Posts

Showing posts from May, 2025

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල බව පෙන්වන සංඥා 7 ක්

Image
  ඔබේ ශරීරයට ආසාදන සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය ඉතා වැදගත් වෙනවා. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මෙම සලකුණු සහ රෝග ලක්ෂණ අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ එ නිසයි. එමගින් ඔබට නියමිත වේලාවට ඒ සඳහා පිළියම් කරන්න පුලුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුදු රුධිරාණු, වසා ගැටිති සහ ප්‍රතිදේහ වලින් සෑදී ඇති අතර බාහිර ආසාදන සමඟ සටන් කිරීමට ශරීරයට උපකාරී වෙනවා. වෛරසය සමඟ කටයුතු කිරීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත්කම කොවිඩ් -19 අපිට මතක් කර දුන්නා. නමුත් ඔබට දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබේ නම් කුමක් කරන්න ද? දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සලකුණු කිහිපයක් මෙන්න: 1. ඉහළ මට්ටමේ ආතතිය දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක පළමු සංඥාව වන්නේ ආතතියයි. ඔබ දිගු කලක් තිස්සේ ඔබේ ආතති මට්ටම නොසලකා හැරියහොත්, එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඵලදායීතාවය අඩු කරන්න බලපනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන ශරීරයේ සුදු රුධිරාණු හා වසා සෛල ප්‍රමාණය අඩු කරනවා. මේවා වලින් සෙම්ප්‍රතිශ්‍යාව සහ පාචනය වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ද එය අඩු කරනවා. අධික කෙන්තියද දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බව පෙන්නුම...

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සඳහා නුසුදුසු ආහාර වර්ග 7ක්

Image
  ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය, හෘද ස්පන්දනය, වර්ධනය, අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය සඳහා ආදි තවත් බොහෝ දෑ සඳහා අත්‍යවශ්‍ය හෝමෝන වර්ග නියාමනය කරනු ලබන හෝමෝන උත්පාදනය තයිර්‍රොයිඩ් ග්‍රන්ථිය මගින් සිදුකරනු ලබනවා.. එමනිසා මෙම ග්‍රන්ථිය අකර්මන්‍ය වීමේන් සෞඛ්‍යය ගැටළු රාශියක් ඇතිවනවා. තයි‍රොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ප්‍රධාන වර්ග 2ක් තිබෙනවා.. 1. hypothyroidism - මෙහිදී තයිර්‍රොයිඩ් ග්‍රන්ථිය මගින් ප්‍රමාණවත් පරිදි හෝමෝන නිපද නොවන අතර මෙය රෝගයේ ප්‍රාථමික අවස්ථාව ලෙස හැඳින්විය හැක. එමෙන්ම මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් තයිරොයිඩ් හෝමෝනය මුදා හැරීම සඳහා අවශ්‍ය වැදගත් පණිවුඩ තයිරොයිඩ් ග්‍රන්ථියට යැවීමට අපොහසත්වීම මෙම රෝගයේ ද්විතියක අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. මෙම අවස්ථා දෙකෙහිදිම බර වැඩිවීම, තෙහෙට්ටුව, මානසික අවපීඩනය සහ සීතල වැඩිවීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකියි. 2. hyperthyroidism - තයි‍රොයිඩ් ග්‍රන්ථිය මගින් අධික ලෙස හෝමෝන නිකුත් කිරීම hyperthyroidism ලෙස හඳුන්වනවා. රෝග ලක්ශණ ලෙස බර අඩුවීම, චංචල ස්වභාවය, නොසන්සුන්වීම, උණුසුමක් දැනීම සහ හෘද සඵන්දනය අක්‍රමවත් වීම දැකිය හැකියි. තයි...

දිනපතා නෙල්ලි අනුභව කිරීමෙන් අධික තරබාරුව අඩු කර ගන්නේ මෙහෙමයි

Image
  නෙල්ලි කියන්නේ විවිධ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි ආහාරයක්. නෙල්ලි වල ඇති මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය අපිට ලබා දෙනවා. ඒ අතර බර අඩු කර ගැනීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් නෙල්ලි අපිට උපකාරී වෙනවා. කොරෝනා වෛරසය සඳහා තවමත් ස්ථීර එන්නතක් සොයාගෙන නැති නිසා අපිව ආරක්ෂා කර ගන්න පුලුවන් එකම ක්‍රමය වන්නේ අපේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තබා ගන්න උත්සහ කරන එකයි. අද හැඩකාරී අපි ඔයාට දිනපතා නෙල්ලි අනුභව කරනකොට ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙන්නම්. නෙල්ලි ඔයාගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වනවා පමණක් නෙමෙයි, ශරීරයේ අමතර බර අඩු කිරීමටද උපකාරී වෙනවා. සමට සහ හිස කෙස් වලට ඉතා ගුණදායක ඖෂධමය පළතුරක් වෙන නෙල්ලි ඔයාගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කිරීමට ද ක්‍රියා කරනවා. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලි වලට හැකියාවක් පවතිනවා. තවද හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි කියන්නේ හොඳ ඔසුවක්. නෙල්ලි වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ  - නෙල්ලි විවිධ විටමින්, ඛනිජ හා තන්තු වලින් පොහොසත් නිසා නිරෝගී දිවියක් ගත කිරීමට උපකාරී වෙනවා. - අඩු කැලරි ප්‍රමා...

සමන් පිච්ච වලින් ලැබෙන ගුණ

Image
 දත් මුල් දියවීම වළකන සමන්පිච්ච සත්කාරය  සමන්පිච්ච මල් යනු මල් අතර සුවඳම මල් වර්ගයයි. ගෙවතු ආශ්‍රිතව බහුලව වගා කරන බහුවාර්ශික කාෂ්ඨිය වැල් විශේෂයක් ලෙස සමන් පිච්ච හඳුනාගත හැකිය. සමන්පිච්ච  පත්‍ර සහ අතු තද කොළ පැහැයක් ගනු ලබන අතර පක්ෂවත් පත්‍ර සම්මුකව පිහිටා තිබේ. මල්වල පැහැය අනුව පිච්ච වර්ග කිහිපයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සෞම්‍ය කලාපවල සුලබව දැකිය හැකි වුවද වියළි ප්‍රදේශවල එතරම් සරුවට නොවැඩේ. ආයුර්වේද ප්‍රතිකාර සඳහා බහුලව සමන්පිච්ච මල්, කොළ ,මුල් භාවිතා කරනු ලබයි.එමෙන්ම ගෙවතු අලංකරණයට මෙන්ම නිවසට සශ්‍රිකත්වය පිච්චි මල් මගින් ලබාගත හැකිය.   සමන්පිච්ච වැලෙහි ඖෂධීය භාවිතයට   • දන්ත රෝග සමනයට  • මුඛ රෝග සමනයට  • චර්ම රෝග වන දද කුෂ්ට වණ වලට මුත්‍රා අඩස්සියට   • සෙම් රෝග වලට  • ඉරුවාරදයට   • කන් කැක්කුමට   • ආර්ථවයේදී  ඇතිවන සංකූලතා සමනයට   • දියවැඩියා රෝග සමනයට   • අක්ෂි රෝගවලට   • මතක ශක්තිය වර්ධනයට   • විසබීජ නාශනයට   • රූපලාවන්‍ය සත්කාර වලට   •...

