ඉතාමත් වටිනා ඖෂධීය ගුණයෙන් පිරි... පේර කොළවල විශ්මිත ගුණ ගැන ඔබ දන්නවද? පේර කොළ කැඳ හදන හැටි මෙන්න...


 පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතුරක් .


බොහෝ නිවෙස්වල පේර ගසක් දකින්නට හැකියාව ලැබුණත් පේර ගෙඩි පලතුරු විදියට ආහාරයට ගන්නවා හැර පේර කොළවලින් නම් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇති.

නමුත් පේර කොළ සතුව ඉතාමත් වටිනා ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. හිසකෙස්වලට සමට වගේම සිරුරේ නීරෝගි පැවැත්මටත් පේර කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව වගේම කොහොමද පේර කොළවලින් කැඳක් හදා ගන්නේ කියලා... .

පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේර කොළවලට හැකියාව පවතිනවා.මේ පේර කොළ තම්බා හෝ අඹරා යුෂ ආදිය ගැනීමෙන් බාහිරව ආලේප කරන්නත් ඒ හැරුණාම තේ පානයක් ලෙස තම්බා පානය කිරීමත් නිරෝගී පැවැත්මක් සඳහා අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගුකාලීනව ඇතිවන කැස්ස සඳහා පේර කොළ කැඳ ඉතාම ගුණදායක ඔසුවක් ලෙස එදා සිටම පැවතුණා. ඒ හැරුණාම සතියකට දවසක් හෝ පේර කොළ කැඳක් පිසගෙන පානය කළ හැකිනම් එය ඔබේ නීරෝගි බවට විශාල අත්වැලක් ලැබෙනවා නොඅනුමානයි.

පේර කොළ කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:

පේර කොළ ග්‍රෑම් 250 ක් පමණ
හීනටි සහල් මිටක්
සුදු ළූණු බික් 3 ක්
රතු ළූණු ගෙඩි 2 ක්
ඉඟුරු
මිටි කිරි කෝප්පයක් සහ දියකිරි
කරපිංචා කොළ මිටක්
කුරුඳු පොත්තක්
ගම්මිරිස් ඇට 2-3 ක්
දෙහි යුෂ තේ හැන්දක්
රස අනුව ලුණු

සාදා ගන්නා ආකාරය :

ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත් පේර කොළ කරපිංචා කොළ සමඟ බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබා ගන්න.

ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ඇට යන්තම් තලා එයට ලියාගත් රතු ළූණු එකතු කරන්න.

හීනටි සහල් සෝදා වතුර දමා එයට තලාගත් ඉඟුරු සුදු ළූණු ගම්මිරිස් හා කුරුඳු පොත්ත සහ ලියාගත් රතු ළූණු එකතු කර පිස ගන්න.

බත ඉදුණු පසු එයට මිටිකිටි දමා පිස කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ලිපෙන් ඉවත් කරගෙන අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ එක් කර උණුසුම්ව පානය කරන්න.

අපූරු රසවත් පලතුරක් වන පේර ගෙඩිය පමණක් නොවෙයි පේර කොළවලින් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්නට රුව ලස්සන කරගන්නට ඇති හැකියාව ඉතා ඉහළයි....

ඉතින් ඕනෑම ප්‍රදේශයක වැවෙන සුලබ පලතුරු ගසේ කොළත් අපේ ප්‍රයෝජනයට ඉතාම පහසුවෙන් භාවිතයට ගන්නට හැකියාව තිබියදීත් එය නොසලකා හැරීම සැබෑවටම අවාසනාවක්.

අන්තර්ජාලයෙන්... 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්