පෙනීම අඩු වන බව කල් තියා දැන ගන්නේ කොහොමද?


 පෙනීම කියන්නේ ඕනෑම අයෙකුට ගොඩක් වටිනා දෙයක්. නමුත් වයස වැඩි වීමත් සමඟ හෝ විවිධ රෝගී තත්වයන් නිසා අපගේ පෙනීම ක්‍රමයෙන් දුර්වල විය හැකියි. යමෙකුගේ පෙනීම අඩු වීම මුල් අවස්ථාවේදී හඳුනා ගත හැකි නම්, ප්‍රතිකාර වෙත ඉක්මනින් යොමු වීම හෝ තවදුරටත් නරක අතට හැරීම වළක්වා ගැනීමට පියවර ගත හැකිය.

පෙනීම අඩු වීමේ මුල් ලක්ෂණ

ඔබ දවසේ වැඩි කාලයක් පරිගණක තිරය ඉදිරිපිට ගත කරනවා නම්, පොත් කියවීමේදී අපහසු ගතියක් දැනෙනවා නම් හෝ දුරින් ඇති දේවල් පැහැදිලිව පේන්නේ නැති නම්, එය පෙනීම අඩු වීමේ මුල් ලක්ෂණ විය හැකිය. මේ ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න.

ඔබට ලියා ඇති අකුරු පැහැදිලිව පෙනෙන්නේ නැති නම් එය ගැන සැලකිලිමත් වන්න.

 පොත් කියවීමෙන් හෝ පරිගණක භාවිතයෙන් පසු ඔබේ ඇස් ඉක්මනින් වෙහෙසට පත් වෙනවා නම්, නිතර හිසරදය ඇති වෙනවා නම් එයද අවධානය යොමු කළ යුතු ගැටලුවකි.

 රාත්‍රි කාලයේ වාහන පැදවීමේදී ඉදිරියෙන් එන විදුලි පහන් වල ආලෝකය නිසා දෙනෙත් වලට දැඩි අපහසුවක් දැනෙනවා නම්, අඳුරු ස්ථානවල ගමන් කිරීමේදී අපහසුතා මතු වෙනවා නම් එයද සංඥාවක් විය හැකිය.

 ආලෝකයට ඔබේ ඇස් වෙනදාට වඩා සංවේදී වන බව දැනෙනවා නම්, ලාම්පු එළිය හෝ සූර්යාලෝකය දැඩි ලෙස දැනෙනවා නම් එය සලකුණක් විය හැකිය.

 යමක් පැහැදිලිව දැකීමට ඇස් මිටි කර බලන්නට සිදු වන්නේ නම්, එක් ඇසක් වසා තබා දෙවන ඇසින් බලන්නට සිදු වන්නේ නම් එයින් හෙළි අන්නේද ඔබගේ දෑස් වල යම් ගැටළුවක් ඇති බවයි.

 එකම දෙයක් දෙවරක් පෙපෙනනවා නම් එයද ගැටලුවකි. මෙවැනි දේ විශේෂයෙන් සිදු වන්නේ රාත්‍රි කාලයේදීයි.

 එදිනෙදා වැඩ කර ගැනීමට සාමාන්‍ය ආලෝකය මදි බව දැනෙනවා නම්, වැඩි ආලෝකමත් පරිසරයක් අවශ්‍ය වන්නේ නම් සැලකිලිමත් විය යුතුය.

 මෙවැනි ගැටලුවකදී කුමක් කළ යුතුද?

ඉහත ලක්ෂණ ඔබට දැනෙනවා නම්, ඔබ වහාම පහත පියවර ගත යුතුයි.

අක්ෂි විශේසඥ වෛද්‍යවරයෙකු හමු වී, ඔබේ ඇස් පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට පියවර ගන්න. අවුරුද්දකට වරක් ඇස් පරීක්ෂා කර ගැනීම වැදගත්ය.

 දෙනෙත් වලට දැනෙන විඩාව අඩු කරන්න. පරිගණක තිරය ඉදිරිපිට ගත කරන විට විනාඩි 20කට වරක් විනාඩි 2-3ක් ඇස් වසා ඉවත බැලීමෙන් දැනෙන වෙහෙසකාරී තත්වය අඩු කර ගන්න පුළුවන්. එය සිදු කලත් දිගටම වෙහෙස දැනෙනවා නම් එය ගැටළුවක්.

 පෝෂණය ගැන සැලකිලිමත් වන්න. ඇස් වල සෞඛ්‍ය තත්වය සඳහා වැදගත් වන විටමින් සහ ඛනිජ ලවණ සහිත ආහාර නිතරම ලබා ගන්න.

 ඇස් ආරක්ෂා කර ගන්න. හිරු එළියේ ඇවිදින විට හිරු රශ්මියෙන් දෙනෙත් ආරක්ෂා කරන අව් කණ්ණාඩි පැළඳීම, පරිගණකය සහ දුරකථනය භාවිතා කිරීමේදී එයින් දෙනෙත් ආරක්ෂා කරන ඇස් කණ්ණාඩි භාවිතා කිරීම විසඳුම් ලෙස හඳුන්වා දිය හැකියි.

 පෙනීම අඩු වීම කල් තියා හඳුනා ගැනීමෙන් ඔබට ඔබේ දෘෂ්ටිය දිගු කලක් පවත්වා ගත හැකියි. නිතර ඇස් පරීක්ෂා කර ගැනීම, අවශ්‍ය නම් ඇස් කණ්ණාඩි පැළඳීම සහ දෙනෙතේ සෞඛ්‍ය රැකගැනීමේ පුරුදු අනුගමනය කිරීමෙන් ඇස් නොපෙනී යාම වලක්වා ගත හැකියි.

උපුටා ගැනීම – අන්තර්ජාලය..

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්