ආමන්ඩ්වලට වඩා ගුණ දෙන දීර්ඝායුෂ ගෙනෙන සිරුරේ ආරක්ෂකයා ගැන ඔබ දැනගෙන හිටියාද..?


 මේ කියන්න යන්නේ රසවත් අපේ දේශිය දෙයක් ගැන.. මේතරම් ගුණදායක මේ පළතුර ඔබට ඕනෑ තරම් දැකගන්න ලැබිලා ඇති..


ඒත් ඒකේ රස ගුණ ගැන නොදන්නා නිසා ඔබ මේවා කන එක ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්න නැතුව ඇති..

ඒත් ඒවාගේ ගුණ දැනගන්න.. ඇත්තතටම කොට්ටම්බා කියන්නේ ආමන්ඩ්වලටත් වඩා ගුණ දෙන කෑමක්.. අපේ දේශීය කොට්ටම්බා.. නැතිනම්, කොට්ටන්වල ගුණ ගැනයි මේ කියන්නේ..

1) කොට්ටම්බා කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්..
2) කොට්ටම්බා වල බැක්ටීරියා නාශක ගුණයක් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන නොයෙක් අජීර්ණ තත්ත්වයන් වලට මේවා ආහාරයට ගැනීමෙන් සුවයක් ලැබෙනවා.මේ නිසා තමයි කුඩා ළමුන්ට කොට්ටම්බා මද ආහාරයට දෙන්න කියලා විශේෂයෙන්ම ආයුර්වේදයෙ සදහන් කරලා තියෙන්නේ..
3) කොට්ටම්බා කියන්නෙ ලිංගික ශක්තිය වඩවන ආහාරයක්.. කොට්ටම්බා කෑමෙන් ක්ෂණික මෝචනය වැනි දුබලතා නැති කරගැනීමට පුළුවන්.
4) දියවැඩියා තියෙන අයටත් කොට්ටම්බා ගුණයි..
5) සන්ධි ආබාධ ඉදිමුන තුවාල සහ ආතරයිටිස් රෝගින්ටත් මෙමගින් සහනයක් ලැබෙනවා..
6) සම පැහැපත් කිරිමටද , වයසට යාම පාලනය කිරීමට ද හැකියාවක් කොට්ටම්බා සතු වෙනවා..
6) පිළිකාව අවධානම අඩු කරගැනීමටද ඔබ ආහාරයට ගත යුතුම දෙයක් තමයිි කොට්ටම්බා..
7) මේවා හෘද රෝගීන්ට ගුණ දෙන ආහාරයක්..

විවිධ රෝග, පාලනය කරමින් දීර්ඝායුෂ ලබාදෙන කොට්ටම්බා,

එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද ආහාරයට ගත හැකි වුවත් වඩාත් ගුණදායකවන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙනුයි..
විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටන් ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්..
එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා..
අමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්‍යේෂණාංශය වසර 20 ක් පුරා පුද්ගලයන් 119000 කගේ ජීවනරටා අධ්‍ය‍යනයෙන් කළ සොයා බැලීම්වල දී ද කොට්ටන් වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව තහවුරුකර ගත්තා.. ඒ අනුව කොට්ටන් පිළිකා හා සටන් කළ හැකි සූක්ෂම අණුක සහිත සෛලවලින් යුතු බව පර්යේෂකයන් පෙන්වා දුන්නා..



Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්