මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකාවල ඉහළ යෑමක් - ඔබත් මේ ගැන සැලකිලිමත් වෙන්න...


මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් වැඩිහිටියන් සහ ළමුන් අතර දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බවයි.

මෑත කාලීන තරුණ ප්‍රජාව අතර ද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ද ඇය සඳහන් කළා.

එම මාධ්‍ය හමුවටම එක් වෙමින් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත විජේනායක මහතා පැවසුවේ මෙම පිළිකා තත්ත්වයන් කලින් හඳුනා ගැනීම වෙනුවෙන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති බවයි.

මහා අන්ත්‍ර සහ ග-ුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යාවශ්‍ය වන අතර බොහෝ විට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

මෙහි ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා ලෙස ළඟදී ඇතිවුණු ග-ුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදුවල ඇතිවූ වෙනස්කම් හැදින්විය හැකි වනවා.

මෙම රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුවකළ හැකියි.


 

Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්