ජීවිතය අවදානමේ දමන බිත්තර , සේදීම නොකළ යුත්තේ ඇයි?


 කුකුල් ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු  බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා.


ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා.   

මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය.

කිකිලි බිත්තර මතුපිට කුකුල් අශූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අශූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුලුවන්.



සාමාන්‍යයෙන් කුකුල් අශූචිවල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවත්වෙන්න පුලුවන් කියල සොයා ගෙන තිබෙනවා. ("Salmonella Enteritidis" can survive on the surface of hens' eggs for up to 54 days.)

එහෙමනම් ජරාව පේන්න තිබුනත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක ඩේන්ජරස්නේ... 

නෑ එහෙම නෑ. කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට “bloom” කියල කියන ආරක්ෂක පටලයකුත් තැම්පත් කරල. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුලට යන එක වැළැක්වෙනවා.

⁣බිත්තර සේදුවාම මොකද වෙන්නේ.?
සාමාන්‍යයෙන්, කඩේන් ගේන බිත්තර සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුනාම සේදුන ජලය බිත්තර කට්ටේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුල් වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුලුවන්.

බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තෙත් ඒ වගේ බිත්තරවල අර කිවුව ආරක්ෂක පටලය කැඩිලා තියෙන නිසා මතුපිට තියෙන විසබීජ ඇතුලට ගිහින් තියෙන නිසා ය.

ඒ නිසා බිත්තර මිළ දී ගන්නකොට,



*මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම.
*නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.
*පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තිනෙ ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශිතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.
*අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්රතිශක්තිය අඩු, ගර්භණී ,ළමයින්, වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන්න පුලුවන් කාරණාවක්.
*මේ කිවුව කරුණු කාරණා ටික පිළිපැද්දොත් සැල්⁣මොනෙල්ලා විෂවීම් වලින් ආරක්ෂාව සලසා ගන්න පුලුවන් වේවි.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .
උපුටා ගැනීම Facebook

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්