ඖෂධීය ගුණාංගයෙන් පිරුණු සේර ගැන, ඔබ නොදත් දේ
සේර ශාකය සතු ඖෂධීය ගුණාංග ...
ආහාරයක රසය, ගුණය වගේම ඒ ඒ ආහාරය සම්බන්ධයෙන් ප්‍රියමනාප බවකුත් කැමැත්තකුත් ඇති වෙන්න නම් එම ආහාරයේ ඇති සුවඳ සිත්ගන්නා තත්ත්වයක තිබෙන්න ඕනෑ. මොකද ඕනෑම කෙනෙක්ට යම් ආහාරයක් ගැන ආශාවක්, කැමැත්තක් ඇති කරන්නේ එයින් නික්මෙන සුවඳයි. මෙය අතර අලෙවිසල්වල උපක්‍රමයක් ලෙසත් සැලකෙන විශේෂයෙන් මස්, මාළු වගේ ආහාර පිසීමේදී ඒවායේ ඇති අහිතකර සුවඳ තත්ත්වයන් පාලනය කර යම් ආකාරයක ප්‍රියජනක සුවඳක් එකතුකර ගැනීමත් ආහාර පිළියෙල කිරීමේදී සැලකිල්ලක් දක්වනවා. ඉතින් මේ කාරණාවලදී නැතුවම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි සේර ශාකය. ඖෂධීය ගුණයෙන් සපිරි සේර පිළිබඳව විවිධ කාරණාවන් කතාබහට ගැනෙනවා.
වර්තමානය වෙද්දි සේර ශාකයට හිමි වෙන්නෙ විශේෂිත තැනක්. මෙය ආහාර රස කරන ස්වාභාවික රස කාරකයක් වගේම කෘත්‍රිම රසකාරක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යයක් විදිහටත් සලකනවා. එසේම සුවඳ විලවුන්, සුවඳ තෙල් වර්ග ආදිය නිෂ්පාදනයේදී සේර ශාකයට හිමිවෙන්නේ ප්‍රධාන තැනක්. ඒ වගේම මෙය ප්‍රධාන කුළුබඩුවක් ලෙසටත් සැලකෙනවා. එහෙම ආහාරවලට අත්‍යවශ්‍ය සුවඳ කාරකයක් ලෙසත් සේර ගැන කියවෙනවා. ජීවානු නාශක ශක්තියක් සේරවලට ඇති බව අද වෙද්දි සොයාගෙන තිබෙනවා.
සේර ශාකයේ උද්භිත උද්‍යාන නාමය Cymbopogon Citratus (DC) Stapt f සැලකෙන අතර, ආයුර්වේද කුලය ‘යව’ ලෙසත් ද්‍රව්‍ය ගණය ‘සුරසදි ගණය’ ලෙසත් හඳුන්වයි. සිංහල භාෂාවෙන් සේර ලෙසත්, දමිළ භාෂාවෙන් ව්‍යතජවිලි, කර්පුල, පිල්ලු යන නම්වලිනුත්, ඉංග්‍රීසි භාෂාවෙන් Gerenivm Grass, Lemon Grass, Winger Grass යන නම්වලිනුත්, සංස්කෘත භාෂාවේ ගංගා රෝහ, ගාන්ධර්ධ, අතිගන්ධා යනුවෙන්ද සේර හඳුන්වයි.
සේර ශාකයට සංස්කෘති භාෂාවේ විශේෂිත තැනක් ලබාදී ඇති අතර, එහිදී ලබාදී ඇති අර්ථකථන බොහෝමයකි. ඉන් කිහිපයක් නම් ගංගා ආශ්‍රිතව හටගත් බැවින් ගංගාරෝහ නමින්ද, ප්‍රබල සුවඳක් විහිදුවන නිසාම අතිගන්ධා යන නමින්ද හඳුන්වා ඇත. බොහෝමයක් ග්‍රාමීය ප්‍රදේශවලදී මෙය සෝදාපාළුව වළක්වන පඳුරු ශාකයක් ලෙසද භාවිත කරයි. ශීඝ්‍රයෙන් වර්ධනය වීමේ හැකියාව නිසාම කඳුකර ප්‍රදේශවල බෑවුම් ස්ථානවල මෙම ශාකය වැවීමෙන් සෝදාපාළුව පාලනය සිදුවෙයි.
එහෙත් විදේශිකයන් සේර ශාකයට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන්, සුවඳ විලවුන්, වයින් වර්ග, සෝස් වර්ග ආදිය නිපදවාගෙන මෙහි ඇති ඖෂධීය ගුණය ඉතා උසස් අයුරින් ප්‍රයෝජනයට ගනී. වර්තමානයේ ඉතා ප්‍රසිද්ධම කාරණාවක් වන්නේ සේර රසය මුසුකළ තේ කෝප්පයයි. එය ඕනෑම කෙනකුට පහසුවෙන් අත්හදා බැලිය හැකි කාරණාවකි. සිය තේ කෝප්පයට සේර කැබැල්ලක් එක් කිරීමෙන් එම රසය පහසුවෙන් විඳගත හැකිවෙයි.
තිත්ත රසයත්, සැර රසයත් මිශ්‍රව ඇති නිසාම භාවිතයේදී යම් අපහසුතාවක් දැනුණද ගුණයෙන් ඉතාමත් ඉහළ අගයක් සටහන් කරන අතරම ආයුර්වේදයට අනුව මෙහි තීක්‍ෂණ ගුණයකුත්, ඖෂධ ගුණයකුත් ඇති බව පැවැසේ. එසේම ආයුර්වේදයට අනුව මෙය වීර්යයෙන් යුක්තය. එසේම මෙහි වාතය නැසීමේ ප්‍රබල ගුණයක් ඇති බවද පැවසෙයි.
එහිදී වඩාත් අවධානයට යොමුවන කාරණා ලෙස සේර ගුණයෙන් උදරගත වාතය, අනුලෝමනය කෙරෙන බවත් ඉදිමුම් ආදියට ක්‍ෂණික ගුණ දීමත් විශේෂ වෙයි. වමන නාශසක ගුණයෙන් අනූන මෙය කාන්තාවන්ගේ අර්ථවය ඇති කිරීමට හේතු වෙයි. එසේම උදරගත පණු රෝගවලදීද ප්‍රයෝජනයට ගතහැකි ශාකයකි. අර්ථවය වේදනාකාරී වන කාන්තාවන්ටද සේර භාවිතය කදිම ඖෂධයකි. හන්දි ආශ්‍රිත වේදනාවන්හිදී සේරවලින් ලැබෙනුයේ විශ්මිත සහනයකි.
වර්තමානය වෙද්දි හැම නිවෙසකමපාහේ සේර පඳුරක් දෙකක් හෝ වවා ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම වටිනා ක්‍රියාවකි. මන්ද මෙය ගෘහ ආශ්‍රිතව භාවිතයට ගතහැකි සරල ඖෂධයකි. එහිදී හදිසි උළුක්කුවකදී සේර තැම්බූ වතුරින් උළුක්කුවූ ස්ථානය තැවීමත්, කොන්දේ වේදනාවක් ඇති විට සේර තෙල් තවරා පිරිමැදීමත් මගින් විශේෂ ප්‍රතිඵල හිමිවන බව හඳුනාගෙන ඇත. ඉන්දියාව වැනි රටවල අතීතයේ සේර භාවිතයෙන් උණට පිළියම් කළ බවටද ආයුර්වේදයේ සඳහන් වෙයි.
විෂබීජ නාශක ගුණයෙන් ඉහළ සේර තෙල් දෑතේ මෙන්ම සිරුරේ විෂබීජ විනාශ කිරීමට ආලේපයක් ලෙසද භාවිතයට ගන්නට පැරැන්නන් කටයුතු කර ඇත. එහිදී සේර තෙල්වලට තවත් තෙල් වර්ගයක් මුසුකර භාවිතයට ගැනීම සාමාන්‍ය ක්‍රමයයි.
ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව තවත් බොහෝමයක් ගුණ හා ප්‍රතිඵල සේර ශාකයෙන් ලබාගත හැකි බව ආයුර්වේදයට අනුවත් සූපවේදයට අනුවත් හඳුනාගෙන තිබේ. එනිසා ඉතා පහසුවෙන් වවාගත හැකි සේර පඳුරක් තම නිවෙසේ රෝපණය කරගැනීම සෑම කෙනකුටම ඉමහත් ප්‍රයෝජනයකි.
රුධිර පීඩනය නියාමනය කරන සේර තේ සතු ගුණ 8 ක්...
