ගොඩක් අය අර්ශස් කියලා පටලවාගන්නවා.. එහෙම හිතලා මේ ගැන නොසලකාහරින්න එපා.. ඇත්තටම මේක භයානක රෝගයක්...
කතාවටත් කියනවානේ දොස්තරට බොරු කියන්න එපා කියලා..
අපේ රෝග ගැන හරියටම විනිශ්චය කරගන්න තනියම අපහසු හින්දා නේ මේ වගේ රෝගී තත්ව ඇතිවුණාම අපි වෛද්‍ය උපදෙස් පතන්න ඕන..
ගොඩක් වෙලාවට මේ රෝගය ගැන බොහෝ දෙනා ඒ තරම් හිතන්නේ නැත්තේ අර්ශස් කියලා වෙන්න ඇති.. ගුද පිළිකාව කියන්නේ ඔබ නොහොතුවාට භයානක රෝගී තත්ත්වයක්..
ලැජ්ජාව නිසා බොහෝවිට සඟවන මේ රෝගී තත්වය දරුණු අතට හැරුණොත් ඔබ නොහිතන ඉරණමක් අත් වෙන්න පුළුවන්..

බොහෝ දෙනා කතා කරන්නට අකමැති රෝගයක් වීම නිසාම මේ රෝගය පිළිබඳව කළින් හඳුනාගැනීමට තිබෙන අවස්ථා අහිමි වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයන්ට මුහුණදීමත්, මාරාන්තික තත්ත්වයන්ට පත්වීමටත් ඇති අවස්ථා බොහෝ දුරට වැඩි වශයෙන් වාර්තා වෙනවා..
දෛනිකව අපි ලබාගන්නා ආහාර, ජීර්ණය වෙලා ඉතිරිවෙන කොටස් මළපහ ලෙස ශරීරයෙන් පිටතට දැමීම සිදු කරන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය හරහායි..
ගුදය කියන්නේ බඩවැල් අවසානයේ හමුවෙන සාමාන්‍යයෙන් අඟලක් හෝ අඟල් එකහමාරක පමණ දිගකින් යුත් ඉන්ද්‍රියක් වන අතර මේ ස්ථානයේ හටගන්නා පිළිකා තත්ත්වයකටයි ගුද පිළිකාව ලෙස හඳුන්වනවා.. බොහෝ රෝගීන් මෙය අර්ශස් හා පටලවා ගන්නවා...
ගුද මාර්ගයේ පිළිකාවක මූලික ලක්ෂණ
සිරුරේ ගුද මුඛය අවට දිනපතා කසන සුළු තත්ත්වයක් යම් විශේෂිත හේතුවකින් තොරව තියෙනවා නම් එය ගුද පිළිකාවක් ඇතිකරන සෛල විකෘතිතාවයන් ගේ පෙර ලක්ෂණයක් වන්නටත් ඉඩ තියෙනවා. මේකෙදි ගුද මාර්ගයේ ගෙඩි හට ගන්නවා.
සාමාන්‍යයෙන් ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළබද්ධයේ සිට උදර ආසාදන යන ගොඩක් රෝග ගණනාවක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම, මළපහ වල රුධිරය තැවරී පිට වීම මගින් නිරීක්ෂණය වෙනවා. හැබැයි, මෙවැනි තත්ත්ව කිසිවිටෙකත් නොසලකා හැරීම යුතු වන්නේ නෑ.
