පාන් කෑම සම්පූර්ණයෙන්ම නතර කරන්න.. ඉන් පසු ලැබෙන දේවල්වලින් ඔබ පුදුමයට පත් වේවි..


 නිරෝගී ආහාර රටාවක් අනුගමනය කිරීමට හෝ ආහාර පාලනය කිරීමට සැලසුම් කරන ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම ආහාර වර්ග ලැයිස්තුවෙන් බොහෝ විට ඉවත්වන පළමු ආහාරය තමයි. පාන් කියන්නේ..

කාබෝහයිඩ්‍රේට ගැන කතා කිරිමේදී ධාන්‍ය වර්ගවලට ඇත්තේ විශේෂ තැනක්.. සුදු පාන් වගේ කාබෝහයිඩ්‍රේට ආහාර පරිභෝජනය නතර කිරීම සිරුරේ බර රාත්තල් කිහිපයකින්ම අඩුකරන්න හැකි කරවන හොඳ පියවරක් වුණත් සම්පූර්ණ තිරිඟු පිටි සාරයෙන් හදන පාන් වර්ග පරිභෝජනයට ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීම ඔබට යම් යම් ගැටලු ඇතිකළ හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙනවා.. ඔබේ සිරුරට අවශ්‍ය ඇතැම් පෝෂක නොලැබීමට මේ දේ හේතුවෙන්න පුළුවන් බව සඳහන්.. සම්පූර්ණ තිරිඟු වලින් සකසා පාන් කන එක එකපාරම නතර කරොත් ඔබේ සිරුරට මෙන්න මේ වගේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්ලු..

කෙණ්ඩා පෙරළීම් ඇතිවිය හැකියි

බර අඩුකරගන්න උනන්දු වෙන බොහෝ අය තමන්ගේ කාබෝහයිඩ්‍රේට පරිභෝජනය අඩුම මට්ටමකින් පවත්වාගන්න උත්සහ කරනවා.නමුත් සම්පූර්ණයෙන්ම පාන් ආහාරයට ගැනීම නතර කිරීමෙන් පුද්ගලයා තුළ යම් යම් අප්‍රසන්න අතුරු ආබාධ ගැටලු ඇතිවිය හැකි බව ඇතැම් අධ්‍යයන වල සඳහන්.ඔබ කීටෝ ඩයට් වැනි ආහාර පාලන ක්‍රමයක් අනුගමනය කරන්න අදහස් කරන නම් ,ඒ කියන්නේ පාන් ආහාරයට ගැනීම හා අනෙකුත් කාබෝහයිඩ්‍රේට ආහාර පාන ගැනීම සම්පූර්ණයෙන් නතර කිරීමට සිතාගෙන ඉන්න කෙනෙක් නම්,කෙණ්ඩා පෙරළීම් වගේ ගැටලු ඔබ තුළ ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩියි.බොහෝ විට රාත්‍රී කාලයේදී මෙසේ වේදනාකාරී ලෙස මාංශ පේශී සංකෝචනය වීම් සිදුවිය හැකි අතර ඇතැම් විට මිනිත්තු කිහිපයක් පුරා පීඩාව පවතියි.පාන් වල එලෙක්ට්‍රොලයිට බහුලයි.ඔබේ සිරුරට මේ අත්‍යවශ්‍ය පෝෂක යහමින් නොලැබෙන විට, මෙවැනි මාංශ පේශී ගැස්මන් හටගැනීමට එය බලපෑ හැකියි.

තෙහෙට්‍ටුව දැනීම

සුදු පාන් කියන්නේ සිරුරට අවශ්‍ය තරම් කාබෝහයිඩ්‍රේට පෝෂණය ලබාගන්න තියෙන නීරෝගී ආහාර විකල්පයක් නම් නොවෙයි.සම්පූර්ණ තිරිඟු හා ධාන්‍ය පියලි වලින් සකසන පාන් මධ්‍යස්ථ ප්‍රමාණයකින් ආහාරයට ගැනීමෙන් සිරුරට ශක්තිය ලැබෙයි.ඊට හේතුව තමයි මෙම පාන් වල තන්තු,යකඩ හා මැග්නීසියම් වගේ පෝෂක බහුල වීම.බඩ පිරෙන ගතිය වැඩියි වගේම සිරුරට හොඳ ශක්තියක් ලබාදෙයි.

