මතක ශක්තිය වඩවන සහ සෙම රෝග නසන විශ්මිත පානය
කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වාම නොයෙකුත් රෝග සඳහා භාවිත කළ හැකි ලූණුවිල කුඩා කාලයේ සිටම දරුවන්ට ලබාදීමෙන් දරුවන්ගේ මතක ශක්‌තිය වර්ධනය වී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මහගු රුකුලක් වෙනවා. එබැවින් ලූණුවිල තම ගෙවත්තේ වගාකර ගන්නේ නම් ගෙදර වෙද මහතෙකු සිටිනවා වැනිය.විශේෂයෙන් ම ස්‌මරණ ශක්‌තිය (මතක ශක්‌තිය) දියුණු කිරීමේ මහා ගුණයක් ලූණුවිලවල අඩංගුවේ. කුඩා කාලයේ සිට ලූණුවිල යුෂ ස්‌වල්පයකට මී පැණි දමා දීමෙන් දරුවන්ගේ මතක ශක්‌තිය වර්ධනය වීමෙන් ඉගෙනීමේ කටයුතු වලට එය පිටිවහලක් වනු ඇත.
මොළයේ ක‍්‍රියාකාරීත්වයට හෘදය වස්‌තුවේ බලය ඇති කිරීමට මෙය ඉතා ප‍්‍රත්‍යක්‌ෂ වේ. හෘදය වස්‌තුව හොඳින් උත්තේජනය කරන හැකියාව ඇත. සෙම්රෝග, වාත රෝගවලට ඉතා යෝග්‍ය වේ. ශරීරයේ ඇතිවන ඉදිමුම් වේදනා නැති කිරීමටද හිතකරය. ශරීරයේ බලය වඩන මෙය සෙම් රෝගයට ගුණ නිසා පෙනහලූවල සෙම ඉවත් කිරීමටද ඉතා ගුණදායකයි. කුසගිනි අඩු අයට, ආම දෝෂ ඇති අයට, මළ බද්ධයට, කටහඬ දුර්වල අයට ඉතාම යෝග්‍ය වේ. උගුරේ හටගන්නා සියළු රෝග වලට ලූණුවිල එළගි තෙල් දමා මලවා ආහාරයට ගැනීමෙන් එය සුව වේ.
විශේෂයෙන් ම උන්මාදය හෙවත් මානසිකව හට ගන්නා කැළඹිම නිසා ප‍්‍රකෘති සිහියෙන් ඉවත්ව කටයුතු කරන අයට ප‍්‍රකෘති සිහිය ලබාදීමට ලූණුවිල හොඳ ප‍්‍රතිකාරයකි. මානසික රෝග සඳහා ලූණුවිල උපයෝගී කරගෙන පාරම්පරික ඖෂධ දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ප‍්‍රතිකාර සඳහා යොදනු ලැබේ. මොළයට හිතකර ලූණුවිල ඔසුවක් ලෙස ඕනෑම මානසික කැළඹීමකදී පාවිච්චියට ගත හැක.
එපමණක් නොව ඉතාම අසරණ තත්ත්වයට පත් කරන මීමැස්‌මොරය නම් වූ රෝගයට ද මෙය ඔසුවක් ලෙස ක‍්‍රියාත්මක වෙයි. ආයුර්වේද වෙදකමේ දී නිෂ්පාදිත බ‍්‍රාහ්ම සෘතය මෙම රෝග සඳහා ඉතා ම ප‍්‍රත්‍යක්‌ෂ ඔසුවකි. චර්ම රෝග, වන, කුෂ්ඨ ,ශරීරයේ කැසීම් යනාදියට ද හිතකර වේ.
උෂ්ණ ගුණයෙන් යුක්‌ත වූ මෙය රසයෙන් තිත්තයි. වීර්යයෙන් ද උෂ්ණයි. දිරවීමට පහසුයි. කුස ගිනි වඩන ආහාර හොඳින් පැසවීම සිදුවන අතර මළ පහසුවෙන් පිටවන ගුණය ද මෙහි අඩංගුය. ඖෂධ පිණිස අමුවෙන්ම ගත යුතු ශාකයකි. ඉක්‌මනින් නරක් වන නිසාත් ගුණය හීනවන නිසාත් නෙලාගත් විගස ප‍්‍රයෝජනයට ගැනීම සුදුසු වන අතර වියලා සුරක්‌ෂිතව තබා ගැනීමෙන් ඔසු පිණිස යෙදිය හැක. මේ තරම් ප‍්‍රයෝජන රාශියක් ඇති ලූණුවිල ගෙවත්තේ වගා කර ගැනීමෙන් ඔබට ලැබෙන ප‍්‍රයෝජන කෙතරම් ද කියා ඔබට වැටහෙන්නට ඇත.
විවිධ කෘත‍්‍රීම ඖෂධ මගින් රෝග සුවකර ගැනීමට උත්සාහ දරනවා වෙනුවට අපේ පයට පෑගෙන ස්‌වභාවික ඖෂධ පැළෑටි හඳුනාගෙන ඒවායේ වටිනාකම සහ ගුණාත්මක බව තේරුම් ගෙන රෝග වළක්‌වා ගැනීමට සුවපත් කර ගැනීමට සැලකිලිමත් වන්නේ නම් ඔබටත් නොසිතූ විරූ අන්දමට සහනය ලබා ගත හැකිය. මේ ගැන මොහොතක් හෝ ඔබත් සිතා බලන්න.
අපේ රටේ වැවෙන ගුණයෙන් ඉහළ මෙවැනි ඖෂධ පැලෑටිවල අඩංගු රස,ගුණ වීර්ය, විපාක , ප‍්‍රභාව ආදී ද‍්‍රව්‍ය ශක්‌ති හඳුනාගෙන බටහිර ජාතිකයින් ඒවා රසායනික ශක්‌තීන් බවට පමුණුවා විවිධ පෙති කරල් නිපදවා රෝග සුව කරගැනීම සඳහා භාවිත කරනවා. අප රටට එවන විට ඒවා අගය කරමින් අපිත් පානය කරනවා.
( උපුටා ගැනීමකි.. )
Countdown Timer
40 seconds remaining