මෙන්න කුරුලෑ එන එක නවත්තන්න ලේසිම ක්‍රම 6ක්


 ඔයත් කුරුලෑ වදෙන් පීඩා විදින කෙනෙක්ද..?


මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. එයින් වෙන්නේ සිරුර තුල තියෙන විෂ සහ අපද්‍රව්‍ය බැහැර වීමයි.
එත් සමහර වෙලාවට අපට කරදරයක් වෙන තරමට මුහුණේ කුරුලෑ එන්න ගත්තොත් අපි ගොඩක් කලබල වෙනවා.

ඇයි එහෙම කුරුලෑ එන්නේ කියලා ඔබ නිකමටවත් කල්පනා කරලා බැලුවද?

කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.

අපිරිසිදු සමක් පැවතීම.
තෙල් සහිත සමක් පැවතීම.
මානසික ආතතිය.
සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම.
උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්.

ඉතින් මේවා හොඳ කරන්න බැරිද?

ඇයි බැරි? පුළුවන්. වෛද්‍යවරු විසින් මේවාට නියම කරන බෙහෙත් බොහෝ විට හෝමෝන ක්‍රියාකාරීත්වය හෝ දැඩිව ක්‍රියාකරන ප්‍රතිජීවක (antibiotics) හෝ රසායන ද්‍රව්‍ය මත පදනම් වී ඇත. ඒවා සාර්ථක විය හැකි නමුත්, ඊට කලින් නිවසේදීම කුරුලෑ මට්ටු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තොරතුරුයි මේ කියන්න යන්නේ.


1. දෛනික පුරුදු

ඉස්සෙල්ලාම ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ සම මනාව රැක බලාගැනීමට සහ ආරක්ෂා කිරීමටයි. මෙයට අමතරව ඔබේ සම නිරතුරුව පිරිසිදු කරන්නට හැකිනම් කුරුලෑ එන්නට කිසිදු ඉඩක් නැහැ. එහෙත් ඕනෑවට වඩා පිරිසිදු කරන්නටත් යන්න එපා. මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන් ඒ නිසා ඕනෙම දෙයක් ගානට කරන එක තමයි හොඳම දේ.

මේ නිසා ඔබ,
1.මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා හරින්න.

2.මුහුණ දවසකට දෙවරකට වඩා සෝදන්නට එපා.

3.ඔබ මුහුණ සොදත්දී සීතල හෝ උණු ජලය සමඟ මුහුණු පිරිසිදුකාරයක් [cleanser] භාවිතා කරන්නට පුලුවන්නම් බොහොම හොඳයි.

4.නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුණේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න.

5.ගොඩක් තදින් මුහුණ අතුල්ලන්නට යාමෙන් වලකින්න.

ඔබ මුහුණ සොදත්දී ඉහත කියූ පිරිසිදු කාරකයක් භාවිතා කිරීම මගින් මුහුණේ සම මත තිබෙන දුහුවිලි, තෙල්, රූපලාවන්ය ආලේපන වැනි දේවල් ලෙහෙසියෙන්ම ඉවත් කරන්නට හැකියාව තියෙනවා. එයට අමතරව ඕබේ සම පිලිබඳ වෛද්‍යවරයාගෙන් රෙටිනොයිඩ් ආලේපන සහ බ්රෝන්සිල් පෙරොක්සයිඩ් සහිත නිෂ්පාදන භාවිතය ගැන විමසා සිටින්න. ඔබ රුපලාවන්ය ආලේපන භාවිතා කරනවා නම් සැලිසිලික් ඇසිඩ් භාවිතාව ගැනත් විමසා සිටීම වටිනවා.

මීට අමතරව නිතරම රූපලාවන්ය ආලේපන තෝරා ගැනීමේදී “noncomedogenic” හෝ “non-acnegenic”,ආලේපන භාවිතාව ගැන සැලකිලිමත් වන්න. මොකද මේ නිර්දේශය සහිත ආලේපන වලින් ඕබේ මුහුණේ රෝම කුප මුල් වැසීයාම වලකන අතර මුහුණේ කුරුලෑ නිසා ඇතිවන කැළැල් ඇතිවීම වළක්වනවා.

2. මී පැණි

මී පැණි කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. මුහුණේ ආලේප කර තියන්න පුලුවන්නම් විනාඩි 10-20 අතර කාලයක් කුරුලෑ මට්ටුවට එය සහයක් විය හැක. ඒ විතරක් නොවෙයි, පුලුවන්නම් කුරුදු කුඩු ටිකක් දාන්න ඔය මීපැණි ටිකට ම. ඉන් පසුව සෝදා හරින්න.

3. දෙහි

කපු රෙදි කෑල්ලක් අරං දෙහි ඉස්ම වල පොගවල පිරිසිදු කරගත් කුරුලෑ තුවාලය මත තියලා තෙත මාත්තු කරන්න.
මුහුණ වියලී ගියායින් පස්සේ නින්දට යන්න. දෙහිවල තියෙන ශාක සාර සහ අම්ලතාවය නිසා කුරුලාව වියලීමට සමත්වෙනවා.

ඒ විතරක් නෙවෙයි. කුරුදු කුඩු ස්වල්පයක්, ඒ කියන්නේ මේස හැන්දකින් හතරෙන් එකක් වගේ අරගෙන, දෙහි ඉස්ම එක්ක එකතු කරලා නින්දට පෙර මුහුණේ ආලේප කරලා උදේට මුහුණ සෝදන්න. කුරුලෑ වියලී යාමට මෙය රුකුලක් වේවි.

 4. හුමාලය

උණු වතුර භාජනයකට දමා ඊට උඩින් හිස යොමා ඔබේ මුහුණ හුමාලයට සෙමෙන් නිරාවරණය කරන්න. (මෙය කරනා විට ඉතා ප්‍රවේසම් වෙන්න වග බලාගන්න ඕන.මොකද හුමාලය නටන වතුරටත් වඩා උෂ්ණයි.) මුහුණේ ඇති දහදිය එන රෝම කුප විවර වෙලා මුහුණේ අපද්‍රව්‍ය ඉන් ඉවත් වී යාවි. ටික වෙලාවක් මෙහෙම කරලා, ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.

4. අයිස්

සමහර වෙලාවට මුහුණේ කුරුලෑ දැවිල්ල ගන්නවා. ඒ අපේ මුහුණේ තියෙන දහදිය සහ දුහුවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. එත් ඔයාට පුළුවන්නම් ඒ වගේ වෙලාවකට මුහුණට [ඒ කුරුලෑ වලට] අයිස් වගේ දෙයක් තියන්න, ඒ කුරුලවල තියෙන වේදනාවයි ඉදිමුමයි දෙකම සමනය වේවි.

6. කඩල පිටි

මීපැණි හැඳි දෙකයි, කහකුඩු ස්වල්පයයි, කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් එකට මිශ්‍ර කරලා මුහුණේ ගාන්න. පැක් එක මුහුණට වියළී ගියාට පසුව සෝදා හරින්න.


මේ ටික කරලා බැලුවොත් කුරුලෑ වදෙන් නිදහස් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම පුලුවන් වේවි.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්