාත්මක බව පෙන්වයි. කිරිපිටි සහ ඒවායේ ගුණ ඉතා වැඩි බව ප්‍රකාශ කරයි. සොසේජස්, පැණි බීම, කෝඩියල් ගුණයෙන් අනර්ඝ බව කියයි. මිනිසුන්ගේ මනස සම්පූර්ණයෙන් මොට සහ විකෘති කර තිබේ.

බොහෝ දෙනකු හට මේ පිළිබඳව දැන ගැනීමට ඇවැසි වුවද දැන ගැනීමේ මූලාශ්‍ර නොමැත. නමුත් මේ අයුරින් හෝ පාරම්පරික සහල් පිළිබඳ දැනුවත් වීමෙන් පාරම්පරික ඔෟෂධීය සහල්වල වටිනාකම හඳුනාගන්න. එසේම වගකිවයුතු නිලධාරීන්ගේ කාර්යභාරයද මීට වඩා වගකීම් සහිත විය යුතුය. මෙම පාරම්පරික සහල්, ඔෟෂධීය කැඳ, දේශීය එළවළු සහ පලතුරු ගැන මිනිසුන් දැනුවත් කළ යුතුය. දේශීය පාරම්පරික සහල් වගාව ප්‍රායෝගිකව සිදුකළ යුතුය. දේශීය පාරම්පරික සහල් වගා සිදු කරන්නන් දිරිමත් කළ යුතුය. මාධ්‍ය මඟින් මේ පිළිබඳව කතා කළ යුතුය. පාන් පිටි වෙළෙඳ ප්‍රචාරණය නවතා, දේශීය ආහාරවල ගුණ පිළිබඳව මිනිසුන් දැනුවත් කළ යුතුය.

හීල් බත් ඉතා ගුණදායකය

හීල් බත් යනු පෙර දින රාත්‍රි පිස ගන්නා බතෙන් උදේට ඉතිරි වන කොටසයි. දිය බත් යනු රෑ ඉතිරි වන බත් දංකුඩයට වතුර දමා, පොල් සහ ලියාගත් රතු ලූනු ආදිය දමා ආහාරයට ගැනීමයි. දිය බත් සාදා ගනුයේ හීල් බතෙනි. හීල් බත්වල අධික පෝෂණ ගුණයක් ඇත. හීල් බත්වල B විටමින් සහ ඛ් විටමින් අධිකය. වාතයේ අවට සිටින යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවීන් හීල් බත් මත ක්‍රියා කර එහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. මෙම පැසීමේ ක්‍රියාවලියේදී හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා B විටමින් සහ C විටමින් වැඩිපුර නිපදවේ. මේ නිසා හීල් බත් යනු B විටමින් සහ C විටමින් බහුල ආහාරයකි.

ඉතිහාසයේ පටන්ම හීල් බත් ඉතා ගුණදායක ආහාරයක් බව අපගේ මුතුන්මිත්තෝ දැන සිටියහ. බොහෝ රෝග සඳහා හීල් බත් ඉතා ගුණදායක බව ඔවුහු දැන සිටියහ. ඔවුනට විටමින් උෟනතා ඇති නොවූයේ මේ නිසාය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා ශරීරයට අවශ්‍ය විටමින් B මේ හරහා ලැබේ. මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මස්, මාළු වැනි සත්ත්ව ආහාරවලින් ලබා ගත යුතු විටමින් B හීල් බත් හරහා ලබා ගත හැකිය. මෙය අද සිටින බොහෝදෙනා නොදන්නා කරුණකි.

සාමාන්‍යයෙන් හීල් බත් හොඳින් ජීර්ණය වේ. හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇති නිසා ආහාරයේ ඇති වෙනත් පෝෂක සංඝටක ජීර්ණය කිරීමේ හැකියාවද මෙම හීල්බත්වල ඇත. සාමාන්‍යයෙන් ජීර්ණය කිරීමට අපහසු පෝෂක කොටස් පහසුවෙන් ජීර්ණය කිරීමේ හැකියාව හීල් බත්වල ඇත.

රෝග වළක්වාලීමේදී ආහාරයක මෙම ගුණාංග අන්තර්ගතව තිබීම ඉතා වැදගත් වේ. දියැවැඩියාව, හෘදයාබාධ, පිළිකා, කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වාලීමේදී ආහාරයේ ඇති මෙම සක්‍රිය ස්වභාවය ආහාරයේ ඔෟෂධීය ගුණ ඉහළ දමයි. කිසිදු වියදමක් නොමැතිව මෙසේ ලබාගත හැකි පෝෂණ ගුණ සමූහයක් නොදැනුවත්කම නිසා හෝ වුවමනාවෙන්ම බොහෝදෙනෙක් ඉවත දමති. මේ නිසා මේ පිළිබඳව අප දැනුවත් විය යුතුය. සෑම ගෙදරකම පාහේ මෙම ආහාර කොටස (රාත්‍රියේ බත්) ඉතුරු වේ. මේ නිසා හීල් බත්වලින් මෙම පෝෂණීය ආහාරය සාදා ගැනීමට සැවොම පුරුදු විය යුතුය. මේ පිළිබඳව සමහරුන්ට ඇත්තේ ලැජ්ජාවකි. එය එසේ නම් පෝෂණ ගුණය ගැන සිතා හීල් බත් කෑමට පුරුදු විය යුතුය.

විශේෂයෙන් දේශීය සහල් වර්ගයක් පාරම්පරික සහලක් හීල් බත් හදා ගන්නට යොදා ගන්නවා නම් එය බෙහෙවින් ගුණදායකය. සහල් හිඟ මේ කාලයේ සහල් බිඳක් සොයා පෝලිම් ගානේ විඳවන්නට වූ මෙකල එසේ සහල් තෝරා බේරා ගැනීමද දුෂ්කරය. ඔබට හැකි පමණින් රතු සහල්වලින්ම හීල් බතක් හදාගන්නේ නම් මැනවි.

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්