ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...


 දිව, එහෙම කිව්ව ගමන් අපට මතක් වෙන්නේ කෑම ගැන..


ඒත් මේ කියන්න යන්නේ ඔයාට හිතන්න ඕන කාරණාවක්.. 

දිව යනු ආහාර වල රස බැලීම සහ කතා කිරීම සදහා මිනිස් ශරීරය තුල ඇති මාංශ පේෂීන්ගෙන් සෑදුනු අවයවයකි. ඔබගේ දිවේත් මෙවන් ලක්ෂණ තිබේ දැයි නිරීක්ෂණය කරන්න.

දිදුලන රතු පැහැය විටමින් B12 ඌණතාවය පෙන්නුම් කරයි. ස්වාභාවික රෝස පැහැයෙන් යුක්ත වන දිවක් තද රතු පැහැයට හැරීම මගින් විටමින් B12 ඌණතාවය පෙන්නුම් කරනු ලබයි. මෙම විටමින් වර්ගය රතු රුධිර ෙසෙල මගින් අවයව වෙත ඔක්සිජන් සැපයීම සදහා අවශ්‍ය වේ. මෙම විටමින් ඌණතාවය මගින් ස්නායු රෝග සහ ඩෙමන්ශියාව වැනි රෝග තත්වයන් ඇති වේ. මේ සදහා විටමින් B අඩංගු වන මස් සහ සැමන් වැනි ආහාර අනුභව කරන්න.

දිවෙහි සුදු වර්ණයෙන් පෙන්නුම් කරනු ලබන්නේ දිලීර ආසාදනය වීමයි ඔබගේ දිව සුදු වර්ණයට හැරී ඇත්නම් ඔබගේ ශරීරයේ දිලීර ආසාදනයක් ඇති වී ඇත. මෙමගින් අළුහන් අත්, පාද සහ මුහුණ මත ඇතිවේ. මෙය ප්‍රතිජීවක ඖෂධ වලින් ඇතිවන අතුරු ආභාදයක් වන අතර මෙය ප්‍රතිශක්තිකරණ පද්දතියේ මන්දගාමීත්වය මතද ඇති වේ.දිවෙහි අඳුරු භාවයෙන් කියවෙන්නේ රුධිර සංසරණයේ මන්දගාමී බවයි.

දිව දම් පැහැයට හැරිම මගින් කියවෙන්නේ රුධිර සංසරණයේ මන්දගාමී බව සහ රුධිරයේ අධික තෙල් ස්වාභාවයයි. බොහෝ විට මෙම තත්වය අවිධිමත් ආහාර රටා සහ ව්‍යායාම වල නිරත නොවීම නිසා ඇති වේ.

රුධිරයේ යකඩ ඌණතාවයක් ඇතිවූ විට දිව කරා ගමන් කරන රුධිර සැපයුම ප්‍රමාණවත් නොවී දිව සුදු මැලි වේ. තෙහෙට්ටුව, කැරකිල්ල සහ සාමාන්‍ය ආකාරයට හෘදය ස්පන්ධනය වනවාට වඩා වෙනස් ආකාරයෙන් හෘදය ස්පන්ධනය වීම යන තත්වයන් මෙමගින් පෙන්නුම් කෙරේ.

දිව රතු පැහැ නමුත් එය මත කහ පැහැති පැල්ලමක් තිබීම මගින් අදහස් වන්නේ තයිරෝදඩි ග්‍රන්ථි ආසාදනය වීම, උණ, ස්නායු ආභාද, තෙට්ටුව වැනි විවිධ රෝග ශරීරය තුල තිබෙනවා කියාය.

බඩ පිපීම, පපුව හිරවීම, බඬේ කැක්කුම සහ හිසෙහි බර ගතිය නිසා දිව මැද කොටස සුදු පැහැයට හරි ඉතිරිය රෝස පැහැයට හැරෙනු ඇත.
අක්මාවේ රෝග, පපුවේ වේදනාව, හිසරදය වැනි තත්වයන් මත දිව දම් පැහැයට හැරෙනු ඇත.

මනෝභාවයන්ගේ වෙනස් වීම් සහ මානසික ආතතිය නිසා දිවෙහි සිහින් සුදු පැහැති ඉරක් සමග දිව රෝස පැහැයට හැරේ.

මුත්‍රා රෝග සහ සමේ රෝග මත දිවෙහි වර්ණය රතු සමග කහ පැහැයකට හැරෙනු ඇත.

ලිංගික බෙලහීනතාවය, කොන්දේ වේදනාව, සම සුදු මැලි වීම සහ සෙම්ප්‍රතික්ශ්‍යාව වැනි රෝග තත්වයන් මත දිවෙහි සුදු පැහැති සිහින් තීරුවක් ඇති වී දීප්තිමත් වර්ණයක් ඇති වනු ඇත. තවද මෙහිදී දිව ඉදිමී වේදනාවක්ද දැනෙනු ඇත.

කනේ කැක්කුම, ස්නායු ආභාද, නින්ද නොයාම වැනි තත්ත්ව මත දිව රතු පැහැයට හැරීම හෝ දිව ඉරි තැලීම ඇති වේ. 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

  1. Add අඩු උනානම් අපූරුයි, වැදගත් දෙයක් විනාස කරල ඇඩ් ගොඩක් ඔබලා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්