කැස්ස පීනස නිට්ටාවටම සුව කරන එලබටු කැඳ


ගම්බද බොහෝ නිවෙස් වල දකින්නට පුළුවන් ඉතාමත් රසවත් කැඳකි එලබටු. සෙම් රෝග වලට විශේෂයෙන් ගුන දෙන එලබටු කොල කැඳ ඉතාම රසවත් ය. එලබටු සෙම් රෝග නාසකයි. එම නිසා කැස්ස පීනස නිතර පවතින කැස්ස ආදී සියලු සෙම් රෝග වලට ඉතා හොඳයි. නිතර පවතින හිසරදය, ඇස්වල කදුළු ගැලීම, ඇස් කැසීම, ඇස්වල නගන ආදී රෝග බොහොමයක් නැති කරයි. 

සමේ පවතින ලප කැලැල් නැති කර සම පැහැපත් කරයි. අර්ශෂ් රෝගීන්ට ඉතා හොඳයි. මල බද්දය දුරු කරයි. ඇග උණු කරවා යෑම සහ ඔසප් ශුලය අඩු කරයි. බඩගින්න වඩවයි. අතපය වේදනාව අඩු කරයි. තුනටිය අමාරු හන්දි වේදනාව අඩු කරයි.

එල බටු වලින් රසවත් කැඳක් හදාගන්න විදිය අපි බලමු. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – එලබටු කොල අවශ්‍ය පමණට, කැකුළු සහල්, සුදු ළූනු බික් කීපයක්, පොල් ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, හකුරු.

මේ තියෙන්නේ සාදන ක්‍රමය – එලබට කොල සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න. කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න. (ක්ලොස්ටර්රෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න.) වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

වෛද්‍ය කුමුදිකා මල්ලිකාරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්) Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්