රාබු කන්න පුරුදු වුනොත් ඔබට මෙන්න මේ ලෙඩ රෝග වලින් බේරෙන්න පුළුවන්


රාබු වල අපි නොදන්න ගුණ හුඟාක් තිබෙනවා... මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
ගොඩාක් අය දන්නෙ නෑ රාබු කොල සලාද කන්න පුලුවන් කියලා..කොල විතරක් නෙවෙයි..ලපටි රාබු ගෙඩිත් සලාද කන්න පුලුවන්..

රාබු කියන්නෙ ගොඩාක් ගුණ එලවලුවක්. මේ කියන්න හදන්නේ රාබු කොච්චර ගුණයිද කියලා... 

▪️බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා.

▪️ශ්‍රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි.

▪️ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්.

▪️එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි.

▪️කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .

▪️සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා.

▪️රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි.

▪️ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

▪️ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.

▪️මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා.

▪️රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා.

▪️රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා.

▪️වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා.

▪️මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි.

▪️සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි.

▪️ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.

උපුටා ගැනීමකි.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්