මේ නම් ඖෂධ ගබඩාවක්... පුහුල් ගෙඩියක මේ තරම් ගුණ තියනවා කියලා ඔබත් කළින් දැනගෙන හිටියද?


 නිකන් දුන්නත් නොකන ගෙඩිය මොකක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරෙත් මේ අලු පුහුල් ම තමයි...


වට්ටක්කා, පිපිඤ්ඤා වගේ මහා පරිමාණයෙන්  මේ එළවළුව වගා නොවෙන්නේ ඇත්තටම අපිට මේ ගැන තියෙන අබෝධය අඩු නිසයි..

ඒත්, වැල්වල හටගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස සැලකෙන්නේ අලු පුහුල්... ඉස්සර නම් අපේ ගැමියන්ට පුහුල් ගෙඩිය හොරකම් කරගෙන යන තරමටම ඉතා වටිනා එළවළුවක් වුණා.. ඒකනේ "පුහුල් හොරා කරෙන් දැනේ" කියලා ප්‍රස්ථා පිරුලකුත් අපේ ජනප්‍රවාදයේ තියෙන්නේ..

අලු පුහුල් ගෙඩිය ගුප්ත කටයුතු වලදී නිතරම භාවිතයට ගැනෙන එළවළුවක්.. අණවින කොඩිවින හදි හූනියම් වගේ ලොකු ලොකු බන්ධන කපන්නත් ඇස්වහ කටවහ දෝෂ යවන්නත් මේ අලු පුහුල් ගෙඩිය අපේ ඇදුරන්ට නැතුවම බෑ..

අලුතෙන් ගෙයක් දොරක් හදනකොට අලු පුහුල් ගෙඩියක් ගෙදර ඉස්සරහින්ම එල්ලන්නේ මේ ඇස්වහ කටවහ දෝෂ දුරුකරගැනීමේ අදහසින් තමයි..

අලු පුහුල්වල ගුණ...

• සිරුර සිසිල් කරයි
• නිතර දැනෙන පිපාසය සන්සිඳුවයි
• පණු රෝග වලට ගුණදායකයි
• හදවත හා පෙනහළු ශක්තිමත් කරයි
• හදවත් රෝග සඳහා ගුණදායකයි
• මදසරු භාවය නැති කරයි
• මොළය වර්ධනය කරයි
• මතක ශක්තිය වඩවයි
• මානසික ආතතිය අඩුකරයි
• මානසික රෝග නැතිකරයි
• පිළිස්සුම් තුවාල සුවපත් කරයි. (පුහුල් දළු)
• සුව නොවන කැස්සට ගුණදායකයි
• මුත්‍රාගල් ඇතිවීම වළකයි
• මුත්‍රා දාහය නැතිකරයි
• ඌෂ්ණාධික රෝග වලට ඉතා සුදුසුයි
• අම්ලපිත්තයට (ගැස්ට්‍රයිටිස්) ගුණදායකයි
• අර්ශස් වලට ගුණදායකයි
• නාසයෙන් රුධිරය පිටවීම වළකයි
• අධික මාස් ශුද්ධිය වළකයි
• වකුගඩු වලට ගුණදායකයි
• රක්තහීනතාවයට ගුණදායකයි
• ශරීරයේ කෘෂ බව නැතිකර ශරීරය පෘෂ්ඨිමත් කරයි
අලු පුහුල් ගෙඩියෙන් ප්‍රතිකාර...

