දත් කහ වෙලාද..? කට ඇරලා හිනා වෙන්න බැරිද..? එහෙනම් මේක අදම අත්හදා බලන්න..


 දත් අවපැහැ ගැන්වීම නිසා කට ඇරලා හිනා වෙන්න බැරිව අපහසුතාවයට පත් වෙලා ඉන්න අයට ඒකට ස්වාභාවික විසඳුමක් තමයි මේ කියන්නේ..


මේකට ඕන කරන්නේ හරිම පහසුවෙන් හොයා ගන්න පුළුවන් අමු ද්‍රව්‍ය කිහිපයක් නිසා ගෙදරදීම ලේසියෙන් පහසුවෙන් කර ගන්නත් පුළුවන්..

කහ කියන්නේ අපි නිතරම ඖෂධයක් විදියටත්ද, රුපලාවන්‍ය කටයුතු වලදීත් යොදා ගන්නා අමු ද්‍රව්‍යක්.. දත් මත ඇති වන කහ පැල්ලම් හෝ කහ පැහැය ඉවත් කිරීම සඳහාත් ස්වභාවිකවම දත් දෙපළ දීප්තිමත් කිරීමටත් කහ වලට පුළුවන්..

දත් වල බැඳෙන කහට සහ දිලීර වැනි දන්ත සෞඛ්‍ය පිරිහීමට හේතු වන, විෂබීජ විනාශ කරීමට හැකි කදිම විෂබීජ නාශකයක් විදියටත් කහ හඳුන්වන්න පුළුවන්.. ඒ වගේම මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් තවත් වටිනා අමු ද්‍රව්‍යක් තමයි පොල් තෙල් කියන්නේ, දත් වල සංවේදිතාවයට වගේම විදුරුමස් රෝග සඳහාත් එය හොඳ විසඳුමක්..

කහ එක්ක පොල් තෙල් සහ බේකින් සෝඩා එකතු කරලා දත් සුදු කර ගන්න පුළුවන් ස්වාභාවික tooth paste එකක් හදා ගන්න විදිය තමයි මේ.. ඔයත් try කරලා බලන්නකෝ. ඕන කරන්නේ මෙන්න මේ දේවල්,

වියළි කහ කුඩු මේස හැඳි 4ක්

බේකින් සෝඩා මේස හැඳි 2ක්

පිරිසිදු පොල් තෙල් මේස හැඳි 2 1/2ක්


මේ අමු ද්‍රව්‍ය තුනම කුඩා භාජනයට දමා හොඳින් මිශ්‍ර කර ඔයාගේ tooth paste එක පිළියෙළ කර ගන්න.. දිනකට දෙවරක් මේ paste එකෙන් දත් මදින්න..

මේ සත්කාරයට අමතරව ඔයාට අවපැහැ දත් සුදු කර ගන්න දොඩම් ලෙල්ල යොදා ගන්නත් පුළුවන්.රාත්‍රී නින්දට පෙර දොඩම් ලෙල්ල ඔබේ දත් වල හොඳින් අතුල්ලන්න රාත්‍රියේදී ක්‍රියාකාරී වන ක්ෂුද්‍ර ජීවින් මර්දනය කරන්න එහි ඇති විටමින් C වලට සහ කැල්සියම් වලට පුළුවන්..

එහෙම නැත්තන් රාත්‍රී නින්දර පෙර දත් මදිද්දී දත් මැදලා අවසන් කරලා ලුණු වතුරිනුත් මද වෙලාවක් දත් මදින්න.. දත්වල අවපැහැය ඉවත් කරන්න ලුණු වලටත් පුළුවන්..
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්