මී පැණි වල ගිල්වපු සුදුලූණු වල ඇති අරුම පුදුම ගුණ..!


 සුදුලූණු කියන්නේ ඉවුම් පිහුම්වලදී නැතිවම බැරි දෙයක්, ඒ වගේම සුදු ළුෑණු විවිධ රෝගාබාධවලට වටිනා ඖෂධයක් විදියටත් අපට ප්‍රයෝජනවත් වෙනවා. 

 

සුදු ළුෑණු මගින් අපගේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීම, හෘදයාබාධ ඇතිවීම වැළැක්වීමට උපකාරී වීම, රුධිර පීඩනය පාලනය කිරීම ආදී බොහෝ අයුරින් උපකාරී වෙනවා.

ඊට අමතරව සුදු ළුෑණු උණ රෝගය, සෙම්ප්‍රතිශ්‍යාව, දියවැඩියාව, පාචනය ආදී රෝග සඳහාද වැදගත් වෙනවා.

සුදු ළුෑණු එදිනෙදා ආහාරයට ගැනීමට හැකිනම් එය වඩාත්ම ඔබේ ශරීරයට සුදුසුයි. නමුත් සුදු ළුෑණු විතරක් ආහාරයට ගන්න එක තරමක් අපහසු දෙයක්. ඒ නිසා පහත කියවෙන ආකාරයට සුදු ළුෑණු ආහාරයට ගන්න පුළුවන්නම් ඔබේ නිරෝගීභාවයට බෙහෙවින්ම වැදගත් වේවී.

සුදුළූණු බික් 2-3 හොඳින් තලලා ඒකට මී පැණි තේ දෙකක් එකතු කරලා දිනපතා ආහාරයට එකතු කර ගන්න. මේ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතරම කලින් කිව්ව රෝගාබාධ සියල්ලටම හොඳ ප්‍රතිකාරයක්.

එහෙමත් නැත්තන් මධ්‍යම ප්‍රමාණයේ වීදුරු බෝතලයක් ගන්න. ජෑම් බෝතලයක් නම් වඩා සුදුසුයි. දෙකට කපා ගත් සුදුළූණු බික් 20ක් පමණ බෝතලයට දාලා සුදුළූණු වැහෙන ප්‍රමාණයට මී පැණි එකතු කරන්න.

දැන් දිනපතා උදෑසන හිස් බඩට මේ සුදුළූණු බික් වලින් දෙක බැගින් ආහාරයට එකතු කර ගන්න.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්