. අර්ශස් වලට, නාසයෙන් රුධිරය පිටවීමට හා සීමා රහිත මාස් ශුද්ධියට ගුණදෙන "ශීත කසාය"
රාත්‍රියේ ගාගත් අලු පුහුල් මද වලට කොත්තමල්ලි කුඩු, වැල්මී කුඩු සහ සුදු හඳුන් කුඩු එක්කර භාජනයක දමා වසා රැයක් පහන් වනතුරු පින්නේ තබන්න. උදෑසනින්ම එම මිශ්‍රණය මිරිකා යුෂ පමණක් වෙන්කර පානය කරන්න.
. පණු රෝග වලට ගුණ දෙන පුහුල් ඇට කුඩු
වියළාගත් අලු පුහුල් ඇට කුඩු කරගන්න. මෙය ව්‍යාංජන වලට යෙදීමෙන් හෝ අලු පුහුල් ඇට සියුම්ව කුඩු කර එයට සීනි සහ එළඟි තෙල් දමා බොන්නට දීමෙන් පටි පණු රෝගය ඇතුළු බොහෝ පණු රෝග සුවකරගත හැකියි.
. දරුඵල සම්බන්ධ ගැටළු ඇති අයට
• පුහුල් ගාගෙන එහි තඹදිය හැර තම්බන්න. එය නිවුනාට පසුව පුහුල් මේස හැඳි 02 කට මීපැණි තේ හැන්දක් මිශ්‍රකර ආහාරයට ගන්න.
• පුහුල් මිරිකා එහි ඉස්ම ගෙන එයට සීනි ටිකක් දමා පානය කරන්න.
. ශරීරයේ කෘශ බව නැතිකර ගැනීමට "කුෂ්මාණ්ඩරසායනය"
අලු පුහුල් භාවිතා කර ආයුර්වේදයේ දී සකසනු ලබන මෙම කුෂ්මාණ්ඩරසායනය භාවිතා කිරීමෙන් ශරීරයේ කෘශ බව සහ තවත් බොහෝ සෞඛ්‍යමය ගැටළු වලින් අත්මිදිය හැකියි. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුයි.
. රක්තහීනතාවයට, ශරීරයේ කෘෂභාවයට ගුණ දෙන "පුහුල් බස්නය"
ලොකු පුහුල් ගෙඩියක් ගෙන ඉහළින් ඇස්ස කපා පුහුලට හානියක් නොවන සේ එහි මදය ඉවත් කර ලොකු කුහරයක් සාදාගන්න. ඉන්පසු පුහුලේ එම කුහරයට ඉඟුරු ඉස්ම, දෙහි ඇඹුල් ඉස්ම, පොල් පැණි සහ කිතුල් පැණි සමානව (බෝතල් භාගය බැගින් පමණ) එක්කරන්න. ඊට අමතරව යකඩ කුඩු හෙවත් ලෞහ භෂ්ම ද කුඩා ප්‍රමාණයක් එම කුහරය තුළට දමා පෙර තිබූ ලෙස නැවතත් ඇස්සෙන් වසා තබන්න. මෙසේ දින 03ක් ලිප ළඟ තබා සිව්වන දිනයේදී ඇස්ස ඉවත්කර එහි තුළ ඇති ද්‍රාවණය ඉවතට ගන්න. හොඳින් පෙරන්න. වරකට මේස හැඳි 01 බැගින් දිනකට මේස හැඳි 02 ක් පානය කරන්න.
. රක්තහීනතාවයට, අර්ශස් වලට ගුණදෙන අලු පුහුල් දළු"
වට්ටක්කා දළු සකස් කරගන්නා ආකාරයටම අලු පුහුල් දළු සකස්කරගන්න. කොස්ඇට කිහිපයක් තලා දමන්නේ නම් මෙම ව්‍යාංජනය වඩාත් රසවත්ව පිළියෙල කරගත හැකියි.
. පිළිස්සුම් තුවාල සඳහා
පුහුල් දළු අඹරා ආලේප කිරීමෙන් පිළිස්සුම් තුවාල සුව කරගත හැකියි.
. උෂ්ණාධික රෝග වලින් කාන්තාවන්ට
පුහුල් මද ලිප තබා එයට කිතුල්, තල් හෝ පොල් පැණි මිශ්‍රකරන්න. මෙය ඝන තත්වයට පත්වන විට ලිපෙන් බාන්න. නිවෙන්නට හරින්න. නිවුනු පසුව මෙය ආහාරයට ගැනීම ඉතා යෝග්‍යයි. මෙහිදී පුහුල් මද 500g ක් සඳහා පැණි 100ml -150ml ත් අතර ප්‍රමාණයක් මිශ්‍ර කරීම වඩාත් සුදුසුයි.
. ගැස්ට්‍රයිටිස්වලට
පුහුල් ඉස්ම මිරිකා පානය කරන්න.




Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්