පැණි රස ආහාර පාන වෙත ඇති ගිජුබව වැඩිවිය හැකියි

පාන් කියන්නේ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාරයක් වගේම සිරුරට ශක්තිය ලැබෙන ආහාර මූලාශ්‍රයක්.සම්පූර්ණයෙන්ම පාන් කෑම අත්හැරීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය සපුරගන්න වෙනත් ක්‍රමයක් සොයාගැනීමට සිරුරට සිදුවෙනවා.සිරුරට මහන්සිය, පණ නැති ගතියක් දැනුණු අවස්ථා වල සිරුරට ඉක්මන් ශක්ති ප්‍රබෝධයක් ලබාදෙන පැණිරස ආහාර හා පැණි බීම වගේ දෙයක් පරිභෝජනය කරන්න අප පෙළඹෙනවා.මධ්‍යස්ථ ප්‍රමාණයකින් පාන් ආහාරයට ගැනීම සිරුරේ බර වැඩිවීමට හේතුවන්නේ නැහැ. නමුත් අප්‍රාණිකබවක්, තෙහෙට්‍ටුවක් දැනෙන අවස්ථා වල කුකීස්,චොකලට් වගේ දේවල් කන්න පුරුදු වෙන එකෙන් නම් ඒ අවදානම ඇතිවෙන්නට පුළුවන්.

මලපහ බැහැර කිරීමේදි අපහසුතා ඇතිවිය හැකියි

සුදු පාන් ආහාරයට ගැනීම නතර කිරීමෙ නම් මේ ගැටලුව ඇති නොවේවි. නමුත් සම්පූර්ණ තිරිඟු පිටි 
(whole , wheat, flour) වලින් සකසන පාන් හෝ රයි පාන් (rye bread) ආහාරයට ගැනීම සම්පූර්ණයෙන් නතර කළොත් මලපහ පිටකිරීමේදි යම් යම් අපහසුතා ගැටලූ ඇතිවීමට ඉඩ තිබෙනවා.සම්පූර්ණ තිරිඟු පාන් වල තන්තු අන්තර්ගතය ඉතා ඉහළයි. එම නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියට හොඳින් ආධාර කරයි.මේවා මලබද්ධය වගේ ගැටලු සමනය කිරීමට විරේචක වලට වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව ඔප්පු වී තිබෙනවා.

මනෝභාවයන් නිතර වෙනස්වීම

රස පීසා කැල්ලක් කන එක තරම් ඔබේ මූඩ් එක හදන්න පුළුවන් වෙනත් ක්‍රමයක් නැහැ කියලා හිතෙනවා නම් ඊට විද්‍යාත්මක හේතුවක් තිබෙනවා.කාබෝහයිඩ්‍රේට ආහාරයට ගනිද්දී අපේ සිරුරේ සෙරටොනින් නම් පුද්ගලයා තුළ සතුට තෘප්තිය දනවන හෝර්මෝනයක් ස්‍රාවය වීමට පටන්ගන්නවා. මෙම රසායනයට හැකියි අපේ ආහාර රුචිය යටපත් කිරීමට.නීරෝගි කාබෝහයිඩ්‍රේට ආහාර පාන ආහාරයට එක්කරගැනීම බඩගින්න පාලනය කරගන්න ගමන් ඔබේ මනෝභාවයන් යහපත් කරගැනීමට ආධාර කරන බව පෙනී යයි.

හෘද රෝග අවදානම් ඉහළ යා හැකියි

ප්‍රසාදිත (පිරිපහදු කළ) කාබෝහයිඩ්‍රේට පුද්ගලයින් තුළ හෘද රෝග අවදානම ඉහළ දැමිය හැකි වුවත් සම්පූර්ණ පෝෂණය අඩංගු ධාන්‍ය පරිභෝජනයට ගැනීම සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් අඩුවීමට හා හෘද ගැටලු ලක්ෂණ පාලනය වීමට ගුණ දෙන බව ඔප්පු වී තිබෙනවා. එබැවින් ඔබේ ආහාර පාන ලැයිස්තුවෙන් ඉවත්කරන ධාන්‍ය වර්ග ගැන දෙවරක් සිතීම ඉතා වැදගත් වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්.. 

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්