ආතරයිටිස් නොහොත් හන්දිපත් රුදාවෙන් මිදෙන්නේ මෙහෙමයි...


 වර්තමානයේ ලෝකයේ බහුතරයක් පීඩා විඳින සන්ධි රෝගය වේ.


වයස අවුරුදු 65ට වැඩි ජනගහනයෙන් 75% ක් පමණ සන්ධි ආශ්‍රිත රෝග වලින් පෙළෙන අතර එයින් බහුතරයක් ඔස්ටියෝ ආතරයිටිස් ( ආයුර්වේදීයව සන්ධිගත වාත) රෝගය වේ.
 
01-සන්ධි සහ සන්ධි අතර කාටිලේජ ආශ්‍රිතව කාලීනව ඇතිවන ගෙවීම්/ හානිවීම් තත්වයක් නිසා ඇතිවේ.
02-වැඩි වශයෙන් භාවිතා වන/ වැඩ කරන සන්ධි ආශ්‍රිත මුලින් ඇතිවේ, විවිධ අයට ඇතිවන පීඩාව සාපේක්ෂ වේ.
03-ඇතැම් අයට සන්ධි සහ කාටිලේජ ගෙවීම් හානිවීම් තිබුණද එදිනෙදා ජීවිතයේ කටයුතුවලට බාධාවක් නොවන අතර ඇතැමුන්ට බරපතල වේදනා , ස්ථබ්ධතා(Stiffness) සන්ධිවල විකෘත වීම් සහ ක්‍රියා හානි ඇතිවේ.
04-සන්ධිවලට ඇතිවන හානිය කාටිලේජ, ඛණ්ඩරා, මාංශපේශි සහ අස්ථි දක්වා ක්‍රමයෙන් වර්ධනය වේ.

ප්‍රධාන වශයෙන් දණහිස්, උකුල් සන්ධි , මැණික් කටු, වැළමිට, උරහිස්, ගුල්ඵ සන්ධිය(විලුඹ),ගෙල ප්‍රදේශය, කඨී කශේරුකා ප්‍රදේශය වැනි සන්ධිවලට රෝගය ඇතිවේ. 

කාන්තාවන් අතර බහුල වන අතර ඔවුන්ගේ ගේ ආර්ථවහරණය සමඟ මෙම තත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. පොදු ව්‍යවහාරයේ " දණිස් කැක්කුම "ලෙස හඳුන්වන දණහිස් සන්ධිවල ඇති මෙම රෝග තත්වය නොමැති වයස 50ට වැඩි කාන්තාවන් ඉතා අඩුය.

වැඩි වශයෙන් ;
01-වයස්ගත වීම
02- වැරදි ඉරියව් කාලීනව භාවිතය
03-සිටගෙන රැකියා කරන අයට
04- ශරීරයේ බර වැඩි අයට
05-අනතුරු, හදිසි අනතුරු සහ ශල්‍යකර්ම නිසා සන්ධි හානි ඇති වූ අයට
06- ජානගත සහ අස්ථි වල ව්‍යුහාත්මක වෙනස්කම් සහිත අයට තරුන වයස්වල සිට ඇතිවේ. 
07-සන්ධි ආශ්‍රිතව ගෙවීම් ක්‍රමයෙන් ඇතිවීගෙන යන විට, වේදනාව, ඉදිමුම් ඇතිවන අතර එම අවස්ථාවේ ප්‍රතිකාර කරා යොමුවීම ඉතා සුදුසුවේ. නැතහොත් සන්ධි වල අධික වේදනාව, ස්ථබ්ධතාවය ( හිර ගතිය) සහ චලන සීමා වීම ඇතිවේ.

එවිට එසේ හානි වූ සන්ධියේ වේදනා නිසා ශරීරයේ අනෙක් පාර්ශවයේ අදාළ සන්ධිය වැඩිපුර භාවිතයට නිතැතින් යොමු වීම නිසා එම සන්ධියද ඉක්මනින් හානියට පැමිණේ.
සන්ධිය හානියට පත්වන විට වේදනාව ක්‍රමයෙන් සන්ධියෙන් එපිටට පැතිරී යයි, ඉදිමුම සහ තරල රැස්වීම සිදුවේ.

උදෑසනදී හානියට පත් වූ සන්ධියේ චලන ආරම්භ කිරීමේදී අපහසුතාවයක් ඇති අතර එය මිනිත්තු කිහිපයකින් නැති වී යයි, නැවත එදිනෙදා කටයුතුවල යෙදීමෙන් පසු නැවත සන්ධිය ඉදිමුම වේදනාව වැඩිවීම සිදුවේ.

දණහිස්වල වැඩිපුරම ඇතිවන මෙම රෝගයේදී විශේෂයෙන් පඩිපෙළවල් නඟින බසින අයට මෙම තත්වය මහත් පීඩා ගෙන දෙන අතර එය සන්ධි තවදුරටත් බරපතල ලෙස හානිවීමට හේතුවේ. අවසානයේ සන්ධි ලිහිල් වී ඇදවීම,බකල වීම සිදුවේ.

