අලූ කෙසෙල් පිරිමින්ට අගුණද?බයෙන් බයේ කන අයට දැන ගන්න මෙන්න කතාව


 අලූ කෙසෙල් පිරිමින්ට අගුණද? 


එහෙමත් නැතිනම් පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාරයක්ද?
‘පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’ බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවද? අද වන විට ඒ කතාව සත්‍යය යැයි කියන්නට විද්‍යාත්මකව සොයාගත් කරුණු කාරණා නැති බවමේ වෙකොට හෙළිවෙලා තියෙනවා.
අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලයාසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු අමෙරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙනවා. Smusa Sapienpum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදා ගන්න ගෘහනියකට හැකියි. ඒ වගේම අලු කෙසෙල් සිහින්ව පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තිබෙනවා. අවුරුදු කාලයට සැකැසෙන හත්මාළුව සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නේ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එලවළුවක්.
අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශරීරය සිසිල් වේ.
එම නිසා උෂ්ණාධික ‍රෝගවලට මෙන්ම උෂ්ණය නිසා ඇතිවෙන කාන්තා ‍රෝගවලට අලුකෙසෙල් ආහාරයට ගැනීම මගින් සහනයක් ලබා ගත හැකිය.
අලු කෙසෙල්වල ගුණ
අලු කෙසෙල් තන්තු බහුල ආහාරයක් වන බැවින්....අලු කෙසෙල් ආහාරයට එක්කර ගැනීම මගින් ...
බඩගිනි වඩවයි.
ආහාර දිරවීම පහසු කරයි.
අජීර්ණය මෙන්ම මල බද්ධය ද සුව කරයි.
බඩ පුරවා දැමීම බඩේ දැවිල්ල ආදී රෝග ද සුව කරයි.
අර්ශස් රෝගීන් ට වටිනා ආහාරයකි.
ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරන බැවින් කොලෙස්ටරෝල් වලටද ගුණදායක යි.
මුත්‍රා ගල්වලට ද වඩාත් සුදුසු ය.
පිත්තාශයේ ගල් ඇති වීමද වලක්වයි.
විටමින් සී වලින් සමන්විත බැවින් පිළිකා නාශක ගුණ සහිතයි.
විටමින් ඒ බහුලව ඇති නිසා ප්‍රතිශක්තිකරණ ය වර්ධනය ට මෙන්ම අක්ෂි රෝග ද වලක්වා ගැනීම ට උපකාරී වේ.
ශක්තිජනක ආහාරයක් බැවින් යම් රෝගයක් වැලදීම නිසා ශරීර ශක්තිය දුර්වල වී සිටින අයට ශරීරයේ ශක්තිය වඩවන ආහාරයක් ලෙස අලුකෙසෙල් දිය හැකිය.
යකඩ බහුලව අඩංගු ආහාරයක් බැවින් මෙන්ම අධික කැලරි ප්‍රමාණයක් අඩංගු බැවින් නීරක්තියෙන් පීඩා විදින අයට වඩාත් ගුණදායක යි.
පණු රෝග සුව කරයි.
ස්නායු පද්ධතියට මෙන්ම හෘදය ක්‍රියාකාරිත්වය ටද ගුණදායක යි.
ශරීරයේ ජල සමතුලිතතාවය රැක ගනී.
මතක ශක්තිය වඩවන ආහාරයක් නිසා කුඩා දරුවන් ට ද දීම සුදු සු ය.
දියවැඩියාවෙන් පීඩා විදින රෝගීන්ටද ගුණදායක යි...
සර්ප විෂ නැසීම සදහා අලු කෙසෙල් අල යොදාගනී.....
අලු කෙසෙල් මදය මෙන්ම පොතුද විවිධාකාරයෙන් රසවත් ව්‍යාංජනයක් ලෙස පිසගත හැකිය...
අලු කෙසෙල්වල අගුණ
වකුගඩු රෝගීන්ට අලුකෙසෙල් ආහාරයට ගැනීම සුදුසු නැත...
අලුකෙසෙල් දිනපතා ආහාරයට ගැනීමද නුසුදුසු වේ...
අප අවට ඇති වස විසෙන් තොර ගුණදායක ආහාර හදුනාගෙන ඒවා ඔබේ එදිනෙදා ආහාරයට එක්කර ගැනීමෙන් වෙලදපොලෙන් ලබාගන්නා වසවිස යෙදූ ආහාර සමග ගෙදරට පැමිණෙන බෝ නොවෙන රෝග රැසකට තිත තැබිය හැකිය.....
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්