සේර යනු ලංකාවට සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයකි. එහි lemongrass යන නාමයට අනුව ඒවා පැඟිරි සුවදක් විහිදුවනු ලබයි. නමුත් ඒවායේ රසය නම් පැඟිරි රසයකට වඩා වෙනස් වන අතර එහි පැණිරස ගතියක් ද ඇත.එපමණක් නොව ආසියාතික සංස්කෘතිය තුළ සේර ගහේ පත්‍ර හා දඩු බොහෝ භාවිතයන් සඳහා යොදා ගනී.ඒවා භාවිතයෙන් සේර තෙල් ,සුවද විලවුන්, සබන්, මුහුණ සේදුම් කාරක, දුර්ගන්ධ නාශක වර්ග, විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි නිශ්පාදන රැසක් නිපදවනු ලබයි. එපමණක් නොව සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම ඇතුළු විවිධ සූප ශාස්ත්‍ර භාවිතයන් සඳහා ද යොදා ගනී.එසේම සේර භාවිතයෙන් රසවත් තේ පානයක් ද පිළියෙල කරනු ලබයි.
මෙම සේර තේ පානය ආයුර්වේදයේදී බොහෝ රෝග රැසක් සමනය කිරීමට යොදා ගන්නා අතර එය සුවබර නින්දකටද මග පාදන බව සඳහන් වේ. එසේම එය විටමින් B, C සහ A, සින්ක්, මැග්නිසියම්, කැල්සියම් පොටෑසියම්, යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන වන අතර ඖෂධිය ගුණ වලින්ද යුක්ත වේ.එබැවින් සේර තේ පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ රැසකි.ඉතින් අද අපි ඔබට කියන්නේ මෙතරම් ගුණ රැසක් ඇති සේර තේ පානය කිරීමෙන් ලැබෙන විස්මිත ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳවයි.
1 .ආහාර දිරවීම පහසු කරවයි.
සේර වල සිසිලන ශක්තියක් ඇති අතර එය ඔබේ ආමාශය සන්සුන් කිරීමට සහ ආහාර ජීර්ණ ක්‍රියාදාමයන් හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.මන්දයත් එහි ආහාර ජීර්ණය කිරීමට උපකාරී වන සිට්රල් නම් සංරචකයක් අඩංගු වේ.එසේම අතීතයේ සිටම ආයුර්වේදයේදී පවා ඉදිමීම, මලබද්ධය හෝ අජීර්ණය වැනි බොහොමයක් උදර ගැටළු සමනය කිරීම සඳහා සේර තේ පානය යොදා ගෙන ඇත.
2. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
සේර තේ ඔබේ සිරුරේ විෂ හරණය කිරීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති එය තරල රඳවා තබා ගැනීමෙන් ශරීරයෙන් විෂ ඉවත් කිරීමට කටයුතු කරයි.
3 .අධි රුධිර පීඩනය නියාමනය කරයි.
සේර තේ යනු අධි රුධිර පීඩනය පාලනය කිරීමට සහාය වන හොඳම ස්වාභාවික පානයකි. එහි පොටෑසියම් බහුල බැවින් අපේ ශරීරයේ මුත්‍රා නිෂ්පාදනය වැඩි කරන අතර එමඟින් රුධිර සංසරණය උත්තේජනය කර රුධිර පීඩනය අඩු කරයි. රුධිර සංසරණය වැඩි කිරීමෙන් අක්මාව පිරිසිදු කිරීමට ද එය උපකාරී වේ. එපමණක් නොව මෙම සේර තේ පානය ඔබේ බඩවැල් වලින් කොලෙස්ටරෝල් අවශෝෂණය සීමා කරන අතර එමඟින් සමස්ත හෘද සෞඛ්‍යයම ප්‍රවර්ධනය කරයි.
4. පරිවෘත්තීය වේගවත් කර බර අඩු කර ගැනීමට සහාය වේ.
සේර තේ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ කැලරි දහනය වැඩි කිරීමට උපකාරී වේ.අධ්‍යනයකින් පවා හෙළි වී තිබෙන්නේ සේර තේ වල අඩංගු ස්වාභාවික ශාක සංයෝගයක් වන පොලිෆෙනෝල් සහ තේ වල අඩංගු කැෆේන් ප්‍රමාණය ඔබේ ශක්තිය වැඩි කරන අතරම ශරීරයේ මේද අම්ල ඔක්සිකරණය වැඩි කරන බවයි.
