ලිංගික ශක්තිය වඩන වඳුරු මෑ.. කියන්න බැරි ඔයාගේ රෝගයටත් මෙන්න පිළියම්..


 ''දැන් ටික දවසක ඉඳලා ඇඟට හරි මහන්සියි. වැඩි වෙලා සෙල්ලම් කරන්නත් අමාරුයි.”


''ඕකට බයවෙන්න එපා. අපි බෙහෙත් ටිකක් කරමු. ඔය අසනීප තත්ත්වයට වඳුරු මෑ අඩංගු හොඳ බෙහෙත් තියෙනවා. ඒවාට ඔය අසනීපය ඇරිල යාවි ''

වඳුරු මෑ කියන්නේ හොඳ ඖෂධයක්,

විශේෂයෙන්ම ස්නායු දුබලතා නසා ශරීර ශක්තිය සහ බලය ලබාදෙන ඖෂධ යෝගවලදි නැතුවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් වඳුරු මෑ හඳුන්වන්න පුළුවන් ''

“ ඇයි මේවාට වඳුරු මෑ කියල කියන්නේ ''

“වඳුරු මෑ යම්කිසි ආධාරකයක පැතිරී වැඩෙන වැලක්. මේ වැල්වල පොකුරු වශයෙන් කරල් සෑදෙනවා. ඒ වගේම මේ කරල්වල පිට පොත්ත වඳුරෙකුගේ සමේ රෝම පවතින්නාක් මෙන් කළු පැහැයෙන් යුතු බූවකින් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ වැල සඳහා කියන කපිකච්ඦූ සහ වානාරී යන පර්‍යාය නාම නිසා වානර හෙවත් වඳුරන්ගේ සම්බන්ධයක් පවතින බව දැකිය හැකියි.

මේ නිසා ‘වඳුරු මෑ’ යන හෙළ වදන නිර්මාණය වී ඇති බැව් පෙනී යනවා. ඒ වගේම ආහාරයට මෙන්ම ඖෂධ පිණිස වඳුරු මෑ ප්‍රයෝජනයට ගනු ලබනවා. මේ සඳහා වඳුරු මෑ කරල් තමයි උපයෝගි කරගනු ලබන්නේ. ඒ වගේම වඳුරු මෑ ඇට මත්වන ගතියෙන් යුතු වන නිසා මේවා ඖෂධීය වශයෙන් මාත්‍රානුකූලව ගැනීමෙන් ශරීරයේ ශක්තිය සහ බලය ලබා දෙන බවද දක්වා තියෙනවා. ඒ වගේම මේ කරල් බූව සහිත නිසා ශරීරයේ ගෑවුණාම කසන්නත් පටන් ගන්නවා.”

එතකොට, වඳුරු මෑ හැදෙන්නේ මොනවගේ පළාත් වල ද?

වඳුරු මෑ, විදේශීය වශයෙන් ඝර්ම කලාපීය සහ උප ඝර්ම කලාපීය රටවල වියළි සහ අතරමැදි කලාපවල තරමක් සුලභව දකින්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවල, මියැන්මාරය ආදි රටවල ශීත නොවන ප්‍රදේශවලත් දකින්න පුළුවන් .

දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ අධික ශීත නොවන ප්‍රදේශවල දැකිය හැකියි. මෙහිදී හපුතලේ, මහියංගනය, මහනුවර සහ නාඋල ප්‍රදේශවලත් පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යෂණායතනය, ගිරාඳුරුකෝට්ටේ, හල්දුම්මුල්ල, පල්ලෙකැලේ ආදි ඔසු උයන්වලත් දැකිය හැකියි.

වඳුරු මෑ වැලත්, මෑ වැල් වගේමද ?

බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්..

“වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතු පතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලක්. කරල් පොකුරු විදියට හටගනු ලබනවා. එසේ හටගන්නා කරල් බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැහැ. ඒ වුණාට බෝංචි කරල්වලට වඩා රළුයි. හොඳට පැසුණු කරල්වල පිටපොත්ත කළුයි.

මේ කරල් වල පිට පොත්තේ වඳුරකුගේ සමේ පවතින රෝම වැනි කළු පාට දිග බූවක් පවතිනවා. ඒ වගේම මේවායේ ළපටි කරල් බෝංචි කරල් මෙන් කොළ පාටයි. මෙහි ඇටද මේ පැහැයම ගනු ලබනවා. එක් වැලකින් කරල් රාශියක් ලබාගත හැකියි. මේ වැල්වල මල් හටගනු ලබන්නේ ජනවාරි, පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදීයි .

වඳුරු මෑ හඳුන්වන, විවිධ නාමයන් ?

සිංහල භාෂාවෙන් වඳුරු මෑ කියනවා .

