ඔයත් විවාහකද ? එහෙනම් අද ඉඳන් පරිප්පුවලට දාලා හරි නිවිති කන්න පටන් ගන්න
නිවිති එහෙම නැතිනම් Spinach කියල කියන්නේ, බටහිර රටවල්වල ජනතාව අතර මෙන්ම, පෝෂණවේදින් අතරද ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වෙයි.
අපේ රටේද නිවිතිවලට ඇත්තේ ඒ හා සමාන ත්ත්වයක් වුවද, අපි නිවිති කියල ආහාරයට ගන්නේ ඇත්තෙන්ම සුද්දා Spinach කියල හදුන්වන පැලෑටියට ඉදුරාම වෙනස් පැලෑටියකට බව බොහෝ දෙනෙකු දන්නේ නෑ.
කොහොම උණත් මේ දෙකම පෝෂණිය හා රෝග නිවාරණ ගුණ රාශියක් තිබෙන එළවළු වර්ග දෙකක් බව සිහියේ තියාගෙනම මේ දෙක වෙනස්කම් සහ වැල් නිවිතිවල සුවිශේෂි පෝෂණ සහ ඖෂධීය ගුණ හදුනා ගනිමු.
■ ඉංග්‍රීසී නිවිති පැලෑටිය spinacia oleracea යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර, එය Amaranthaceae කුලයට අයත්, අඩියකට වඩා උස නොයන ඒක වාර්ශික පැලෑටියකි.
■ අපි නිවිති කියල හදුන්වන ශාකය වසර දෙක තුනක් වැවෙන වැල් වර්ගයක් වන අතර, විද්යාත්මකව Basella alba යන නමින් හදුන්වන අතර, Basellaceae කුලයට අයත් වේ.
මෙය දකුණු ඉන්දියාවට සහ ලංකාවට ආවේනික වන අතර මලබාර් නිවිති, සිලෝන් නිවිති යන නම් වලින්ද හදුන්වනවා.
වැල් නිවිති කියලත් කියන ලංකාවේ තියෙන නිවිති වර්ගයේ කොළ සහ රතු පාටින් යුතු ප්‍රභාද දෙකක් තිබෙනවා.
මේ දෙක Basella alba සහ Basella rubra යන නම්වලින් හදුන්වනවා.
■ ඉංග්රීසි නිවිති සහ ලංකාවේ නිවිති වර්ග දෙකේ පෝෂණ හා ඖෂධීය ගුණයන්ද වෙනස් වෙයි.
මේ දෙවර්ගයම අඩු කැලරිමය ආහාර වන අතර, පිෂ්ටය නොවන පොලිසැකරයිඩ වලට හොද ප්‍රභවයක් වෙයි.
කෙදි බහුල බැවින් බඩවැල්වල නීරෝගීභාවයට බෙහෙවින්ම ප්රයෝජනවත් වෙනවා. විශේෂයෙන් වැල් නිවිති ඇලෙන සුලු ගුණයෙන් වැඩි නිසා (mucilaginous qualities) ආහාර ජීර්ණ පද්ධතියට වැඩි වාසියක් ගෙන දෙයි.
දෙවර්ගයම සතු ඉහත ගුණාංග නිසා අහිතකර කොලොස්ටරෝල් සහ සීනි උරාගැනීම මණ්දගාමි කරයි.
අමු වැල් නිවිති ග්රැම් සියයක විටමින් ඒ ජාත්යන්තර ඒකක 8000 ක් පමණ නොඑසේනම්, අපගේ දෛනික අවශ්‍යතාවය මෙන් 267 % ක් පමණ තිබෙනවා. ඉංග්රීසි නිවිතිවල විටමින් ඒ ඇත්තේ ග්රැම් සියයක ජාත්යන්තර ඒකක 2100 ක් පමණ වෙයි.
වැල් නිවිතිවල ප්රෝටීන්, කාබෝහයිඩ්රේට්, සුලු වශයෙනුත් යකඩ, කැල්සියම් මැග්නීසියම් පොස්පරස් වැනි ඛනිජ ලවණ සහ විටමින් ඒ, සී, ඊ, කේ සහ බී විටමින් වලින් බොහොම පොහොසත්.
වැල් නිවිති බොහෝ බෝ නොවන රෝගවලින් අපව ආරක්ෂාකර දීමට සමත් ප්‍රතිඔක්සිකාරක වලින් බොහොම සරුයි.
ආහාරමය තන්තු සුලභව අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ යහ පැවැත්මට බොහොම හිතකරයි. බඩවැලේ හිතකර ක්ෂ්ද්‍රජීවීන් සදහා ප්‍රීබයොටීනමය උපස්තර සාදයි.
ආමාශයික තුවාල (අල්සර්ස්) සුව කරයි. අම්ල පිත්ත රෝගය සමනය කරයි.
හයිපොග්ලයීසීමික ක්රීයාකාරිත්වය අතින් විශිෂ්ඨයි ( සීනි රුධිරයට උරාගැනීමේ වේගය අඩු කරයි) ඇල්ෆා-ග්ලූකෝසයිඩේස් නිෂේධක ගුණ ඇත.
(Alpha-glucosidase inhibitors කියල කියන්නේ, සංකීර්ණ කාබෝහයිඩ්රේට් ජීර්ණය හා අවශෝෂණය ප්රමාද කිරීමෙන් රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කිරීමේ ක්‍රියාවලියට ) වැල් නිවිතිවල තිබෙන ඇලෙන සුලු ශ්ලේස්මල ගුණය නිසා ආහාර ජීර්ණ පද්ධතිය තුළ කාබෝහයිඩ්රේට් ජීර්ණය ප්‍රමාධ කිරීම සිදුකරයි.
