කොලෙස්ටරෝල් පාලනය කරන්න සුපිරි කැඳක් ... බලන්නකෝ මොනතරම් ගුණයිද කියලා
අපි නීරෝගී දිවි පෙවෙතක් ගත කරන්න කැමතියි... අපි ලෙඩ වෙන්න අපි ගන්න ආහාර බලපානවා...
අපිට නීරෝගිව ඉන්න කන්න බොන්න ඕනී තරම් දේවල් අපේ පරිසරයේ තියෙනවා... කරපිංචා කියන්නේ එවන් විස්මිත ඔසුවකට...
කරපිංචා කොළ විටමින් A, B, C සහ E වැනි අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් වෙනවා... කැල්සියම් , යකඩ සහ තන්තුද කරපිංචා වල අඩංගු වනවා. ඒවා සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කිරීමට, නීරෝගී සමක් ලබා ගැනීමට සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වනවා.
බඩ පිපීම ,මළ බද්ධය සහ අජීරණය වැනි පොදු ආහාර ජීර්ණ ගැටලු සමනය කිරීමටත් කරපිංචා කොළ භාවිතා කරන්නට පුළුවන්.
දිනපතා කරපිංචා ආහාරයට ගැනීම හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන අතර ඒවා නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩු කිරීමට සහ හොඳ කොලෙස්ටරෝල් (HDL) ප්‍රවර්ධනය කරමින් හෘද රෝග අවදානම අඩු කරයි. කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරක රුධිර වාහිනී වලට හානි කළ හැකි ඔක්සිකාරක ආතතිය වැළැක්වීමට ද උපකාරී වනවා.
ඉතිං අපි බලමු කොහොමද කොලෙස්ටරෝල් පාලනය කර ගන්න කරපිංචා කැඳ හදන විදිහ ...
ඔයාට අවශ්‍ය වෙන්නේ මේවා...
පිරිසිදු කරගත් කරපිංචා කොළ මිටියක්
සුදුළූණු බික් කිහිපයක්
පොල් කිරි කෝප්පයක්
රස අනුව ලුණු
සීනි හෝ හකුරු
සකස් කර ගන්නේ මෙහෙමයි
මුලින්ම පිරිසිදු කර ගත් කරපිංචා , සුදුළූණු සහ පොල් කිරි හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න
ඉන්පසුව එම මිශ්‍රණය හොඳින් පෙරා ගන්න
දැන් භාජනයක් ලිප තබා පෙරා ගත් මිශ්‍රණය මද ගින්නේ හැඳි ගාමින් මද වේලාවක් තබන්න
උතුරාගෙන එන විට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ගන්න.
අවසානයට රස අනුව සීනි හෝ හකුරු ස්වල්පයක් එකතු කර ලිපෙන් ඉවත් කර ගන්න
කරපිංචා කැඳ සතියකට වරක් හෝ දෙවරක් පානය කිරීම මගින් කොලෙස්ටරෝල් බොහෝ දුරට මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ව්‍යායාම කිරීම, ක්ෂණික ආහාර සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීමත් ඔබ සිදු කළ යුතුයි.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්....

Countdown Timer
40 seconds remaining