මේ පුංචි පැලෑටියෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද ? මුත්‍රා ගල් පවා නසන විස්මිත හෙළ ඔසුවක් ගැන පුදුම හිතෙන තොරතුරු


 කතාව ඇහුවොත් පුදුම හිතෙනවා... 


මේ පැළය මෙතරම් වටිනවාද කියලා... මේ සොබාදහම මොනතරම් පුදුමාකාරද ? අපේ ජීවය රැකගන්න රහස් හුඟාක් මේ පරිසරයේම තිබෙනවා... අද කතා කරන්න හදන්නේ ඒ විශ්මිත හෙළ ඔසුව ගැනයි..
අපි අද කතා කරන විශේෂ හෙල ඖෂධයක් තමයි අක්කපාන (Kalanchoe pinnata). ලංකාවේ බොහෝ ප්‍රදේශවල පොදු ලෙස වගා වුණු මේ ශාකය මුත්‍රාශයේ ගල් දිය කිරීමේ සුපුරුදු බෙහෙතක් ලෙස ගන්නවා.

අක්කපාන කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ගෙදර වෙදකමක අතිවිශිෂ්ට උදාහරණයක්....

මුත්‍රා ගල් දිය කරන “පාෂාණ බේදන” වශයෙන් මෙය භාවිතා වුණාට අමතරව, අර්ශස්, අජිර්ණය, සෙම්ප්‍රතිශ්‍යාව, බඩ පිපීම, දත් වේදනාව, කෙස් පැසීම වැනි බොහෝ දේ සදහා ගුණ ඇත.

අක්කපාන භාවිතා කරන්නේ කොහොමද..

කෑමට
අක්කපාන කොළ සම්බෝලයක් හෝ දලු තලා, රතු ලූණු, ගම්මිරිස්, දෙහි, ලුණු එක් කර සරල ව්‍යාංජනයක් ලෙස භාවිතා කල හැක.

පානීයයක් ලෙස
උණුවතුරට අක්කපාන කොළ දාලා තම්බා බීමෙන් මුත්‍රා ගල්, බඩ දැවිල්ල, අම්ල පිත්ත, මාසික වේදනාවට සහනය ලැබේ.

ඇලීම්/තුවාල සඳහා
අක්කපාන කොළ ඇල්දියෙන් කොටා තලපයක් ලෙස තැළීම්, සරල අර්ථරයිටීස්, සදහා සන්ධි වලට ආලේප කරන්න.

සමේ කුණු/වණ සඳහා
තැම්බූ අක්කපාන දියෙන් සේදීමෙන් යහපතක් ලැබේ.

දත් පිඩිය හා විදුරුමස සඳහා
මීපැණි සමඟ අක්කපාන කොළ මිරිකා ආලේප කරන්න.

කෙස් පැසීම වැළැක්වීමට
අක්කපාන කොළ ඉස්ම තෙල් එක් කර ආලේප කරන්න කෙස් සුදුවීම වළක්වයි.

රක්තර්ශස්/අතීසාරය සඳහා
කොළ වණ්ඩුවේ තම්බා, මීපැණි සමඟ පානීයයක් ලෙස භාවිතා කරන්න.

මලබද්ධය සඳහා
අක්කපාන මුල් කුඩු කර උණුවතුරට මිශ්‍ර කොට පානය කරන්න.

අක්කපාන වල ශීත වීර්යය (සෙම ඉවත් කිරීමේ, අස්ථි සුව කිරීමේ, දිය කිරීමේ) ලාභදායකතාවය ආයුර්වේදය හා දේශිය වෙදකමේදීත් භාවිතා කොට ඇත.

වර්තමානයේ අපි මෙවැනි වටිනා බෙහෙත් පැළ පිළිබඳ දැනුවත් නොවීමෙන්, ඒවා විනාශ කර දමනවා. ඒ වෙනුවට බටහිර බෙහෙත් ලෙස භාවිතා කරනවා.

නමුත් ඔබේ ගෙවත්තේ තිබෙන මේ ශාකයම විශිෂ්ට බෙහෙතක් කියලා දැනගන්න උත්සහ කර නෑ.

අක්කපාන ඔබේ ගෙදර වගා කරන්න. සතියකට වරක් වත් මෙය ආහාරයට එකතු කරන්න.

සරලයි – ගුණදායියි. වයස් ගත අය, තරුණයන්, දරුවන් හැමෝටම වැදගත්... 

 අන්තර්ජාලයෙන්...
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්