5. ඔබේ සම සහ හිසකෙස් නීරෝගී කරයි.
සේර යනු නීරෝගී සම සහ හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් A සහ විටමින් C වලින් පොහොසත් ප්‍රභවයකි.එබැවින් සේර තේ පානය ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීමෙන් ඔබේ සම පිරිසිදු කිරීමට සහාය වේ.තවද එය තෙල් සහිත සමට ප්‍රතිකාර කරන අතර කුරුලෑ, කුරුලෑ කැලැල් සහ දද වැනි තත්වයන් සුව කිරීමටද කටයුතු කරයි.
6. සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි.
සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ සමඟ සාර්ථකව කටයුතු කිරීමට සේර තේ උපකාරී වේ.මන්දයත් ඒවායේ ප්‍රතිබැක්ටීරීය හා දිලීර නාශක ගුණ රැසක් ඇත. තවද, එහි විටමින් C බහුල බැවින් ඔබේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි. නැවුම් දෙහි ගෙඩි ස්වල්පයක යුෂ සහ කරාබු නැටි කිහිපයක්, කහ ස්වල්පයක් සහ සේර කොළ මිශ්‍ර කර තම්බා ගන්න.දැන් එම පානය පරිභෝජනයෙන් නාසයේ තදබදය නිසා ඇති වන සෙම සමනය කර ගත හැකිය.
7. ඔසප් වේදනාව අඩු කරයි.
සේර තේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සඳහා විශිෂ්ට යැයි සැලකේ. එය මාසික ඔසප් වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
8. පිළිකා සෛල විනාශ කරයි.
සේර තේ වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා තත්ත්ව වලකන අතර පිළිකා සෛලද විනාශ කරයි.එසේම එය සෞඛ්‍යමත් සෛල විනාශ නොකර පිළිකා සෛල විනාශ කිරීමට කටයුතු කරයි. තවද 2008 වසරේදී කරන ලද අධ්‍යනයකට අනුව හෙළි වී තිබෙන්නේ සේර තේ පානය පියයුරු පිළිකා වර්ධනය ද අඩාල කරන බවයි.
සේර තේ පානය පිළියෙල කර ගත හැකි ආකාර කිහිපයක්....
අමු සේර කැබැල්ලක් ගෙන තලා ගෙන හෝ කුඩා කැබලි වලට කපා තේ වලට හෝ උණුවතුරට දමා පානය කළ හැකිය.සේර කොල හා කඳ කොටස් වියලා පවුඩර් ආකාරයට සකස් කර එම පව්ඩර් වතුර සමඟ මිශ්‍ර කර තේ ආකාරයට පානය කළ හැකිය.අමු සේර යුෂ ගෙන ශීතකරණයේ තබා ගෙන පිරිසිදු ජලය සහ දෙහි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය.සේර කොල, කුරුඳු පව්ඩර් හා තේ කොළ සමඟ මිශ්‍ර කර රසවත් තේ පානයක් පිළියෙල කර ගත හැකිය.
අවවාදයයි....
සේර තේ රුධිරයේ සීනි මට්ටම අඩු කරන බව දන්නා කරුණකි. එබැවින් දියවැඩියාව ඇති රෝගීන් එය පරිභෝජනය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. එසේම රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගැබිනි සහ කිරි දෙන කාන්තාවන්ට සේර තේ පානය කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි උපදෙස් දෙනු ලැබේ.
සේර ශාකයේ ඖෂධීය භාවිතයන්....
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය.නිරෝගී දිවියක් ගත කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යවේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට සේර භාවිතය යෝග්‍යවේ. එනම් සේර වල පවතින ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන ලෙඩ රෝගයන්ගෙන්ද ආරක්ෂාව සලසනු ලැබේ.
පරපෝෂිතයන් විනාශ කරනු ලබයි.මැලේරියාව, උණ, වෛරස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇති වූ රෝග තත්ත්වයන් සමනය කිරීමට ද සේර භාවිතය යෝග්‍ය වේ. එනම් සේරවල පවතින ප්‍රතිබැක්ටීරියා ප්‍රතිවෛරස් ගුණයන් මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට හේතුවන පරපෝෂිතයන් විනාශ කර එම රෝග තත්ත්වයන් සමනය කිරීම සිදුකරනු ලැබේ.
පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.මේ වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට සේර භාවිතා කිරීම ගුණදායකය. එනම් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ සේර භාවිතයෙන් පිළිකා ඇති වීමට හේතු වන සෛල මර්ධනය කරගත හැකි බවයි. එනම් මේ සඳහා සේරවල අඩංගු ප්‍රතිඔක්සිකාරක මෙන්ම සේර නිස්සාරණය කිරීමෙන් ලබා ගන්නා තෙල් වල අඩංගු ලීනලූල් සංඝටකය මෙන්ම කඳෙහි පවතින සිට්‍රල් සංඝටකය පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම ඇතිවූ පිළිකා මර්ධනය කිරීම ද සිදු කරනු ලබයි. මේ නිසා පිළිකා රෝගීන්ට සේර භාවිතය වඩාත් සුදුසුවේ.
උදරගත රෝග සමනය කර ගත හැකිය.උදරයේ ඇතිවන වේදනාවන් හෝ අජීර්ණ තත්ත්වයන් සදහා සේර වඩාත් යෝග්‍ය වේ. මේ සදහා සේර කොළ කොටා ලබාගත් යුෂ වලට මිංචි, ගම්මිරිස්, වියලි ඉගුරු, මිශ්‍ර කර සූකිරි සමඟ පානය කිරීමෙන් උදර වේදනාවන් සමනය කරගත හැකිය.
කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය.වර්තමානය වන විට බොහෝ දෙනකු කොලෙස්ට්‍රෝල් රෝග තත්ත්වයෙන් පීඩා විඳිනු ලබයි. එවැනි රෝගීන්ට සේර භාවිතා කිරීම මගින් ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැකිය. එනම් ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස හෝ සේර තේ පානය මේ සඳහා වඩාත් සුදුසුවේ.
දියවැඩියාව ඇතිවීම පාලනය කර ගත හැකිය. නිදන්ගත රෝග අතර වැඩි දෙනෙකුට පවතින දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට සේර යනු ගුණදායක ඖෂධයකි. එනම් සේර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස හෝ තේ පානයක් ලෙස භාවිතා කිරීම මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කරගත හැකිය.
මානසික රෝග සමනය කර ගත හැකිය. අප ගතකරන කාර්ය බහුල ජීවන රටාවත් සමඟ මානසික පීඩනය හා මානසික රෝග තත්ත්වයන් ඇතිවීම වර්ධනයවී තිබේ. එනම් මානසික ආතතිය, කාංසාව, විෂාදය වැනි රෝග තත්ත්වයන් නිසා බොහොමයක් රහසේම පීඩා විඳිනු ලබයි. එම රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ මානසික රෝග සමනය කරගෙන සහනය සලසා ගැනීමට සේර භාවිතය ගුණදායකය. එනම් මේ සඳහා සේර කොළ දඬු වියළා කුඩුකර උණුවතුරට දමා පානය කිරීම හෝ සාමාන්‍ය පරිදි අප පානය කරන තේ පානයට සේර කැබැල්ලක් එක් කොට පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් ඉන් මානසික ආතතිය ,කාංසාව වැනි මානසික රෝග තත්ත්වයන් සමනයට පත් කරගත හැකිය.
ආර්ථව වේදනාවන්ට සහනය සලසා ගත හැකිය.බොහෝ කාන්තාවන් ආර්තව වේදනාවන් හේතුවෙන් පීඩාවට පත් වනු ලැබේ. එම කාල වකවානුව තුළ සේර භාවිතා කරන්නේ නම් එම වේදනාවන් සුව කරගත හැකිය. එනම් මේ සඳහා සේර තම්බා එයට ගම්මිරිස් ස්වල්පයක් දමා පානය කිරීම යෝග්‍ය වේ.
ඉදමුම්, වේදනා, උලුක්කු සමනය කරගත හැකිය. ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇති වන ඉදමුම්, වේදනා මෙන්ම හදිසි අවස්ථාවල ඇති වන උලුක්කු සුවකර ගැනීමට ප්‍රදාහ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ඉදිමුම් සමනය කිරීමට සේර තම්බා එම වතුරෙන් සේදීම මෙන්ම සේර තෙල් හා පැඟිරි තෙල් මිශ්‍ර කර ආලේප කිරීම ගුණදායකය. මීට අමතරව පහත දැක්වෙන රෝගී අවස්ථාවන් සඳහා ද සේර භාවිත කරයි.
අම්ල පිත්තයට වමනයටපාචනයටආහාර අරුචියට ආදී රෝග සමනය කිරීමට සේර භාවිතා කළ හැකිය. කෙසේ නමුත් ගර්භණී කාන්තාවන් සේර භාවිතය එතරම් සුදුසු නොවේ.
මස් ව්‍යාංජනයට සේර දාන්නේ ඇයි....?
ආහාර සැකසීමේ කලාවේ දී ලාංකිකයන් සිටින්නේ වඩාත් සුවිශේෂ වූ ස්ථානයකයිග එසේ වන්නේ අපේ ආහාර කලාව රසයට පමණක් මුල්තැන දුන් ආහාර කලාවක් නොවන බැවිනි. එහි දී දිව පිනවීම මෙන්ම ආහාරයේ පෝෂ්‍ය ගුණය ගැන ද අවධානයක් යොමු වේ.
ඇතැම් විට අපි එහි පෝෂ්‍ය ගුණය ගැන නොසිතුව ද ආහාර සඳහා යොදන ස්වාභාවික රස කාරක එතෙක් මෙතෙක් යොදා ගෙන ඇත්තේ ආහාරයේ රසය මෙන්ම පෝෂණීය ගුණය ද වර්ධනය වන ආකාරයෙනි. මේ පිළිබඳව කාන්තා ඔබ දැනුවත් කරන්නේ හෙළයේ මහා සූපවේදියාණන් වන ආචාර්ය පබ්ලිස් සිල්වා මහතායග අදත් අපි එදිනෙදා භාවිත කරන ස්වාභාවික රස කාරක කිහිපයක වටිනාකම පිළිබඳ විමසා බලමු.
මස් ව්‍යාංජනය සුවඳවත් කිරීමට හෝ රසවත් කිරීමට සේර අත්‍යවශ්‍ය නොවේ.
මෙය ඉංග්‍රීරසියෙන් Lemon Grass ලෙස හැඳින් වේග පැඟිරි පවුලේ තෘණ පැළෑටියකිග ඉතා තියුණු රසයකින් හා සුවඳකින් යුක්ත වේ.
කිසියම් කෑම වට්ටෝරුවක සේර යෙදිය යුතු බව සඳහන් නොවේ නම් ඒ සඳහා සේර නොයෙදීම වඩාත් සුදුසු යග අපේ බොහෝ දෙනා මස්වලට සේර දැමීමට පුරුදු වී සිටියත් අද සිට එය නොකර සිටීමට සිතට ගන්නග මන්ද අපට එම මස්වල සුවඳ සහ රස සේර නිසා නොදැනේග සේර සතුව පවතින සැර සුගන්ධය හා රසය නිසා අනෙකුත් රසවල් හා සුවඳවල් යටපත් වේ.
ඇතැම් ආහාරයක් නරක් වී තිබුණත් සේර සතු සැර සුගන්ධය නිසා එය නොදැනීම යම් අවාසි සහගත තත්ත්වයකිග දැන් ඔබේ සිතට .ඇයි එහෙම නම් ඉස්සර මිනිස්සු සේර පාවිච්චි කළේගග. යැයි පැනයක් ඇති විය හැකියි.
එයට හේතුව වන්නේල අපේ මුතුන් මිත්තන් සතුන් දඩයම් කරගෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීමයිග එසේ නැතිව සතුන් ඇතිකරගෙන මස් සඳහා මරා ආහාරයට ගත්තේ නැතග කැලයෙන් සතෙක් දඩයම් කරගෙන ආපසු එය ආහාරයක් ලෙස පිළියෙල කිරීමේ දී එම සතා ආහාරයට ගත් දේවල ගඳ නැති කිරීම හා එම සතාගේ සිරුරේ ඇති විසබීජ මැරීම යන කරුණු දෙක මූලික කොටගෙන මස් සැකසීමේ දී සේර යොදා ගැනිණිග නැතිනම් මස් කරියෙන් කොළ රහක් මෙන්ම කොළ ගඳක් වහනය වේ.
