කොස් කොළ මැල්ලුම් කන්න කිවුවම කේන්ති යනවා ද? එසේ නම්, කියවලාම බලන්න
"එළවළු මිල වැඩි නම් කොස් කොළ හරි කන්න පුරුදු වෙන්න" මෙහෙම කියපු කාලයක ගොඩ දෙනෙක් මේ කතාවට කේන්ති ගත්තා
ඒත් මේ කියන්න යන්න යන්නේ කොස් කොළ මැල්ලුම් ගැන.
එක්තරා අවස්ථාවක මම රත්නපුර ගල්පාය කියන ගමේ මගේ යාළුවෙකුගේ ගෙදර ගියා.
එදා මම වෙනුවෙන් අපූරූ අපූරූ දහවල් ආහාර වේලක් සකසලා තිබුනා.
වෙනදා කන විදිහට මගේ බත් පත බෙදා ගත්තු මම දීසියක තිබුන කොළ මැල්ලුමෙනුත් ටිකක් මගෙ බත් පතට එකතු කරගත්තා.
බෙදා ගත්තු බත් පිඟාන කන අතරතුර මගේ යාළුවා හරි අපූරූ ප්‍රශ්නයක් ඇහුවා.
"මචං උඹ දන්නවද ඔය කන කොළ මැල්ලුම මොකක්ද කියලා" මටත් ලොකු දැනීමක් නැති නිසා මම ඔහුට ඒ බව ඇඟෙව්වා.
"මචං ඔය කොස් දළු මැල්ලුමක්" මොකක් ! මම මේ බවක් අසා තිබුනෙම නැහැ.
නමුත් මම මේ අපූරූවට රස විඳින්නේ කොස් කොල දළු මැල්ලුමක්.
ඒ නිසාම මම මැල්ලුම් කටක් බත් රහිතව කටේ ඔබා ගත්තා.
පොලුත්,රතු ලූනු කෑලිත් එක්ක කොස් දළු හැපෙද්දි හරි අපූරූ කිරි රහක් දැනුනා.
නගරයේ ඉන්න අපිට කොස් දළු මැල්ලුම මැජික් එකක් වුනාට ඔවුන්ට නම් එය එසේ නැහැ.
මගේ යහළුවා කියපු දෙයක් තමයි කොස් කොළ දළු මැල්ලුම දියවැඩියා රෝගයට ඉතා හොඳ කෑමක් කියලා.
විද්‍යාත්මක පදනම ගැන මම නොදත්තත් ඇඟට අගුනයක් නම් මට දැනුනෙ නැහැ.
මේ ඔවුන් ඒ මැල්ලුම සකසන ආකාරය ඔබෙ දැනුමටත් එකතු කරන්නම්.උත්සාහ කරලා බලන්න.
කොස් කොළ දළු මිටක් හීනියට කපාගෙන එයට කපාගත් රතු ලූණු,අමු මිරිස් එකතු කරගන්න.
ඊට පස්සේ ගාගත් පොල් මිටක් එකතු කරගෙන යහමින් ලුනු ටිකකුත් එක කරගෙන මද ගින්දරෙහි මැලවෙන්න හරින්න.
ඉන් පසු පරිප්පු මාළුවක් සමඟින් කොස් කොළ මැල්ලුම් සමඟින් බත් ටිකක රස බලන්න.
ඇත්තටම ඔබට වෙනදා නොදැනුන රසක් දැනේවි
(උපුටා ගැනීමකි)

Countdown Timer
40 seconds remaining