කාපු ගමන් වතුර බොනවාද ? එහෙනම් කියවන්න..


 ජලය කියලා කියන්නේ ජීවය පවත්වාගෙන යන්න වඩාත් අත්‍යවශය දෙයක්.


ආහාර නොමැතිව කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණත් ජලය නැතිව එහෙම ජීවත් වෙන්න බැරි බව අප කවුරුත් දන්නා කරුණක්.


එසේම, පුද්ගලයෙකුගේ සිරුරේ සියයට 75ක් ම ජලය ඇති බවද දන්නා කරුණක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ජල වීදුරු 7-8ක් එහෙමත් නැත්නම් ජලය ලීටර් 6ක් පානය කල යුතුමයි.

නමුත් පුද්ගලයාගේ බර අනුවත් පානය කළ යුතු ජල ලීටර් ප්‍රමාණය වෙනස් වෙනවා.

ඒ වගේ තමා දිනපතා ජලය පානය කළ යුතු හොඳම වේලාවන් තියෙනවා. ඒ මොනවාද කියලා ත් ඔයාලා දැනගන්නම ඕනේ.


දිනපතා අවදි වූ විගස පිරිසුදු ජලය වීදුරුවක් පානය කරන්න.

ඔබ තරමක් තරබාරු අයකු නම් මඳ උණුසුම් ජලය වීදුරුවකට දෙහි යුෂ බින්දු කිහිපයක් එක්කොට පානය කරන්න.

එවිට ඔබගේ අනවශ්‍ය මේදය ද ඉක්මනින් දහනය කරගත හැකි අතර, අවධි වූ විගස ජලය පානය කිරීම මඟින් ශරීර අභ්‍යන්තරික අවයවවල ක්‍රියාකාරිත්වය සක්‍රිය වීමක් සිදුවෙනවා.


තවද , කෑමෙන් පැය භාගයකට පසු ජලය පානය කරන්න. එමඟින් ඔබ ලබාගත් ආහාර ඉක්මනින් දිරවීම සිදු වෙනවා.

කෑම කන අතරතුර විටින් විට ජලය පානය කරන්න එපා. එවිට ලබාගන්නා ආහාර පහසුවෙන් ජීර්ණය කිරීම වළක්වනවා.

තව ද මේදය, අධික පිෂ්ටය සහිත ආහාර පාන ලබාගත්තේ නම් මඳ උණුසුම් ජලය පානය කිරීම සුදුසුයි.

අප ඉහත කියූ ආකාරයට පහතින් දැක්වෙන්නේ ශරීර බරට අනුව, පුද්ගලයෙකු පානය කලයුත්තේ ජලය ලීටර් ප්‍රමාණයයි.

බර ජලය ප්‍රමාණය ,


45kgs 1.9LTRS

50kgs 2.1LTRS

55kgs 2.3LTRS

60kgs 2.5LTRS

65kgs 2.7LTRS

70kgs 2.9LTRS

75kgs 3.2LTRS

80kgs 3.5LTRS

85kgs 3.7LTRS

90kgs 3.9LTRS

95kgs 4.1LTRS

100kgs 4.3LTRS Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්