රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි


 මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ එදිනෙදා ජීවිතයේදී අපි අතින් ආහාර ගැනීමේදී නොදැනුවත්ව වෙන්න පුළුවන් වැරදී කිහිපක් ගැන.


අපේ කාර්ය බහුලත්වයත් එක්කම අපි ඉතා ඉක්මණින් ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නවා.


ඒත් එවිට ආහාර හොඳින් හපා කෑමක් සිද්ද වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ආහාර දිරවීමේදී අපහසුතාවයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි තෑම කැවට පස්සෙ ආමාශයේදි ආහාර ආමාශයේ ස්‍රාවන් සමඟ හොදින් ගැටෙන්න ඕන.

ඒත් කෑම කාලා වතුර ගොඩක් බිව්වොත් මේ ස්‍රාවයන්ගේ සාන්ද්‍රනය අඩු වෙන නිසා, ආහාර ආමාශය තුල පල් වීමට ඉඩක් තියෙනවා.


ඒ නිසා ආහාර ගත් විගස ලොකු වතුර ප්‍රමාණයක් පානය කිරිම හොඳ දෙයක් නම් නෙමෙයි.

අනිත් දේ තමයි අපි කෑම ගන්න කොට මාළු සහ කිරි එකට ගැනීම නම් හොඳ නැහැ.

මොකද මේ වර්ග දෙකම සෙම වඩන නිසා මේවා එකට ගත්තම සෙම රෝග ඇති වීමේ හැකියාව වැඩියි.


කියන්න ඕන තවත් දෙයක් තමයි රෑට මුදවාපු කිරි කෑම නම් අහිතකරයි. මොකද මී කිරිද සෙම වැඩෙන අහාරයක්.

මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස්(සිදුරු) අවහිර කරනවා.

ඒ වගේම ශීතකරණයේ ඇති සීතල වතුර නම් පුරුද්දක් විධියට බොන එන හොඳ නැහැ.

ප්‍රතිශ්‍යාව ඇති විට, කුඩා දරුවන්ට ( බාල කාලයේ සෙම් රෝග වැඩි නිසා ) එතරම් හොද නැත. ග්‍රීෂ්ම කාලයේ නම් බිව්වට වරදක් නැහැ.

ඒ වගේම පරණ ආහාරත් මෙහි තබාගෙන දින ගනන් කෑම ජීර්ණ පද්ධතිය ආශ්‍රීත රෝගද වැලදෙන්න පුළුවන්.

මේ වගේ සුළු කාරණා ගැන දැනුවත් වෙලා අපිත් නිරෝගී ජීවිතයක් ගතකරමු.  Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්