දණහිස් වල මෙම තත්වය ඇති විට සාමාන්‍ය වැසිකිළි භාවිතයේදී සහ කඳු, බස්වලට, පඩිපෙළ් නඟින විට, වාඩිවී සිට නැඟිටින විට බලවත් ලෙස පීඩාවට පත්වේ.

අනෙක් සන්ධිවල ඇතිවූ විට රෙදි මිරිකීම, පොල් මිරිකීම, කොණ්ඩය පීරීම, යමක් එසවීම යනාදී ක්‍රියාවන්හිදී ද වේදනා ඇතිවේ.

මෙහිදී ආයුර්වේදීයව මෙම තත්වය කලමනාකරණය කරන ආකාරය දැන් විමසා බලමු.

සන්ධි ආශ්‍රිතව ඉදිමුම් තත්වයන් ඇතිවිට අභ්‍යන්තර ඖෂධ සහ බාහිර ආලේපන (තෙල්, තැවිලි ,පත්තු ආදිය) අවස්ථානුකූලව රෝග පරීක්ෂාවකින් අනතුරුව නිර්දේශ කෙරේ.

ශරීරයේ බර අඩු කරගැනීම පිළිබඳව ද සලකමින් , සන්ධි ඇදවීම සහ සන්ධි ස්ථබ්ධතාවය කෙරෙහිද අවධානය යොමු කරමින් ප්‍රතිකාර කෙරේ, මෙම අවස්ථාවලදී ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීම ඉතා සුදුසු වේ.

සන්ධි ආශ්‍රිතව ස්ථබ්ධතා (තද බව) අඩුකිරීමට, ලිහිල් විට තද වීමටත් ක්‍රියාකාරී බාහිර ඖෂධ යෝගයන් ආයුර්වේදයේ පවතී.

නැතහොත් තරමක කාලයක්, ප්‍රතිකාර කිරීමට සිදුවේ, එහිදී සන්ධි අතර අවකාශය වැඩිකිරීම , ප්‍රදාහ තත්වය අඩු කිරීම, කෙටි සීමිත පරාස චලන ව්‍යායාම නිර්දේශ කෙරේ.


දණහිස් ආශ්‍රිතව මෙම රෝගයෙන් පෙළෙන අයට ප්‍රතිකාර අතරතුරදී එදිනෙදා ක්‍රියාවන්හිදි ඖෂධ ගල්වන අතර දණහිස් වෙලීම, දණහිස් ආධාරක පැළඳීම නිර්දේශ කෙරේ.

ප්‍රතිකාර කිරීමේදී ආහාර, විහරණ , බහිස්‍රාවී ද්‍රව්‍ය පිටවීමේ චර්යාවන්ද නිසි ලෙස පවත්වා ගත යුතුවේ.

මෙම රෝගය දණහිස් ආශ්‍රිතව ඇති වූ විට දණහිස්වලට ඖෂධ සමඟ සුදුසු ලෙස පරීක්ෂා කර ව්‍යායාම ද සිදුකෙරේ.

මෙම තත්වයේදී දණහිස් ආශ්‍රිතව හිටගෙන සිදුකරන විශාල චලන පරාස ඇති ව්‍යායාම ( උදාහරණ : SQUAT) අතිශයින් නුසුදුසුය.

බයිසිකල් පැදීම, දිවීම, ඇවිදීම වැනි ව්‍යායාම වලදීත් දණහිස් ආධාරක සහ සුදුසු පාවහන් පැළඳිය යුතුය.

මෙම තත්වයෙන් පසුකාලීනව පීඩාවට පත්වීම වළක්වා ගැනීම සඳහා සියළුම ක්‍රීඩා ඉසව්වලදී නියමාකාර, හොඳ තත්වයේ DECK SHOE, SPIKES පැළදීම ඉතා වැදගත්වේ.
මෙම තත්වය හා සම්බන්ධ පහත දේවලින්, ප්‍රචාරණ සහ මිත්‍යාවන් පිළිබඳව සැලකිලිමත් යුතුය. මේවාට මෙම රෝගයෙන් පෙළෙන වයස්ගත වු කාන්තාවන් බොහෝවිට රැවටීමට ලක්වේ.

මහත් සේ හානිවූ කාටිලේජ බණ්ඩක්කා , කෝමාරිකා කෑමෙන් වර්ධනය හෝ යථා තත්වයට පත්වීම කිසිසේත් සිදුනොවේ. (බණ්ඩක්කා වැනි සීතල ආහාර නිසා වේදනාව වැඩිවිය හැක)

සන්ධි ආශ්‍රිත වේදනා මුලින්ම එක පැත්තක සන්ධියක පැමිණිවිට මුල් අවස්ථාවේදී පමණක් එම සන්ධිය සහ අනෙක් පස සන්ධියේ කාටිලේජ හානියට පත්වීම අඩුකර ගැනීමට සහ පවත්වා ගැනීමට ප්‍රෝටීන සහ ඛණිජ අඩංගු ආහාර සහ ආහාර අතිරේක වලින් හැකිවේ.
උපුටා ගැනීම [ අන්තර්ජාලය]
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්