නමුත් දැන් එසේ නොවේ. අප ආහාරයට ගන්නේ දින දෙක තුනක්වත් පරණ වූ මස් ය. එමනිසා දැන් මස් ව්‍යාංජනය සුවඳවත් කිරීමට හෝ රසවත් කිරීමට සේර අත්‍යවශ්‍ය නොවේ.
තෙල් නිස්සාරණයෙන් ඉහළ ආදායමක්,
කෑම උයන කොට සේර කෑල්ලක් දාන්න ඔබ අමතක කළේ නැහැනේ... සේර සුවඳ කෑමට දෙන්නේ, අමුතු ම ජීවයක්. අම්මලා ඒක අත්දැකීමෙන් දන්නවා. කෑමට දාපු සේර කෑල්ලේ ගුණ ගැන ඔබ දැනගෙන හිටියාද? ඔව්. සේර කියන්නේ, හොඳ පිළිකා නසන දෙයක්. කැස්සට, උණට සේර ගුණයි. දද, හොරිවලටත් සේර ගුණ දෙනවා කියලා පොත්පත්වල තියෙනවා. සේර කියන්නේ, නොම්බර එකේ විසබීජ නාශකයක්. ඒ වගේම ආහාර මාර්ගයේ සියලු ම ලෙඩ රෝගවලට සේර ගුණයි කියලා තමයි, කියන්නේ. ඒ විතරක් නෙමෙයි, විවිධ විටමින් වර්ග, ඛනිජ වර්ග, මැග්නීසියම්, සින්ක් වගේ ගොඩක් ගුණ සේරවල තියෙනවා. ඒ කියන්නේ, පෝෂණීය ගුණයත් ඉතා ඉහළ යි.
සේර තෙල්...
ගෙදර ගෙනාපු ඔබ නිතර ම භාවිත කරන පිරිසුදු කිරීමේ දියරවල සුවඳ ඔබට මතකද? එහි කටුක සැර ගතියක් තියෙනවා නේද? ඒවායේ ගොඩක් වෙලාවට තියෙන්නේ සේර තෙල්. අපි “ලෙමන් ග්‍රාස්” කියලා හඳුන්වන්නේ සේර. සේර ශාකයෙන් ලබා ගන්නා තෙල්වලට කියන්නේ ලෙමන් ග්‍රාස් ඔයිල්. ලෝකයේ ප්‍රධාන විසබීජ නාශක සකස් කරන අමුද්‍රව්‍ය අතරේ සේරවලට ප්‍රධාන තැනක් හිමි වෙනවා. ඉතිං ඒ හින්දා සේරවලට හොඳ අපනයන ආදායමක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. සමහර රාජ්‍යයන් හි සේර කෑම බීම සඳහාත් භාවිත කරනවා. සේරවලින් රසවත් බීම හදනවා. අයිස්ක්‍රීම්, කේක්, පුඩින් වගේම චුයින්ගම්වලටත් සේර යොදා ගන්නවා. ඉතිං මේ වගේ වටිනාකමක් තියෙන සේර පැළයක් ඔබේ ගෙවත්තේ තිබ්බොත් හොඳයි නේද?
ආර්ථිකයට සවියක්...
ඇත්තට ම සේර ජාති දෙකක් තිබෙනවා. අපි කෑමට යොදා ගන්නා සේරවලට කියන්නේ, බටහිර ඉන්දියානු ලෙමන් ග්‍රාස් කියලා. තව වර්ගයක් තිබෙනවා ඒකට කියන්නේ කොචින් ලෙමන් ග්‍රාස් කියලා. තෙල් සකසා ගැනීම සඳහා යොදා ගන්නේ මේ කොචින් ලෙමන් ග්‍රාස් කියන වර්ගය යි. වගා කරන කොට වගාවේ ස්වභාවය අනුව මේ වර්ග දෙක භාවිත කරන්න මතක තියා ගන්න ඕනි. ඉතිං අපි නමෝ විත්තියෙන් ම ආර්ථික වශයෙන් ඵලදායීත්වයක් ලබා ගන්න පුළුවන් සේර වගාවක් ගැන කතා කරමු. මෙයට හොඳම ප්‍රදේශය තමයි වියළි කලාපය. ශ්‍රී ලංකාවේ බදුල්ල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල සේර වගා කරනවා. ජලය හොඳින් බැහැලා යන හොඳින් හිරු එළිය තියෙන ප්‍රදේශයක් තමයි මේකට ඕනි. පස බුරුල් කරලා, වල් අයින් කරලා, පොළොව සකස් කරන්න ඕනි. අඩි 2 ක පරතරයට තමයි පැළ හිටවන්නේ. මේ ක්‍රමයට පැළ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් බීජ පැළ. අනික දැනට පවතින වගාවක මොටෙයියාන් මඟින්.
