ඔබේ ඒ ගැටලුවට මේ පළතුරෙන් විසඳුම් ලැබේවි..


 මේ කියන්නේ රසවත් පළතුරක් ගැන කතාවක්.. ඔයාලා ගොඩක් දෙනෙක් මේ පළතුරට කන්න ආස කරනවා ඇති.. 


පැෂන් ෆ්‍රැට් යනු තරමක් ශක්තිමත් වැලක් වන අතර, එයට ගසක් වටා එතෙමින් ඉහලට යා හැක. ප්‍රධාන වශයෙන් පැෂන් ෆ්‍රැට් වර්ග 2 ක් දැකගන්න පුළුවන්.. එයින් දම් පැහැති පැෂන්ෆ්‍රැට් වර්ගය සම්භවය වී ඇත්තේ බ්‍රසීලයෙන්...

එහෙත් කහ පැහැති පැෂන්ෆ්‍රැට් වර්ගය සම්භවය වී ඇත්තේ කුමන රටකින්ද යන්න නිශ්චිතවම කීමට නොහැක . දම් පැහැති පැෂන්ෆ්‍රැට් වර්ගය උප නිවර්තන විශේෂයක්.. කහ පැහැති විශේෂයට අයත් පැෂන් ෆ්රැට් වැල් , ඉතා ඉක්මනින් වැඩෙන අතර වසරක් ගත වන්නටත් පෙර පැෂන් ගෙඩි ලබාදෙනවා.. කහ පැහැති විශේෂයට වඩා, දම් පැහැති පැෂන් ෆ්රැට් වර්ගය නෙමටෝඩාවගේ හානියට ලක් වීමට වැඩි ඉඩ කඩක් පවතිනවා... පැෂන්ෆ්‍රැට්වලට වැඩීමට තරමක හිරු එලියක් අවශ්‍ය වේ . නිරන්තරයෙන් මල් පිපීම සිදු වීමට නම් නිතිපතා වතුර දැමීම සිදු කල යුතුයි..

පැෂන් ෆ්‍රැට්ගෙඩි පරිනත වීමට ළං වන විටදී , වැඩි ජල ප්‍රමානයක් සැපයීය යුතු වෙනවා... පැෂන්ෆ්‍රැට් වැලක් වසරකට අඩි 15 – 20 පමන වර්ධනය වෙනවා... වසර 5-7 පමන කාලයක් මෙය හොදින් වැඩෙනවා..

මනා සුවදැති පැෂන් ෆ්රැට් මල්, සෑම අලුතින් ඇති වන පුරුකක් සමීපයේම හටගනී.. පැෂන් ෆ්රැට් වල පරාගනයට මී මැස්සන් ඉතා වැදගත් වෙනවා.. පැෂන්ෆ්‍රැට් ගෙඩි රවුම් හැඩයෙන් මෙන්ම බිත්තර හැඩයෙන්ද යුක්ත වෙනවා.. මෙම ගෙඩියේ පොත්ත ඉතා තද අතර එය මත තුනී සිනිදු ඉටි තට්ටුවක් ඇති මෙම ගෙඩිය තුළ කුඩා කලු පැහැති පැෂන් ඇට 250 ක් පමණ තිබෙනවා..

ඉදුණු ගෙඩි තද කහ පැහැති වර්ණයෙන් හෝ තද දම් වර්ණයෙන් යුක්ත වෙනවා..
පෝෂණීය වැදගත්කම - ඉදුණු පැෂන් ෆ්රැට් වල විටමින් C, විටමින් A, තන්තු , පොටෑසියම් , යකඩ , කොපර් , මැග්නීසියම් හා පොස්පරස් අඩංගු වන අතර, මෙහි පවතින
සෞඛයමය වැදගත්කම ලෙස,

1. අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වයි .
පැෂන්ෆ්‍රැට්වල පොටෑසියම් අඩංගුවන නිසා , එමගින් ශරීරයේ තිබෙන සෝඩියම් ප්‍රමානය ඉහළ අගයකට යාම වළක්වයි. එමගින් අධි රුධිර පීඩනය ඇතිවීම හා අනෙක් හෘදය සම්බන්ධ ගැටලු ඇතිවීම වළක්වයි.
2. බඩවැල් පිරිසිදු කරයි .
පැෂන් ෆ්‍රැට්වල දිය විය හැකි තන්තු අඩංගුවන නිසා, එමගින් බඩවැල් තුල විෂ ගබඩා වීම වළක්වාලයි .
3. ඇස් පෙනීම වැඩි දියුණු කරයි .
පැෂන් ෆ්‍රැට්වල අඩංගු විටමන් C, විටමින් A හා ෆ්ලේවනොයිඩ් මගින් නිදහස් මුක්ත ඛන්ඩ වලින් ඇතිවන හානිය වළක්වාලයි. ඇස් පෙනීම වැඩි දියුණු වේ.
4. වැඩි රුධිර ප්‍රමානයක් උත්පාදනයට උපකාරී වේ . දිනකට අවශය වන යකඩ ප්‍රමානයෙන් 20% ක් පැෂන් ෆ්‍රැට්වල අඩංගු වේ. එමෙන්ම පැෂන් ෆ්‍රැට්වල අඩංගු විටමින් C මගින් අවශෝෂනය කර ගන්නා යකඩ ප්‍රමානය ඉහළ දමයි. එම නිසා යකඩ අපතේ යාමක් සිදු නොවන අතර නිපදවෙන රුධිර ප්‍රමානය ඉහළ යයි.
5. ආහාර දිරවීම වැඩි කරයි.
පැෂන් වල අඩ්ංගු ද්‍රාව්‍ය තන්තු මගින් ආහාර දිරවීම වැඩි කරන අතර පෝෂණ ද්‍රව්‍ය අවශොෂනය කර ගන්න වූ ප්‍රමානයද වැඩි කරයි.
6. ප්‍රතිශක්තිය දියුණු කරයි.
පැෂන් ෆ්රැට් වල අඩංගු විටමන් C මෙයට උදවු වේ. හෙම්බිරිස්සාවෙන් , උණ රෝගයෙන් පෙලෙන ඔබව ඉතා ඉක්මනින් සුවපත් කිරීමට පැෂන්වලට පුළුවන්.
7. සුව නින්දකට උදවු වේ .
පැෂන් ආහාරයට ගැනීමෙන් ස්නායු තන්තු ලිහිල් වේ . එය සුව නින්දකට උපකාරී වේ .
8. ඇදුම රෝගී තත්වය පාලනය කිරීමට පැෂන් යොදා ගනී .
9. පිලිකා ඇති වීම වලක්වාළයි .
පැශන්පෘට් කොල මැල්ලුම පේරාදෙනි විශ්ව විද්‍යාලයේ කල පරීක්ශනයෙන්ද පිලිකා වලට හොදම බෙහෙතක් ලෙස ඔප්පුවී ඇති බව වැඩිදුරටත් සලකන්න.
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

රම්පෙ භාවිතයෙන් ඈත් වෙලාද..? පිළිකාකාරකයක් යැයි කියූ රම්පෙ ගැන අද ඇසෙන කතාව මෙන්න..

කවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා