ඔයාටත් කොලොස්ට්‍රෝල්ද ?නිට්ටාවටම සුව කරගන්න,ගොරකාවලින් මෙන්න මේ බෙහෙත ගෙදරදිම හදාගන්න


 ගොරකා කියන්නේ කෑම රසගන්වන්න ගන්න දෙයක් වුණාට මේක ලෙඩ රෝග ගනනාවකට වැදගත් කෑමක්.


මේ කියන්න යන්නේ අපෙ ශරීරයේ අනවශ්‍ය තෙල් නැති කරන්න ගෙදරදීම හදාගන්න පුළුවන් විදිහේ අත් බෙහෙතක් ගැන.

ගොරකා චූර්ණය හදන හැටි...

කුස්සියෙ තියෙන කුළු බඩු ටිකක් ඕන කරනවා..

ගොරකා ග්‍රෑම් 50

උළුහාල් මේස හැන්දක් (මේක වතුර දාලා රැයක් පෙඟෙන්න තියන්න)

කරපිංචා කොළ මේස හැඳි තුනක් විතර

කුරුඳු කෑලි හයක්

ගම්මිරිස් මේස හැන්දක්

සුදු ළූණු බික් පහක්

තරමක ඉඟුරු කෑල්ලක්

මෙහෙමයි හදන්නේ..

ගොරකා ටික හොඳින් සෝදා මැටි වළඳක දාලා හොඳින් තම්බා ගන්න..

කරපිංචා, කුරුඳු, ගම්මිරිස්. මේ තුන කබලේ ටිකක් බැදගන්න..(කරපිංචා වල පාට වෙනස් නොවෙන ලෙස)..

බැද ගත් සියල්ල බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගන්න.

තැම්බුනු ගොරකා ටික වතුර පෙරා බ්ලෙන්ඩර් එකට දාලා..සුදු ළූණු, ඉඟුරු, පෙඟුනු උළුහාල් ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.

පේස්ට් එකක් එන තරමට..

දැන් ගොරකා පේස්ට් එකට කුඩුකර ගත්.. කරපිංචා, කුරුඳු, ගම්මිරිස්..දාලා හොඳින් අනන්න ඔක්කොම කලවම් වෙන විදියට.


දැන් මේ අනා ගත් ගොරකා පේස්ට් එකෙන් කුඩා ගුලි හදාගන්න..(60 ක් පමණ පුළුවන් වේවි)

හදාගත් ගුලි වලින් උදේ හිස් බඩ එකක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න.

රෑට කෑමට පෙර එක ගුලියක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න..

මේක මාසයක් බොන්න.. ශීතකරණයේ

පහළ කොටසේ බොක්ස් එකක දාලා තියන්න.

ගැස්ට්‍රයිටීස් තියෙන අය බත් සමග කෑමට ගන්න..
(උපුටා ගැනීමකි)




Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්