මස්,මාළු ඕනිම නැහැ...මියණ දළු තියෙනවා නම් ලේ වඩන්නට මේ තමයි හොඳම කෑම


 අපේ ගෙදර ගොඩක් වෙලාවට හැදෙන ව්‍යංජනයක් තමයි මියන දළු කියන්නේ(සමහරවිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ නම් වෙනස් වෙනවා ඇති).


මියන දළු කියන්නේ  මස් මාළු තරම්ම සමහරවිට ඊටත් වඩා ගුණ දෙන දළු වර්ගයක්.

ගොඩාක් වෙලාවට ලේ වැඩෙන්න දෙන කොල ජාතියක් විදිහට මේ මියන දළු හඳුන්වන්න පුළුවන්.

මේ දළු හදන්නේ ව්‍යංජනයක් විදිහට.ගොඩාක් වෙලාවට මේ ව්‍යංජනය තෙල්වලින් තෙම්පරාදු කරලත් හදනවා වගේම පොල් මිරිස් තලලා දාලත් හදනවා.

ගොඩාක්ම රසවත් හැබැයි පොල් මිරිස් තලලා හදන ව්‍යංජනය.

හදන්නේ මෙහෙමයි.

මියන දළු සෝදලා හීනීයට කඩාගෙන භාජනයකට දාගන්න.

ඊට පස්සේ මිරිස් කුඩු,කහ කුඩු,තුනපහ,ලුනු සහ ලූනු ඇති පදමට එකතු කරගන්න.

ඊට පසුව වතු‍ර ටිකක් එකතු කරලා,ඒ වතුරෙන් තැම්බෙන්න හරින්න.

ඊට පස්සේ පොල් ටිකක් ගාලා ඒ ටිකට කොච්චිත්,කුරුඳුත් එකතු කරලා මිරිස් ගලේ හොඳට අඹරගන්න.

ඒ ටික කරගන්නකොට ලිපේ තියෙන මියන දළු වතුරෙන් තැම්බිලා ගානට මිම්මට වතුර ටිකත් හිඳලා තියෙයි.

ඊට පස්සේ අඹරගත්තු පොල් ටික මියන දළු ටිකට එකතු කරගෙන හොඳට තෙම්පරාදු කරගන්න.

මද වෙලාවක් ලිපේ තියලා ලිපෙන් බාගන්න.‍

රතු හාලේ බතුත් එක්ක මේ වයංජනය හරිම රහයි,පුළුවන් නම් කොස් මදුළු ටිකකුත් දෙකට පළලා තම්බ ගත්තා නම් කදිමයි.

උන හැදුන ‍රෝගීන්ට ඒ වගේම දරුවන් හම්බුන අම්මාවරුන්ටත් ලේ වඩන්න දෙන්න ඉතාමත් ගුණදායී ව්‍යංජන‍යක් ලෙසයි පැරැන්නෝ මේ මියන දළු වයංජනය හඳුන්වන්නේ.



Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්