බිඳුනු හදවත් ඇති අයටත්, හදවතට ආදරේ අයටත් හදවත පරිස්සම් කරගන්න හොඳම ගෙඩිය


අත්තික්කා / අට්ටික්කා Ficus recemosa / Cluster fig/ දිඹුල්/ උදුම්බර /Gular

ගෙයි මැද සාලෙ පිපුනත් මලක සුවඳට බඹරු එනව.

හැබැයි සමහර මල් තියෙනවා බඹරුන්ටත් හොරෙන් පිපෙන .

අත්තික්කා කියන්නෙ එහෙම එකක්.

මල් නෑ කිව්වට මල් පොකුරක්ම පිපෙනවා ආවරණය වෙලා.

නුග,බෝ ඇතුළු මේ කුලයේ ශාක වල මල් පිපීම වගෙම පරාගනයත් වෙනස්.

ඒක දිග කතාවක්. මට කියන්න ඕනෙ අත්තික්කා ගෙඩි ගැන .

අත්තික්කා කියන්නෙ බොහෝම පැරණි කාලයේ ඉඳන්ම පැවතෙන වනගත වෘක්ෂයක්.

විශේෂයෙන්ම ගංගා,ඇළ,දොල වැනි දිය පාරවල් වලට කිට්ටුව තමයි බොහෝවිට හැදෙන්නේ .

ඒකයි නදී උදුම්බර කියන්නෙ.

මුළු ගහේම තියෙන්නේ මනුස්ස අපිට බෙහෙත් .

කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා මුලු සරුවාංගෙටම බෙහෙත් මේ ගහේ තියෙනවා .

දුකට කාරණාව නම් අපේ පොෂ් පීපල්ස් ල මේව තඹේකට ගනන් ගන්නෙ නැති එකනෙ.

මේක වන පලතුරක් .

වනයේ සරන කුරුල්ලන්ට,වඳුරන්ට,විතරක් නෙමෙයි මාළුන්ටත් ආහාරයක් .

නියඟයකදි, සාගතයකදි අපිට උනත් සුදහ ගින්දර නිවාගන්න පුලුවන් බොහෝම පිරිසිඳු ආහාරයක් .

අපේ පැරැණ්නන් කියල තියෙනවා ලෙඩක් හැදෙන්න කලින් ඖෂධීය ආහාර ගන්න කියල .

උන්දැලා වයසට ගියත් ලෙඩක් දුකක් නැතුව ගස් ගල් පෙරලන්න තරම් ශක්තිමත්ව හිටියෙ එහෙමයි .

මගෙ අත්තම්මගෙ ආහාර ලැයිස්තුවේ තිබුන වටිනාම ආහාරයක්

අත්තික්කා මුළු ශරීරෙටම ගුණයි. ඒ අතරිනුත්

ප්‍රතිශක්තිය ඉහල නංවාගන්න / පුරුෂ ශක්තිය වර්ධනය කරගන්න / කාන්තාවන්ගේ ඔසප් අක්‍රමිකතා සහ ගර්භාෂ රෝග මඟ හරවාගන්න / රුධිරය පිරිසිඳු කරගන්න / රක්තහීනතාවය නැති කරගන්න / පිලිකා සෛල වර්ධනය වලක්වාගන්න විතරක් නෙමෙයි තරුණ පෙනුම රැකගන්නත් අපූරුයි .

මේ දවස්වල කතා බහට ලක්වෙනවා අධි රුධිර පීඩනය නිසා මියයන පිරිස් ගැන .

අත්තික්කා වලට පුලුවන් විශේෂයෙන්ම ධමනි අවහිර වීම වලකා රුධිර පීඩනය නියාමනය කරන්න .

හදවත් රෝග වලින් අපිව ආරක්ෂා කරගන්න 

ඒ වගේම කැස්ස,උණ රෝග, ඒ නිසා ඇතිවන ඇඟපත වේදනාවට සහනය සලසලා ප්‍රතිශක්තිය ඇති කරවන්න පුලුවන් .

කොරෝනා කාලෙදි මම විශේෂයෙන්ම ගත්ත එක ආහාරයක් තමයි අත්තික්කා . 

ඒ වගේම ඉන්සිසුලින් ශ්‍රාවය වැඩි කරනවා.

අපි ගන්නා ආහාරවලින් නිපදවෙන ග්ලූකෝස් හෙමින් උරාගන්න සලස්වන්න අත්තික්කා වලට පුලුවන්.

කෙටියෙන්ම කිව්වොත් දියවැඩියාවට ගුණයි 

අහිතකර කොලෙස්ටරෝල් පාලනයටත් හොඳයි 

මේ හා සමාන ශාක තියෙනවා කොට දිඹුල සහ  fig fruit යනුවෙන් හඳුන්වන වර්ග.

මේ ඒවා නෙමෙයි . ඒවා ගැනත් චායාරූපයට පහලින් සඳහන් කරල ඇති.

අපිට අගේ නැති මේ අත්තික්කා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් වගේම වෙනත් දියුණු රටවල්වලත් නොයෙක් විදියට ආහාරයට ගන්නවා.

අපි හැමදාම කලේ වටිනාම දේවල් තුට්ටුවකටවත් මායිම් නොකර අඩු සැලකිලි දැක්වීමයි.

දැන්වත් මායාවෙන් මිදිලා ඖෂධ ගුණයෙන් යුතු ආහාර අරන් නිරෝගී වෙමු.

මේ කාලෙ පොකුරු පිටින් හැදෙන නිසා එයින් ප්‍රයෝජන ගනිමු.

අත්තික්කා ශාකයේ විවිධ කොටස් නොයෙක් ආකාරයට නොයෙක් රෝගයන් සඳහා භාවිතා වෙනවා.

ඒවා සුදුසුකම් ලත් දේශීය වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත ලබාගත යුතුයි.

???? warfarin නම් ඖෂධය පාවිච්චි කරන අය අත්තික්කා කන්න එපා.

???? ගර්භණී අයෙක් මේවා ආහාරයට ගන්නවානම් ඒ ගැන හොඳින් දැනුවත්වෙලා ආහාරයට ගන්න ඕනෙ.

කලින් නොකෑ විශේෂ දේවල් ගර්භණී කාලයේදී නොගෙන ඉන්න එක තමයි හොඳම.

???? දැනටමත් ඖෂධ පාවිච්චි කරන අය මෙවන් ඖෂධීය ආහාර ගැන තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න .







 

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්