ගුද මාර්ගයේ ඇතිවන පිළිකාවක රෝග ලක්ෂණ
-ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීම
-ගුද මාර්ගයෙන් කිසියම් තරලයක් හෝ ලේ ගැලීමක් ඇති වීම
-මළපහ කිරීමේ සිරිතේ ඇති වෙන වෙනස්කම්
-රක්තහීනතාවය
-හුස්ම හිරවීම
-වැසිකිළි භාවිතා කල පසුත් උදරයේ මළපහ තවමත් තිබෙන බව දැනීම බඩවැල් අවහිරතා
-හදිසි බර අඩු වීම
-අධික නිදිමත ගතිය
-ක්ලාන්ත තත්ත්වය
--ආහාර අරුචිය
-කොන්ද ප්‍රදේශයේ වේදනාව
-මළපහ කිරීමේදී රුධිරය විදීමක් සිදු වීම
ගුද මාර්ගයේ පිළිකා හඳුනාගැනීම
-රුධිර පරීක්ෂණ පිළිකාකාරක ප්‍රතිදේහජනක සෙවීමේ CEA පරීක්ෂණය
-එන්ඩොස්කොපි පරීක්ෂාව
-කැමරාවකට සවිකල විශේෂිත බටයක් භාවිතා කරමින් ගුද මාර්ගය ඇතුලත නිරීක්ෂණය කිරීම
-එම් ආර් අයි පරීක්ෂණය, සී ටී ස්කෑන් පරීක්ෂණය, එක්ස් කිරණ පරීක්ෂණ මගිනුත් පිළිකාව කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබෙනවාද යන කාරණය පරීක්ෂා කළ හැකියි
-ශාරීරික පරීක්ෂණය
ගුද මාර්ගයේ අසාමාන්‍යතා පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරයා ඇඟිල්ලක් යෙදීමෙන් ගුද මාර්ගය භෞතිකව පරික්ෂා කිරීම. මෙහිදී ගුද මාර්ගයේ ගෙඩි පිළිබඳවත් සොයා බලනවා.
-ගුද මාර්ගයේ රුධිර පරීක්ෂණය
මළ සාම්පලයක් විශ්ලේෂණය කර එහි රුධිරය සහ ගුද මාර්ගයේ පිළිකා සම්බන්ධයෙන් රසායනාගාරයේ පරික්ෂා කිරීම
-අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණය
-ගුද පටක සාම්පල පරීක්ෂණය
පිළිකා ගෙඩියක් හඳුනාගතහොත් පිළිකා පටක වල සෛල විශ්ලේෂණය කිරීම මෙම පරීක්ෂණය පරීක්ෂණය අරමුණයි.
ගුද මාර්ගයේ පිළිකාවකින් වැළකී සිටීමට උපදෙස්
-අධික මත්පැන් පානයෙන් වැළකී සිටීම
-දුම් පානය නතර කිරීම
-පලතුරු හා එළවළු අධික ආහාර වේලක් දිනපතා අනුභව කිරීම පප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් සෞඛ්‍ය සම්පන්න අන්තර්ගතයක් ඇති ආහාර දිනපතා ලබා ගැනීම
-විෂ සහිත, ආමය සහිත ආහාර, අපිරිසිදු ආහාර මගිනුත් මේ රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩක් තිබෙන නිසා මෙවැනි ආහාර පරිභෝජනයෙන් මිදීම
-ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල වීම් සිදුවන කටු වර්ග, ඇට වර්ග නිසාද මස් මාළු ආහාරයට ගන්නා විට කටු සපාකෑම වැනි හේතුන් පසු කලෙක මෙම ගුද මාර්ගයේ පිළිකා වලට හේතු වන පුළුවන්. ඒ නිසා එම හේතු වලින් වැළකී සිටින්න
ප්‍රතිකාර
ගුද මාර්ගයේ ඇතිවන පිළිකා මාරාන්තික වීම වළක්වා ගැනීමට එහි මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම ඉතා වැදගත්. ඉතා ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වීම මෙහිලා අතිශයින් වැදගත් වනවා. රෝගියා නිසියාකාරයෙන් තම පෝෂණය පවත්වා ගෙන යාම වහාම කළ යුතුයි. මන්ද? රෝගියාගේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා ඔහු ඉතා ඉක්මණින් දුර්වල වීමත් සිද්ධ වෙන්න පුළුවන්.
පිළිකා රෝගයක් ශරීරය තිබෙන විට ශක්තිය අධික ලෙස වැය වෙනවා. පිළිකාවක් කියන්නේ පිළිලයක්. පිළිලයක් පෝෂණය වන්නේ මවු ශාකයෙන්. ඒ වගේම පිළිකාවත් අපේ ශරීරය දිනෙන් දින දුර්වල තත්ත්වයට පත් කරනවා.
....මුහුණුපොත ඇසුරෙන්....

Countdown Timer
40 seconds remaining