දිවුල් බොනවාද ? කනවාද ? පුදුම හිතෙන කතාව මෙන්න
දිවුල් කියන්නෙ හොද බේතක්ද ?
ඔව්.ඔව්. දිවුල් කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියකටත් ඒ වගේම ආහාරමය වශයෙන් කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක්.
ඒ වගේම අතීසාර.
ග්‍රහණි, හික්කා, ශ්වාස, අර්ශස් වගේ රෝගවලටත් විෂ නැසීම . සඳහාත් දිවුල් උපයෝගී කරගනු ලබනවා.
දිවුල් හැදෙන්නෙ අපේ රටේ විතරයිද ?
ශ්‍රි ලංකාවෙ විතරක් නෙමෙයි අසල්වැසී ඉන්දියාවෙත් බොහෝ ප්‍රදේශවල දකින්න පුළුවන් ශාකයක්, ශ්‍රී ලංකාවෙ වියළි ප්‍රදේශවල බොහෝවිට දකින්න පුළුවන්. ඒවගේම පොදුවෙ ගත්තම අධික ශීතල නොවන සියලුම ප්‍රදේශවල වැවෙන ශාකයක්.
දිවුල් ගහ සාමාන්‍යයෙන් අඩි 20 ක් 25 ක් විතර උසට වැවෙන ගහක්, බොහෝ දුරට බෙලි ගහට සමානයි.
ඒ වගේම දිවුල් ගහේ පිට පොත්ත සුදු පැහැයට හුරුයි. දිවුල් කොළ ඉතා කුඩායි. මේ කොළ රාශියක් තියෙනවා. එම සියලුම කොළ උඩු අතට පිහිටල තියෙනවා. ඒ වගේම මේ ගස්වල හටගන්න මල් ක්‍රමවත්. රතු පාටට හුරු දම් පාට තැනින් තැන ඇති ළා කොළපාට මල් පොකුරු ලෙස තියෙනවා. මල් රේණු තද රතු පාටයි. ගෙඩි ගෝලාකාරයි. තද කටුවකින් ආවරණය වෙලා තියෙනවා. මේ කටුව සුදු පාටට හුරු අළු පාටයි. ඉදුණාම කළු පාටට හැරෙනවා. ගෙඩියේ මදය දුඹුරු පාටයි. මදයේ බීජ රාශියක් තියෙනවා.
දිවුල්වලට වෙනත් නම් තියෙනවද? ඔව් නම් ගොඩක් තියෙනවා.
සිංහල භාෂාවෙන් දිවුල්, ගිවුල්, ජූල් කියන නම් කියවෙනවා.
ඒ වගේම සංස්කෘත භාෂාවෙන්. කපිත්,දධිත්, දධිනාම, සුරභිච්ජද, ග්‍රාහී, පුෂ්පඵලී, කපිප්‍රියී, දන්තතශඨ ආදී නම් රැසක් කියනවා.
දෙමළ භාෂාවෙන් විලකපිත්තම් කියනවා.
හින්දි භාෂාවෙන් කෛථ කවත් යන නම් කියනවා.
දිවුල් මද අපි කෑවට ඒවගේම කැඳ බිව්වට මෙතරම් ගුණයි කියල දැනන් හිටියෙ නැහැ නේද ?
දිවුල්වල කොළ, පොතු, මුල්, මල්, ගෙඩියේ මදය සහ මැලියම් කියන කොටස් සියල්ලම බෙහෙත් සඳහා ගනු ලබනවා.

ඒ වගේම දිවුල් මදයේ විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතයි.
විශේෂයෙන් දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වෙනවා. එහි ඇති සංඝටක මළ බද්ධය දුරු කරනවා.
ඒ වගේම බඩේ ඇතිවන රිදිම් .අපහසුතා දුරු කරනු ලබනවා.
එසේම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව පවතිනවා.
එසේම ලේ පිරිසිදු කිරීමේ ගුණයත් දිවුල්වල පවතිනවා.
දිවුල් ආහාරයක් විදියට කොයි විදියටද වඩා හොද ?
“දිවුල් කෝඩියල, ජෑම්, බීම, ආදිය සඳහා යොදාගනු ලබනවා. ඒ වගේම ඉඳුනු දිවුල් මදය පොල්කිරි සමඟ දියකර මිරිකා සීනි සහ මදක් ලුණු මිශ්‍රකර ගත් විට හොඳ අතුරු පසක් විදියට ගන්න පුළුවන්
ඒ වගේම දිවුල් කොළ කැඳ ශරීරයේ විෂ සමනයට සහ සුදු කබර රෝගීන්ට හොඳ ඖෂධාහාරයක්.
දිවුල් අඩංගු ඖෂධ යෝග ?
අර්ශස් සදහා දිවුල් සහ බෙලි යුෂ පානය හොඳයි.
සුදුකබර සදහා දිවුල් පොතු කෂාය හොඳයි.
මී විෂ සදහා දිවුල් ගසේ පංචාංගය කෂාය බීම ඉතාමත් ගුණදායකයි.
ප්‍රදර රෝග සදහා දිවුල් කොළ සහ උණ ගොබ සමව ගෙන කෂාය කර මී පැණි සමග යෙදීම හොදයි.
වමනයට දිවුල් මදයේ යුෂයට තිප්පිලි කුඩු සහ මී පැණි මිශ්‍රකර වරින්වර බීම හෝ ලේහ කිරීම යෝග්‍යයි.
ඇස් රෝගවලට දිවුල් යුෂයට මී පැණි දමා අදුන් ලෙස ගානු ලබනවා
සූතිකාවන්ගේ ගර්භාෂගත රෝග සඳහා දිවුල් පොතු කෂාය යොදනු ලබනවා.
හිසේ රෝගවලට දිවුල් කොළ යුෂ නානු සාදා හිසේ ආලේප කරනු ලබනවා.
ඒ වගේම කුඩාදරුවන්ගේ බඩේ අමාරුවලට දිවුල් කොළ යුෂ ඉතාමත් ගුණදායකයි.
දිවුල් අඩංගු සංස්කාරික ඖෂධ කිහිපයකුත් තියෙනවා ?
ඒ කපිත්ථාදී පේයාව, කපිත්ථ පංචක තෛලය ආදියයි.
සර්ව ,විෂාදී තෛලය, කෝලශ්ලේෂ්මා තෛලය ආදියේ එක් ද්‍රව්‍යයක් වන්නෙත් දිවුල්.

Countdown Timer
40 seconds remaining