තරුණ බව රැක දෙන දකුණේ වැජඹෙන රසම රස පලතුර..

 

ගහෙන් කැඩූ ගමන් රස විඳින්න පුළුවන් අපූරු පලතුරක් ගැනයි මේ කතාව.. මේ කාලේ සුලබව දකින්න පුළුවන් මේ රසවත් කෑම ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

මේත් ඒවගේ පලතුරක්.. 


ඩොංගා කියන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂ වූ පළතුරක්, වඳුරඹ ප්‍රදේශය තමයි ඩොංගා රාජධානිය කියන්නේ... නමුත් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩොංගා ව්‍යාප්ත වී තිබෙනවා...

මෙය විදේශීය සම්භවයක් සහිත ශාකයක් බව සඳහන් වනවා..

මේ ඩොංගා හැදෙන කාලේ.. ඩොංගා ගස් කහ බල්බ් දැම්මා වගේ හරිම ලස්සනයි.. ගස් පුරාම කොලවලට වඩා ගෙඩි, ගස් යට වඳුරන් කෑ ගෙඩි වැටී කහ රෙද්දක් එළුවා වාගෙයි...

මේ පළතුර හැඩයෙන් මැංගුස් ගෙඩියේ ඇතුළතට සමානයි.. ඒ නිසා වල් මැංගුස්තන් නමින්ද ඇතැමුන් මෙම පළතුර හඳුවනවා.. ඇඹුල් සහ පැණිරස ප්‍රභේද දෙකක් දැකගත හැකියි.. ඇඹුල් බවින් වැඩි නමුත් ඩොංගාවල මිහිරි රසක් තිබෙනවා.. ලුණු සහ මිරිස් කුඩු ස්වල්පයක් ඉසගෙන කද්දී හරිම අපූරුයි..

උෂ්ණ අධික පළතුරක් නිසා වැඩිපුර කෑම අගුණයි.. ඒත් විටමින් සී අධික ගුණදායී පළතුරක්.. ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට, රක්ත හීනතාවය,දියවැඩියාව, මළ බද්ධය, පාචනය දුරු කිරීමට,පිළිකා පාලනයට, දන්ත හා අස්ථි සවුඛ්‍යය පවත්වා ගැනීමට, ශරීරයේ බර පාලනය කිරීමට වගේම වයස්ගතවීම පාලනය කරන Anti ageing ගුණ සහිත ඉතාමත්ම වටිනා පළතුරක්..

ඩොංගා ගසේ පොතු හා මුල් හෙල වෙදකමේ භාවිත කරනවා.විශේෂයෙන්ම අතීසාරය වැළක්වීමට සකසන බෙහෙත්වලට මේවා යොදාගන්නවා..

අඩි පනහකට වඩා උසට වැඩෙන මේ ගස්වල දැව ගෘහ භාණ්ඩ සකසන්න හොඳ ලී වර්ගයක් නිසා මේ ගස්වලට ඉහල ඉල්ලුමක් තියෙනවා.. සමහරවිට මේ රසවත් පළතුර වඳවී යන්න ඒකත් එක හේතුවක් වේවි.. 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්