දියවැඩියාව නසන රෝග රැසකට ගුණදෙන....හෙළ ආහාරය


 අපේ හෙළ ආහාර කලාවේ බොහෝ දේවල් ඉමහත් ගුණදෙන කෑම බීම... ඒ නිසා අපේ පැරැන්නෝ ලෙඩවුණේ අඩුවෙන්....


නිතර දෙවේලේ කුස්සියේ තිබුණ දේවල්වලින් ඉතාමත් පහසුවෙන් බොහෝ දේවල් හදාගත්තා... ඒ ජිවන රටාව හරිඅම සෞබ්‍යසම්පන්නයි...

අපේ කුළුබඩු වුණත් ඉතාමත් වටිනා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඒවා වුණා....ආහාර පිළියෙල කර ගැනීමේදී ව්‍යාංජන සාදා ගැනීම සඳහා භාවිතා කරන කුළුබඩු වර්ග රාශියක් තිබුණා...

එම කුළු බඩු අතර උළුහාල් ඔබේ මුළුතැන්ගෙයි තිබෙන මහඟු ඖෂධයකි.

උළුහාල් ව්‍යාංජන රසවත් කිරීමට වඩා සුවඳවත් කිරීම සඳහා යොදා ගන්නා අතර, මේවා ව්‍යංජන වලට එකතු කරන්නේ ද ඉතා ස්වල්පයකි.

එයට හේතුව උළුහාල් තිත්ත රසයෙන් යුක්ත නිසා...

ඒ කෙසේ වුවද කිරිහොද්දක් පිළියෙල කර ගැනීමේදී නම් උළුහාල් නැතිවම බැරි දෙයක්.

උළුහාල් වල තිබෙන තිත්ත රසය නිසාම එය ඖෂධීය වශයෙන් සිරුරට ඉතාම ගුණදායක වෙනවා....

උළුහාල්වල ගුණාත්මක බව දන්නේ නම් මේවායේ තිත්ත රස ගැන නොසිතා මේවා වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමට පෙළඹෙනු නොඅනුමානයි...

මුත්‍රාවල සීනි අධිකව ඇති අයට එනම් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතාම ගුණදායක වෙනවා...

දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට උළුහාල් කබලේ බැද කුඩු කර භාජනයක අසුරා තබා දිනපතාම උදේ හිස් බඩ ඉන් තේ හැන්දක් කෝපි මෙන් වත්කර බීම දියවැඩියාව මර්දනය කිරීමට මහඟු ප්‍රතිකාරයක්....

එසේම වාත රෝගවලට සුවය ලබාගත හැකියි... විශේෂයෙන්ම කටීවායුව ගුණදායක වන අතර සියලුම වාත රෝග සමනය කරනවා....

කෑම රුචිය වඩවන අතර ආහාර හොඳින් දිරවීම පහසු කරවනවා...

උළුහාල් හිසකෙස්වල වර්ණය ඇති කිරීමටද ඉවහල් වන බැවින් හිසකෙස් වලට ද ගුණදායකයි.

හිස්හොරි මර්දනය කර ගැනීම සඳහා උළුහාල් දෙහි සමඟ තම්බා හිස සේදීම සුදුසුයි....

මාන්දම් රෝගයටද මේවා ආහාරයට ගැනීම හිතකරයි.

කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑමටද මෙය ඖෂධයක්....

රෝග ගණනාවකට සුවය ලබාගත හැකි උළුහාල් ඥානය වඩවන, මොළයට ද හිතකර ඖෂධයක් බැවින් සිහි බුද්ධිය ද වර්ධනය කරනවා...

එම නිසා සිහිකල්පනාව අඩු අයට ද මේවා ආහාරයට එකතු කරගත ගැනීම ඉතාම ගුණදායකයි.

සිරුරට ගුණදෙන උළුහාල් ව්‍යංජනය පිළියෙල කර ගැනීමේදී උළුහාල් සුළු ප්‍රමාණයක් එකතු කර ගන්නවාට වඩා ව්‍යංජනයක් ලෙස පිළියෙල කරගෙන ආහාරයට ගන්නේ නම් එය ඉහත සඳහන් කළ රෝග වලින් පීඩා විඳින අයට ගුණදායක වෙනවා...

ආහාර පිස ගැනීමේදී කුළුබඩු විශේෂයක් ලෙස පමණක් භාවිතා කරන උළුහාල් ව්‍යාංජනයක් ලෙස පිළියෙල කර ගන්නා ආකාරය සඳහන් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් මෙහෙමයි...

අවශ්‍ය ද්‍රව්‍ය :-

උළුහාල් ග්‍රෑම් 200ක් පමණ

• රතුලූනු ගෙඩි කිහිපයක්

• අමු මිරිස් කරල් 02 ක් පමණ

• රම්පෙ

• කරපිංචා

• මිරිස් කුඩු තේ හැඳි 01ක්

• කහ ඉතාම ස්වල්පයක්

• බැදපු තුන පහ කුඩු තේ හැඳි 01ක්

• කුරුඳු පොතු කැබැල්ලක්

• රස අනුව ලුණු

උළුහාල් ව්‍යාංජනය සාදාගන්නා අන්දම :-

ප්‍රථමයෙන් උළුහාල් හොඳින් සෝදා ගරා වේලාගත යුතුය.

ඉන්පසු තාච්චියකට පිරිසිදු පොල්තෙල් මේස හැඳි 02ක් දමන්න.

මේ සඳහා හැකි නම් බටර් පාවිච්චි කළ හැකියි.

එය හොඳින් රත් වූ පසු රන්වන් පාට වනතුරු බැදගන්න.

උළුහාල් බැදුණු විට හොඳ සුවඳක් දැනෙනු ඇත.

එවිටම තාච්චිය ලිපෙන් ඉවත්කරගත යුතුයි. ඉන්පසු භාජනයට ලියාගත් රතුළූණු, අමු මිරිස්, අඹරාගත් කරපිංචා, මිරිස් කුඩු, රම්පා, කහ යනාදී සියල්ලම එකතු කරන්න.

එයටම මිටිකිරි කෝප්පයක්ද මිශ්‍ර කර එයටම උළුහාල් ටික එකතු කරන්න.

රස අනුව ලුණු ද එකතුකර අවසානයේ දී බැදපු තුනපහ කුඩු ටික ද එකතු කරන්න.

බැදපු තුනපහ කුඩු ටික උළුහාල් ව්‍යාංජනය ළිප තබා පිස ගන්නා අතරතුර අවසානයේදී එකතු කිරීම වඩා යෝග්‍ය වේ. යන්තම් ඉස්ම තිබියදී ළිපෙන් බාගෙන කෑමට ගන්න.

උළුහාල් වල තිබෙන තිත්ත රස නිසාම එය ඖෂධීය වශයෙන් සිරුරට ඉතාම ගුණදායක වේ.

උළුහාල් වල ගුණාත්මක බව දන්නේ නම් මේවායේ තිත්ත රස ගැන නොසිතා මේවා වැඩි වශයෙන් ආහාරයට ගනිවී නේද?

අන්තර්ජාලයෙන්.... 


Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්