සිරුරේ තැන්පත් මේදය දිය කරන ආහාර

Image
  අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය එතරම් සුබදායක දෙයක් නොවෙයි. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගන්නට පුලුවන්. මේ වන විට වෙළඳපොළේ මේද දහනය කරන සප්ලිමන්ට් ඕනෑ තරම් තිබෙනවා. ඒත් මේවා සැබැවින්ම ආරාක්ෂා කාරී ද යන්න ගැටලුවක්. එහෙත්, පරිවෘත්තීය ක්‍රියාවලට උපකාරී වෙමින් මේදය දහනය කරන ස්වාභාවික ආහාර කිහිපයක් ම තිබෙනවා. මේ කතාබහ ඒ ගැනයි. බිත්තර  බිත්තර පෝෂණ ගුණයෙන් අනූන දෙයක් ලෙසයි සැලකෙන්නේ. හදවතේ සෞඛ්‍යයටත් බිත්තර බොහොම ගුණදායකයි. බිත්තරවල මේදය දහනය කිරීමේ හැකියාව තිබෙනවා. ආහාරයට බිත්තර අඩංගු කර ගැනීමෙන් අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් ද, කුසගිනි අඩු කිරීමක් ද ඇති කරන බව පර්‍යේෂකයින් පවසනවා. බිත්තරවල අඩංගු අධික ප්‍රෝටීන ප්‍රමාණය පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වීම ඊට හේතුවයි. සතියට බිත්තර පහක් දක්වා ආහාරයට ගන්නට ඔබට පුලුවන්. අලිගැටපේර HDL කොලෙස්ටරෝල් සහිත, තන්තුවලින් සහ පොටෑසියම්වලින් අනූන අලිගැටපේරවලට ඔබේ කුසට පිරුණු බවක් ලබා දෙන්නට හැකියාව තිබෙනවා. එ...

කොලෙස්ටරෝල් පාලනය කරන්න මේ කැඳ වලින් පුළුවන් කියලා දැනන් හිටියද?

Image
  බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ.  කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් . අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා.  නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය  ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා. මේ විදිහට කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීමේදී රුධිර නාල සිහින් වනවා. ඉන් පසුව ශරීරයේ අවයව වලට රුධිරය සපයන එක ක්‍රමයෙන් අඩාල වෙන්නට පටන් ගන්නවා. ඒ ආකාරයට සිහින් වී තිබෙන රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය සැපයීම සම්පූර්ණයෙන්ම නතර වීමේ හැකියාවත් තියෙනවා. මේ ආකාරයට හෘදයට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් සිරවීමක් සිද්ධ වුනොත් තමයි හෘදයාබාධයක් ඇතිවීම සිදුවන්නේ.ඒ වගේම මේ ආකාරයට මොළයට රුධිරය සැපයීම නතර වුවහොත් අංශභාගය වැනි තත්ත්වයන් පවා ඇති වන්නට පුළුවන්. ඉතින් අද අපි මේ ලිපියෙන් ඔබට කියන්නට සූදානම් වෙන්නේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්නට පුළුවන් කැඳ වර්ගයක් නිවසේදීම පහසුවෙන් සකස් කරගන්නා...

පෙනහළුවල විෂ ඉවත් කරන ස්වභාවික ක්‍රම 8ක්

Image
  අප ආශ්වාස කරන වාතය විවිධ වර්ගයේ දූෂක වලින් දූෂිත වී තිබිය හැකියි. මේවා පෙනහලු වලට ඇතුළු වී ඔබ වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටුකරන පෙනහලු වල විවිධ රෝග තත්ත්වයන් ඇති කිරීමට ඉඩ තිබෙනවා. පෙනහළු යනු බොහෝ දුරට ස්වයං පිරිසිදු කිරීමේ අවයවයකි.එම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ මට්ටමකින් ක්‍රියා කිරීමට උපකාරී වීම සඳහා අපට කළ හැකි සමහර දේවල් ද තිබෙනවා. අද අපි කතා කරන්නේ පෙනහලු වල ඇති විෂ ඉවත් කරන ස්වාභාවික ක්‍රම කිහිපයක් පිළිබඳවයි  නිවසේ ඇති කෘතිම සුවඳකාරක ඉවත් කරන්න මෙය බොහෝ දෙනෙක් නොසිතන කාරණාවක්. ඔබ නිරන්තරයෙන් ම ඔබගේ නිවසේ වාතාශ්‍රය හොඳින් පවත්වාගෙන යාම සඳහා එයාර් ෆ්‍රෙශ්නර් , ඉටිපන්දම් වර්ග හෝ වෙනත් සුවඳ සුවඳ කාරක වර්ග භාවිතා කරනවා ඇති. කෙසේ වෙතත් මෙවැනි කෘතිම සුවඳකාරක වල පෙනහලු වල විවිධ ආසාදන තත්ත්වයන් සහ රෝග තත්ත්වයන් ඇතිකළ හැකි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ නිසා එවැනි කෘතිම සුවඳ කාරක භාවිතය අවම කිරීම හෝ නතර කර දැමීම ඉතාම සුදුසුයි  හැකි සෑම අවස්ථාවකම නැවුම් වාතය ලබා ගන්න  මෙය ඔබේ පෙනහලු වල ඇති විෂ ඉවත් කර ගැනීමට ගත හැකි හොඳම පියවරක්. බොහෝ විට උදෑසන කාලයේ හෝ අළුයම්...

