ඔයාටත් Allergy තියෙනවා ද? අවදානම ගැන දැනගෙනම ඉන්න..
Allergy කියන්නේ හැමෝටම ඇති වෙන දෙයක් නෙමෙයි.
හැබැයි ගොඩක් අයට සමහර කෑම වර්ග කෑවහම ,එහෙම නැත්නම් සතුන් නිසා ,බෙහෙත් නිසා Allergy ඇති වෙන්න පුළුවන්.මේකට හේතුව තමයි ශරීරයට ඇතුළු වෙන වෛරස්, බැක්ටීරියා, දිලීර වගේ දේවල් එක්ක අපේ ප්‍රතිශක්තිකරණය පද්ධතියට සටන් කරන්න නොහැකි වීම.ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා බැක්ටීරියා ,වෛරස් ශක්තිමත් කියන එක.
ආසාත්මිකතා ලක්ෂණ
දිව සහ තොල් ඉඳිමිම
හුස්ම ගැනීම අපහසුව
උගුරේ අපහසුතා,
ඔක්කාරය
තෙහෙට්ටුව
හිසරදය
කැසීම සහ පලු දැමීම
මේ සියල්ලන්ගේම අතුරු ප්‍රතිඵල විදිහට මරණය සිදු විය හැකියි
අසාත්මිකතා ඇති විය හැකි අවස්ථා
රූපලාවන්ය නිෂ්පාදන
සතුන් මඟින්
උෂ්ණාධික ආහාර මඟින්
Tattoo නිසා
විවිධ ඖෂධ වර්ග
ආභරණ
වැඩි අවදානම කාටද?
සුළු දේවල් වලටත් ආසාත්මිකතා ලක්ෂණ පෙන්වන පුද්ගලයින්
නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්
හතිය, ඇදුම වැනි රෝග වලින් පෙළෙන පුද්ගලයින්
කුඩා දරුවන්
ගර්භනී අය
රෝගය වලක්වා ගැනීම සඳහා Antihistamine වර්ගයේ ඖෂධ තිබෙනවා.හැබැයි හිතුමනාපෙට මේවා ගන්න හොඳ ඖෂධ නෙමෙයි.අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වෙනවා. ආසාත්මිකතාවට අනුව අවශ්‍ය ඖෂධ ගැනීමෙන් ආසාත්මිකතාව බරපතළ තත්ත්වයට පත්වීම වලක්වාගන්න පුළුවන්.
ආසාත්මිකතාව වැඩි මට්ටමක ඇති රෝගීන් සඳහා Steroids කාණ්ඩයේ ඖෂධ ලබාදෙනවා.ඒ වගේම දැඩි ආසාත්මිකතාව අවම කර ගැනීම සඳහා Adrenalin වර්ගයේ ඖෂධ ලබා දෙන්න පුළුවන්.කලින් කිවා වගේම වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍ය වෙනවා.
Countdown Timer
40 seconds remaining