බිත්තරෙන් ඇස් යට කළු වෙන එක නැත්තටම නැති කර ගන්න..


 බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරයට ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදා ගන්නවා.


බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් මේ..

සමට හොඳ scrub එකක්

සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්.

බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට දෙන්න.


විනාඩි 20ක් 30ක් විතර ප්‍රමාණවත්. මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය try කරලා බලන්න.

ඇස් යට කළු වීමට

නිදි වැරීම, මානසික ආතතිය වැනි හේතු නිසා ඇස් යට කළු වීම, ඇස් වටා ඉදිමුම ඇති වෙනවා. ඒ තත්ත්වය අවම කරන්න බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරයි.

හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපහ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න.

ක්‍රමානුකුලව සතියට තුන් වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්) Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

රම්පෙ භාවිතයෙන් ඈත් වෙලාද..? පිළිකාකාරකයක් යැයි කියූ රම්පෙ ගැන අද ඇසෙන කතාව මෙන්න..

කවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා