රස කර කර මඤ්ඤොක්කා කනවාද ? එහෙනම් මෙන්න මේ ගැනත් දැනගෙන ඉන්න.ඒක ඔයාට වටිනවා.


 බොහෝ දෙනා ආහාර වර්ග ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වීමක් සිදු කරන නිසා,

මඤ්ඤොක්කා කොළ ,මඤ්ඤොක්කා අල පිළිබඳවත් ජන සමාජයේ විවිධ මතවාද ගොඩ නැඟී තිබෙනවා..
ඒ නිසා බොහෝ දෙනා මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ දී විශේෂයෙන් පාලනය කිරීමක් සිදු කරන්න පුරුදු වී තිබෙනවා.

- බොහෝ දෙනා අතර මතයක් පවතිනවා මඤ්ඤොක්කා ආහාරයට ගත් පසුව ඉඟුරු යොදා සකස් කළ තේ බීම නුසුදුසු බව.

ඒ මතයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සත්‍යතාවක් පවතිනවා.

බොහෝ දෙනකුට එයින් ආසාත්මිකතාවක් ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා.
ඒ නිසාම මඤ්ඤොක්කා ආහාරයට ගත් විට ආයුර්වේදීය බෙහෙත් වට්ටෝරු හෝ ඉඟුරු යොදා සකස් කළ තේ පානය කිරීමත් සුදුසු නොවේ.

- මඤ්ඤොක්කා වල අර්තාපල් වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක් සහ කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් අඩංගුයි.

රෝග රැසකට සුව ගෙන දෙන්න මඤ්ඤොක්කා සමත් වෙනවා.

- අධික කැලරි ප්‍රමාණයක් අඩංගු නිසා ශරීරය මහත් වීමක්‌ සිදු කරනවා

- දියවැඩියාව පාලනය කරනවා.

- කොලෙස්ටරෝල් පාලනය කරනවා.

- මානසික ආතතිය අඩු කරනවා.

ඇමගඩ්ලීන් නම් එන්සයිමය අඩංගු නිසා පිළිකා නාශක ගුණයක් ද මඤ්ඤොක්කා වල අන්තර්ගතයි.

අල වගේම කොළත් ගුණයි

මඤ්ඤොක්කා අල වල පවතින ගුණ ඒ ආකාරයටම කොළ වලත් අන්තර්ගතයි.
ඒ නිසාම මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ දී කොළ වලින් සකස් කර ගත් මැල්ලුමත් ආහාරයට එක් කරගන්න. මඤ්ඤොක්කා කොළ වල විශේෂයෙන් ප්‍රෝටීන් සහ විටමින් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා
වයසට යැමේ දී ඇතිවන අමතක වීම් තත්වය පාලනය කිරීමක් සිදු කරනවා.

ඒ වගේම මඤ්ඤොක්කා අහාරයට ගැනීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

- පළුදු වූ මඤ්ඤොක්‌කා අල ආහාරයට ගැනීම නුසුදුසුයි.

- ගැබිනි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සේම කුඩා දරුවන්ටත් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම සුදුසුයි.

- මඤ්ඤොක්කා අල තම්බන අවස්ථාවේ දී පියනකින් වසා තැම්බීම නුසුදුසුයි. හැම විටම පියන හැර මඤ්ඤොක්කා තම්බන්න.

- ඒ වගේම මඤ්ඤොක්කා තම්බන විටත්, වෑංජනයක් ලෙස සකස් කරන විටත් විශේෂයෙන්ම කහ යෙදීම කළ යුතුයි. එමඟින් මඤ්ඤොක්කා වල අඩංගු විෂ මර්ධනය වීමක් සිදු වනවා.

- විශේෂයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේ දී පොලුත් සමඟ ආහාරයට ගන්නවා නම් සිදුවන ආසාත්මිකතා අවම කරගන්න පුළුවන්.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්