රෝග රැසකට ගුණ දෙන අලකොල ගැන ඔබ නොදත් තොරුතුරු මෙන්න.. පුළුවන් නම් හදාගෙන කන්න


 අලකොල නැත්නම් අලගොබ කියන්නේ ඉතාමත් රසවත් විදිහට ව්‍යංජනයක් හදාගන්න පුලුවන් ශාඛයක්.


මේ ගැන ඔබ නොදන්නා විස්තරයක්.

අලකොළ(වෙල් අලකොල) ශාකය ඇරාසි (Araceae) පවුලට අයත් වෙනවා.

Colocasia esculenta යන විද්‍යාත්මක නාමයෙනුයි හඳුන්වනු ලබන්නේ.

මෙම ශාකයේ නිජ බිම වන්නේ, ගිනිකොනදිග ආසියානු රටවල් සහ දකුණු ඉන්දියානු කළාප.

වර්ණය අනුව ප්‍රභේද 2ක්.

එනම් කලු අල කොල සහ සාමාන්‍ය කොලපාට අල කොලයි(සුදු අලකොල).

මේ දෙකෙහිම රස ගුණ එක හා සමානයි.

කුඹුරු ආශ්‍රිතව,දිය සීරාව සහිත ගංගා ඇල දොළ දෙපස වගුරු බිම්වල සුලභව දැකිය හැකි ශාකයක් ලෙස අල කොල හඳුනාගත හැකියි.

අප රටේ සුලබව දක්නට ලැබුනත් ආහාරයට නොගෙන නිකරුනේ අපතේ යන ආහාරයක් වන මෙම අලකොල ශාකය රසය මෙන්ම ගුණය අතින්ද ඉතාම ඉහල ආහාරයක්.

*අලකොලවල පවතින ප්‍රතිඔක්ශිකාරක ගුණය නිසා හදවත් රෝග ඇතිවීම පාලනය ක‍රනවා.

* අලකොල යනු රුධිරයේ සහ මොලයේ යහපත් පැවැත්මට අවශ්‍ය විටමින් K බහුල ආහාරයක්.

*ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C,A,E යන විටමින් වර්ග ද අල කොල වල අන්තර්ගත වන අතර එමගින් හිරුගේ අහිතකර පාරජම්බුල කිරණ වලින් සම ආරක්ශා කිරීමේ ගුණය අලකොල සතුයි.

*මිනිසුන් වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරන විනාශකාරී ප්‍රෝටීනයක් වන ඒ.ජී.ඊ.එස්.(AGEs) හී ක්‍රියාකාරිත්වය නිෂේධනය කර තරුණ බව රැකදීමේ හැකියාව තිබෙනවා.

*ශරීරයේ නිරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, සෙලනියම් සහ තඹ ඇතුලු ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අලකොලවල අන්තර්ගතයි.

*තන්තු සහිත ආහාරයක් නිසා බඩවැල්වල හිතකර ක්ශුද්‍ර ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ශා කරයි.
*ශරීරයේ අසාමාන්‍ය බර වැඩිවීම පාලනය කරයි.

*අලකොලවල අඩංගු ලුටින් සහ සීඇක්සැන්ටින් නම් විටමින් ඒ ප්‍රබේධ මගින් අහිතකර කිරණවලින් ඇස් ආරක්ශා කරයි.
* පිළිකා අවධානව අවම කරයි.

*ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටින් බොහෝ ප්‍රමාණයක් අලකොලවල අන්තර්ගත වෙලා තිබෙනවා.

*රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

*ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නංවයි.

*පොටෑසියම් අන්තර්ගත නිසා අධි රුධිර පීඩනයටදා මහඟු ඔසුවකි.

*රුධිරය කැටි ගැසීමට ලක් කරන හෝමොසිස්ටීන් මට්ටම සමතුලිත කර රුධිර කැටි ඇතිවීම වලකාලයි.

*මැස්නීසියම් අන්තර්ගත නිසා ශරීරයේ අශ්ථි පද්ධතිය ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසීස් තත්වයන්ගෙන් ශරීරය ආරක්ශා කරයි.

*අල කොල යනු ශරිරයේ පවතින විසබීජ විනාශ කල හැකි ප්‍රබල විසබීජ නාශකයකි.

කිහිපදෙනෙකුගේ ඉල්ලීම පරිදි මෙම අල, කොල ව්‍යංජනයක් ලෙස පහසුවෙන්ම පිලියෙල කරගත හැකි ආකාරයකුත් පහතින් ලියා තබන්නම්.

මෙම ක්‍රමය සාම්ප්‍රධායික ක්‍රමය නොවන අතර මා පිසගන්නා ක්‍රමයයි.

මේ ක්‍රමයට පිස ගතහොත් හොඳ රසයකින් යුත්තව ඉක්මනින් හා පහසුවෙන් අල කොල ව්‍යංජනයක් පිලියෙල කරගත හැකිය.

අල කොල ටික අරගෙන දවසක් 2ක් තියන්න මැලවෙන්න.එවෙලෙම උනත් උයන්න පුලුවන්.ඒත් මැල උනාම රස වැඩි.

ඊට පස්සෙ කෑලි කඩන්න කලින්ම ඇකිලුන කොල දිගෑරල හොඳට හෝදන්න.කොල ඇතුලෙ පණුවො ගැඩවිල්ලු ඉන්න පුලුවන් නිසා දිගෑරල හෝදන්න කිව්වෙ.