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

Image
  බොහෝ දෙනාට පිපිඤ්ඤා යනු එතරම් රසයක් නොමැති ජලය වැඩිපුර අඩංගු ආහාරයක් පමණයි.. බොහෝ දෙනා එය එළවලුවක් ලෙස සැලකුවත් ඇත්ත වශයෙන්ම පිපිඤ්ඤා යනු පළතුරක් වන අතර ඊට අමතරව එය පෝශණයෙන් පිරී ඇත. මේදය රහිත ඉතා අඩු කැලරි දර්ශකයක් සහිත පිපිඤ්ඤාවල ජලය බහුලව අඩංගු වන බැවින් සිරැර වියළීමෙන් තොරව පවත්වා ගැනීමටත් බර අඩුකර ගැනීමටත් උපකාරි වනවා. එමෙන්ම පිළිකා රෝග, දියවැඩියාව සහ හෘද රෝගවලින් පවා යම් ආරක්ෂාවක් ලබාදීමට එයට හැකියි.. දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න.. ලෙඩ රෝග වලින් ආරක්ෂාව ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු බැවින් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඔක්සිකාරක හානි වළක්වා ගත හැකියි. එමෙන්ම දිනපතා ආහාරයට ගැනීමෙන් ප්‍රබල ෆ්ලේවනොයිඩ් සහ ටැනින් ප්‍රභේදය ඉහළ නැංවීම සිදුවනවා. හෘද හා පෙනහළු ගැටළු, පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත රෝග වලින් ආරක්ෂාව සලසනු ලබනවා. සිරැර සජලීයව තැබීම දිනකට ජලය වීදුරු 8ක් පානය කල යුතු බව දැන සිටියත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බොහෝ දෙනාට නොහැකි වනවා.. නමුත් ජලය යනු ශාරිරයේ උෂ්ණත්වය නියාමනය...

දවස් හතෙන් බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පාන වර්ග 05 ක්

Image
  අද ගැහැණු, පිරිමි භේදයකින් තොරව හැමෝටම තියෙන එක් ගැටළුවක් තමයි අදික තරබාරු බව. අක්‍රමවත් ආහාර රටාව, සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය නොකරීම වගේම ව්‍යායාම්වලින් තොර ජීවන රටාව නිසා අද ගොඩක් දෙනෙක් ශාරීරික වශයෙන් දුර්වල තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ගොඩක් දෙනෙක්ට අද තියෙන ප්‍රශ්ණයක් තමයි සිරුර තරබාරු බවට පත්වී උදරය ඉදිරියට නෙරා ඒම. ඔයත් සමහර විට මේ ගැටළුව නිසා අපහසුතාවට පත් වෙලා ඇති. පමණට වඩා ඔයාගේ සිරුර මහත් වුණාම ඔයා කොචච්ර ලස්සනට ඇඳුමක් ඇන්දත් වැඩක් නම් නෑ. ගොඩක් වෙලාවට සිරුර අධික ලෙස තාරබාරු වීමෙන් පපුව, උදරය සහ කලවා වැනි ස්ථානවල තමයි වැඩිපුර මේදය තැන්පත් වෙන්නේ. මේ නිසා ඔයාගේ සිරුරේ හැඩය නැති වෙලා ඔයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද හැඩකාරී ඔයාට ඔයාගේ උදරය ඉදිරියට නෙරා ඒම එහෙමත් නැතිනම් ඔයාගේ බඩ අඩු කර ගන්න පුළුවන් විශ්මිත පාන වර්ග කිහිපයක් ගැන කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ බඩ අඩු කරන්න පුළුවන් ඒ පාන වර්ග මොනවාද කියලා. ලෙමන් සහ සව් ලෙමන් මගින් මේදය දහනය කරනවා කියලා ඔයා දන්නවානේ. ඒ විතරක් නෙමෙයි වෛරස් හා විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකිය...