ඉවත දමන කෙසෙල් ලෙල්ලෙන් ඔබේ මුහුණේ දීප්තිය වැඩිකරගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද..?


 ලස්සන වෙන්න කැමති ඔයාට හිතනවාට වඩා ලේසියෙන් ඉක්මනින් දැන් ලස්සන වෙන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.. 


ඉදුණු කෙසෙල් ලෙල්ලක විටමින් C, E සහ ප්‍රතිඔක්සිකාරක නිසා සම දීප්තිමත් කිරීමට මෙය බෙහෙවින් බලපානවා..

මේ සඳහා බෙහෙත් ගසා ඉදවන කෙසෙල් ලෙලි නොගෙන හැකි තරම් තම ගෙවත්තේ වගා කර ගන්න කෙසෙල් ලෙලිම භාවිතා කරන්න..

ප්‍රයෝජන :-
සමේ දැවිලි ගති නැති කරයි,
වයසට යෑමේදී ඇති වන රැලි වැටීම් නැති කරයි,
සමේ ඇතිවන ඉදිමුම්, රතු වීම්, අව්වට පිළිස්සුම් අවම කරයි,
මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇතිවන කැසීම් සහ වේදනාව අඩු කරයි,
මැරුණු සම ඉවත් කර දීප්තිමත් නිරෝගී සමක් ලබා දේ

උඩු අතට කවාකාරව මේ කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණේ හෝ ශරීරයේ ඕනෑම ස්ථානයක හොදින් අතුල්ලන්න පුළුවන්, මේ සඳහා වැඩි තෙරපුම් බලයක් යෙදීම අනවශ්‍යයි..

මුහුණේ හෝ ශරීරයේ මැරුණු සම ඉවත් කිරීමට..
මේ සත්කාරය සතියකට දවසක් පමනක් කර විනාඩි පහකින් පමණ සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න, යමෙකුට සාමාන්‍ය වතුරෙන් සේදීම ප්‍රමාණවත් මදි නම්, මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කළ හැක. මෙය ඉවත් කිරීම සඳහා සබන් හෝ වෙනත් කිසිඳු ද්‍රව්‍යයක් භාවිතා කිරීම අනවශ්‍යයි..

ඇස් යට රැලි වැටීම් සහ අඳුරු පැහැ නැති කිරීම සඳහා සතියකට දින තුනක් කෙසෙල් ලෙල්ල අවශ්‍ය හැඩයට කපා විනාඩි 5 ක් පමණ කාලයක් ශීතකරනයේ තබා එළියට ගෙන ඔබ විවේකිව සිටින කාලයේ එය ඇස් යට මද වේලාවක් තිබෙන්නට හරින්න

ඔබත් අදම උත්සාහ කර වෙනස වටහා ගන්න..

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්