එතකොට සංස්කෘත භාෂාවෙන්

ආත්ම ගුප්තා...ස්වයංගුප්තා...ස්වගුප්ත...ශුකශිම්බී..වානරී...කපිකච්ජූ...වෘෂ්‍යා... වාතාරී... රෝමවල්ලී..දු:ස්පර්ශා... ආදි නම් රාශියක් තියෙනවා.

හින්දි භාෂාවෙන් කේවාංච..කෞංච යන නාමයන් යෙදෙනවා .

ඒ වගේම, දෙමළ භාෂාවෙන් පුනාඉක්කාලි යන නාමය යෙදෙනවා..

ඉංග්‍රීසි භාෂාවෙන් Cow Hage Plant නාමයයි.

වඳුරු මෑවල උද්භිද විද්‍යාත්මක නාමය

Mucuna pruriens (Hook ) D.C. නම් වෙනවා.

කුලය වන්නේ LEGUMINOSAE හෙවත් ශිම්බී කුලයයි.

උප කුලය වන්නේ PAPILIONOIDEAE කුලයයි. ඒ වගේම වඳුරු මෑවල බීජ, කරල්, මුල් සහ රෝම ආදිය ඖෂධ සඳහා ගනු ලබනවා.

වඳුරු මෑවල ප්‍රභේද තියෙනවා ද?

“වඳුරු මෑ වල ප්‍රභේද 2ක් තියෙනවා .

1. කළු වඳුරු මෑ- ඇට කළු පාට වර්ගය.

2. සුදු වඳුරු මෑ - ඇට සුදු පාට වර්ගය වශයෙන් ප්‍රභේද කර තිබෙනවා.

ඒ වගේම ශාරීරික බලය වඩන රසායනික උපාදාන රාශියක් වඳුරු මෑවල අඩංගු වෙනවා.

වඳුරු මෑවල ඖෂධීය වටිනාකමත් , ගොඩක් වැදගත්..

වඳුරු මෑ රසයෙන් මධුර සහ තික්ත යි.

ගුණයෙන් ගුරු සහ ස්නිග්ධ යි.

වීර්‍යයෙන් ශීත යි.

විපාකයෙන් මධුරයි.

දෝෂ අනුව ගත්තාම,

වා පිත් නසන ගුණ යුතුයි. සෙම් සමන ගුණ යුතුයි.

ඒ වගේම වඳුරු මෑවල ප්‍රධාන ක්‍රියා සැලකුවාම මෙය වාජීකරණ ගුණයෙන් යුතුයි. ඒ වගේම මූත්‍රකාරක ගුණයද පණුවන් නසන ගුණයද ආර්ථව වඩන ගුණයද සහිතයි.

මේ නිසා වාත රෝග ස්නායු දුබලතා පණු රෝග මූත්‍ර ආබාධ වකුගඩු රෝග ක්ෂය රෝගය සහ ඔසප් දෝෂ ආදියට විශිෂ්ට ගුණ ලබා දෙනවා.

වඳුරු මෑ අඩංගු යෝගයන් ගැන සැලකුවාම..

වෘෂ්‍ය ගුණ සඳහා හාතාවාරිය අල කිරිබදු අල වඳුරු මෑ ඇට ගොකටු ඇට සමව ගෙන ගිතෙල් සහ එළකිරි එයට මිශ්‍ර කර සෘතය සාදා පිටි සීනි සහ මී පැණි එකතුකර හොදින් මිශ්‍ර කර උදේ සවස එළකිරි සමග ගැනිම ගුණදායකයි.

වඳුරු මෑ ඇට එළකිරෙන් තම්බා පොතු ඉවත් කර වියලා පිටිකර පැරණි රිදී කාසියක ප්‍රමාණයේ රොටී තනා ගිතෙලින් බැද උණුසුම් පිට මී පැණි වල දමා කෑමට දීම ගුණදායකයි.

වාජීකරණය සදහා..

උදු වඳුරු මෑ ඇට චූර්ණය සහ සුදුළූනු සම සමව ගෙන ගිතෙල් මිශ්‍ර කර කෑමට දීම ඉතා ගුණදායකයි.

ශරීර ශක්තිය වැඩීමට..

පොතුහැර ශුද්ධ කරගත් වඳුරු මෑ ඇට එළකිරෙන් තම්බා දුන්තෙලින් බැද මී පැණි සමඟ ගැනීම ගුණදායකයි.

ගෝනුසු විෂට..

වඳුරු මෑ ඇට චූර්ණය ගිතෙලින් අඹරා දෂ්ඨ මුඛයේ ගෑමෙන් විෂ ඇදීයයි.

උදර රෝග සදහා..

වඳුරු මෑ මුල් අඹරා පැළැස්තර දැමීමෙන් ගුණදෙයි. 

( උපුටා ගැනීමකි.. ) 

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්