අක්කරයට පැළ 8,000ක් 9,000ක් විතර හිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සේර වගාවට පොහොර යොදන්න අවශ්‍යතාවක් නෑ. ලෙඩ රෝගත් අනෙක් වගාවන් එක්ක බලද්දී ඇත්තට ම නෑ වගේ. මාස 03 යද්දී අස්වැන්න දෙනවා. ඊට පස්සේ මාස දෙකකට තුනකට සැරයක් වගේ අස්වැන්න ගන්න පුළුවන්. පොළොවේ ඉඳලා අඩි 06ක් විතර උඩින් ගොයම් කපනවා වගේ කපලා ගන්න ඕනි. හොඳින් හිරු එළිය තියෙන වෙලාවක තමයි අස්වැන්න නෙළා ගන්න ඕනි. නෙළාගත් අස්වැන්න මිටි බැඳලා තෙල් නිස්සාරණයට අරන් යනවා. මේ සඳහා බොයිලේරුවක් අවශ්‍ය යි. ගොඩක් අය කරන්නේ, බොයිලේරුවක් තියෙන තැනකට ගිහිල්ලා තෙල් ටික හින්ද ගන්න එක. මේක තමයි වාණිජ වගාවේ කතාන්දරය.
ගෙවත්තට සේර.....
ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක සේර පඳුරක් හදා ගන්න එක ගැටලුවක් නෙමෙයි. හැබැයි හොඳින් හිරු එළිය තියෙන වතුර රැඳෙන්නේ නැති තැනක් තෝර ගන්න. පෝච්චියක වුණත් වගා කරන්න පුළුවන්. මේ සඳහා මුලින් කියපු බටහිර ඉන්දීය ලෙමන් ග්‍රාස් එක හිටවා ගන්න උනන්දු වෙන්න. මොකද, අපි කෑම සඳහා භාවිත කරන්නේ, මේ බටහිර ඉන්දියානු ලෙමන් ග්‍රාස් වර්ගය විතර යි. මේකට තිබෙන හොඳම වැඩේ තමයි, ඔබේ ප්‍ර දේශයේ තිබෙන සේර ගහකින් මොටෙයියෙක් ගලවා ගන්න එක. ඒ වගේම පෝච්චිවල හිටවනවා නම් ඔබ කාබනික ද්‍රව්‍ය, මතුපිට පස් හා වැලි සමව අරගෙන බඳුන් මාධ්‍යය පුරවා ගන්න. දැන් මොටෙයියා හිටවා ගන්න. ජලය ටිකක් ලබා දුන්නාට කමක් නෑ. නිතරම ජලය යෙදීම අවශ්‍ය නෑ. මොකද මෙයා වියළි කලාපයට ඔරොත්තු දෙන හින්දා ගොඩක් වතුර ඉල්ලන්නේ නෑ.
පොහොර දාන්න අවශ්‍යයත් නෑ. විටින් විට කාබනික පොහොර, කොම්පෝස්ට් ටිකක් දැම්මා ම ඇති. මාස 03ක් විතර යද්දී පැළය වැඩිලා ඒවි. එතකොට අස්වැන්න ගන්න පුළුවන්. ඔබේ ගෙදරදොර අවශ්‍යතා සඳහා සේර කෑල්ලක් භාවිත කරන්න. ඒක හැම පැත්තෙන් ම ගුණයි. ශරීර සෞඛ්‍යයටත් හොඳයි. අම්ම කෙනෙක් විදිහට ඔබ මතක තියා ගන්න ඔබේ ආහාරයට සේර කෑල්ලක් යොදා ගන්න කොට ගෙදර ගැබිනි මාතාවක් හරි කිරිදෙන අම්ම කෙනෙක් හරි ඉන්නවා නම්, සේර ආහාරයට එකතු කරන්න හොඳ නෑ කියන එක.
(සටහන - උපුටා ගැනීමකි..)
Countdown Timer
40 seconds remaining