හෝදල ඉවරවෙලා තෙත හි‍ඳෙන්න ටිකක් තියන්න.

ඊට පස්සෙ දඬු ටික කොල ටික වෙනම වෙන් කරගන්න.

දණ්ඩෙ වටේ පොත්ත ගලවල ඉවත් කරගන්න.

ඒක අමාරු නෑ ලේසියෙන්ම ගැලවෙනව දිගට පටියක් වගේ.

පොත්ත පිටින් ඉව්වොත් කට කසනව.

පොත්ත අයින් කරපු දඩු ටික අතින් පොඩි කෑලිවලට කඩාගන්න.අතින්ම කඩන්න.කපල ගත්තම රස අඩුයි.

කොල ටිකත් අතින් හරි පිහියකින් හරි කෑලිවලට කපාගන්න.

මැල්ලුමකට වගේ පොඩියටම කපන්න ඕනි නෑ.

මොකද ඔක්කොම පොඩිවෙලා යනව ඉව්වම කොහොමත්.ආයෙ හෝදන්න එපා.මුලින් හෝදල ගන්න කිව්වෙ ඒකයි.

අර දඩු ටිකයි කොල ටිකයි භාජනේකට දාල ඒකට මිරිස් කරලක් 2ක්,රතුලූණු ගෙඩි කීපයක්,සුදුලූණු ගෙඩියක් දෙකක් කපල දාන්න.

රම්පෙ කරපි‍ංචයි කුරුඳු කෑල්ලකුයි ගොරක කෑලි 3ක් 4කුයි එකතු කරන්න.ගොරක අනිවාර්‍යයි.

ඊට පස්සෙ ඒකට මස්වලට වගේ බැදපු මිරිස් කුඩු සහ තුනපහ කුඩු ටිකක් වැඩිපුර දාන්න.

ඒක හදනකොට තේරෙයි.මහා ගොඩක් දාන්න එපා.සාමාන්‍ය මාලුවකට වගේ අඩුවෙන් දාන්නත් එපා. මස් වලට දානව වගේ ටිකක් වැඩිපුර දාන්න. ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයිත් දාන්න.

මේ ඔක්කොම දාල හොඳට කලවම් කරගන්න.

දැන් මැටි භාජනයක් ලිපේ තියල ඒකට තෙල් පොඩ්ඩක් දාල රත් වෙන්න තියන්න.

රත් උනාම ඒකට අබ ටිකක් දාල පුපුරවගන්න.

ඊට පස්සෙ අර හදාගත්ත අල කොල මිශ්‍රණය ඒ භාජනයට දාල තෙල් හොඳට තැවරෙන්න කලවම් කරන්න.

අල කොල මහ ගොඩක් තිබ්බට තෙම්පරාදුවෙනකොට පොඩ්ඩක් වෙනව.විනාඩි 2ක් 3ක් වගේ කලවම් කරමින් අල කොල ටික තෙලින් මලවගන්න.

අඩිය අල්ලන්න දෙන්න එපා.එහෙම උනොත් මිරිස් තුනපහ පිච්චිලා තිත්ත වෙන්න පුලුවන්.

කොල ටික හොඳට මැල උනාට පස්සෙ කොල මට්ටම වැහෙන්න පොල් කිරි එකතු කරගන්න.

මිටි කිරිම දානවනම් ටිකක් වැඩිපුර දාන්න.

මොකද වැඩි වෙලාවක් කොල ටික තැම්බෙන්න ඕනි.

මං නම් කරන්නෙ සාමාන්‍ය දිය කිරි දාල වහල තැම්බෙන්න තියල කිරි හිඳීගෙන එනකොට මිටි කිරි ටිකක් එකතු කරන එක.

ඒ මිටි කිරි එකතු කලාට පස්සෙ කලවම් කරමින් පිසගන්න.

ටිකක් වෙලා කලවම් කරනකොට අර කොල දඬු ඔක්කොම එකටම පොඩිවෙලා දොදොල් හැලිය වගේ වෙනව.අන්න එහෙම වෙලා හොඳි ගතියත් හිඳිල මිශ්‍රණය ටිකක් ගණ වෙනකොට ලිපෙන් බාගන්න.

ගොඩක්ම වේලෙන්න උයන්නත් එපා.

සාමාන්‍ය තලපයක් ගානට හින්ඳුවම ඇති.

සාම්ප්‍රධායික ක්‍රමය වගේ මේක හදන්න පැය ගනන් ලිපේ තියන් ඉන්න ඕනි නෑ.

පැය බාගයක් වගේ යනකොට ලිපෙන් බාගන්න පුලුවන්

ඔන්න වැඩේ හරි.දැන් නිවෙන්න තියල කෑමට ගන්න.

නිවුනම තමයි රස.

අද හවස හදනවනම් පහුවදා උදේට කන්නත් ටිකක් ඉතුරු කරගන්න.

පහුවදාට තමයි රසම.
මෙම අල්කොල ව්‍යංජනය ආහාරයට ගත් පසු කිසිවිටෙකත් ඇල්වතුර බොන්න එපා.උණුවතුර බොන්න කාපු වෙලාවට.

එවිට කසන සුළු ගතියක් ඇති නොවේ.
(උපුටා ගැනීමකි)



Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්