මද වශයෙන් විරේචක ගුණ ඇත.
මළ බද්ධය තිබෙන උදවියට ගර්භනී මවුවරුන්ට සහ ළමයින්ට විශේෂයෙන් ගුණදායක ආහාරයකි.
ප්‍රති ප්‍රධාහක ගුණ ඇති නිසා පිළිකා හට ගැනීම වළක්වයි .
පිරිමි ලිංගික හෝර්මෝනය වන ටෙස්ටස්ටරෝන් මට්ටම ඉහළ නංවයි.
එනයින් , ලිංගික ක්‍රියාකාරිත්වය සහ ලිංගික සරුභාවය ඉහළ නංවයි.
විශේෂයෙන් රතුපාට වැල් නිමිතිවල තිබෙන විටමින් ඒ , සාපේක්ෂව ගුණාත්මකභාවයෙන් ඉහළ බව විශේෂයෙන් කියන්නට ඕන.
එයට හේතුව ඇස්වල සහ සමේ යහපැවැත්ම උදෙසා වෙසෙසින් වැදගත්වන ප්රබල ප්රතිඔක්සිකාරකයන් වන බීටා කැරොටින්, ලූටින් සහ සීඇසෙන්තින් යන සංගටක මෙහි බහුල වීමයි.
රතු නිවිතිවල තිබෙන තවත් සුවිශේෂී ප්‍රතිඔක්ෂිකාරකයක් තමයි, එහි වර්ණයට ද හේතු වන ඇන්තොසයනින් (Anthocyanin).
ඇන්තොසයනින් වලට අමතරව වැල් නිවිති ගෙඩිවල පැහැයට හේතුවන වර්ණකයක් තමයි, බෙටලින් කියන්නේ (Betalain pigments).
මෙයද හොද ප්‍රතිඔක්ෂිකාරක ගුණ පෙන්වන අතර, ස්වභාවික ආහාර වර්ණක නිෂ්පාදනය සදහා ද භාවිත කළ හැකිය. රසකැවිලි පේස්ට්රි සහ පලතුරු යුෂ වර්ණ ගැන්වීමේදි භාවිත කළ හැකිය.
දෙහි ස්වල්පයක් එක් කර ගැනීමෙන් වර්ණ තීවුරතාවය වැඩි කර ගන්නට පිළිවන.
මෙහි තිබෙන තවත් සුවිශේෂී ප්‍රතිකාරමය ගුණයක් මීයන් ඇසුරින් සිදු කර තිබෙන පර්යේෂණයකදී හෙළිදරවු වී තිබෙනවා. එනම්, ඊයම් විෂ වීම් වලින් අක්මාවට සිදුවන හානිය යථා තත්ත්වයට පත් කිරීමට තිබෙන සාධනීය හැකියාවයි.
මේ පිළිබද වැඩි දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව තිබෙන බව විද්‍යාඥයින් අවදාරණය කර සිටී.
වැල් නිවිති හදවතට සහ රුධිර පීඩනය යහපත්ව පවත්වාගෙන යාමට බෙහෙවින්ම ඉවහල්වන පොටෑසියම්වලට ද හොද ප්රභවයක් වෙනවා.
අයහපත් ප්‍රතිපල''''''
පොටෑසියම් අධික ආහාර වකුගඩු රෝගීන්ට අගුණ විය හැකි නිසා එවැනි රෝගීන් වැල් නිවිති පමණ දැන අනුභව කිරීම යහපත්ය.
වැල් නිවිතිවල ඔක්සලික් අම්ලය Oxalic acid වැඩිපුර තිබෙන නිසා වකුගඩුවල ගල් ඇති රෝගීන්ට අගුණ විය හැකිය.
ඔක්සලික් අම්ලය අධික ආහාර සමග යකඩ සහ කැල්සියම් සුලභ ආහාර අනුභව කිරීමෙන් එකී ක්ෂුද්‍ර පෝෂක අවශෝෂණය අඩු කිරීමටද හේතු විය හැකිය .
වැල් නිවිති ශාකය බැර ලෝහවලින් විශේෂයෙන් ක්රෝමියම් වලින් දූෂිත පසෙන් බැරලෝහ අවශෝෂණය කර ගන්නට වැඩි මනාපයක් දක්වනවා.
ඒ නිසා දූෂීත පරිසරයේ වැඩෙන වැල් නිවිති ආහාරයට නොගැනීම වැදගත් .
අධ්‍යයනවලින් හෙළි කර ගෙන තිබෙන මෙකී නොකී බොහොම වැදගත් කරුණු කාරණා රාශියක් නිසාවෙන් වැල් නිවිති වර්ග දෙකම වැඩි වියදමකින් සහ මහන්සියකින් තොරව වස විස නොමැතිව වගා කර ගත හැකි සෞඛ්‍ය සම්පන්නභාවය ප්‍රවර්ධනය කරන පෝෂණීය සහ ඖෂධීය ආහාරයක් ලෙසත් විවිධ අගය එකතු කළ ආහාර නිෂ්පාදන සදහා මෙන්ම, රූපලාවන්‍ය නිෂ්පාදන වලටද භාවිතයට ගත හැකි විශිෂ්ට පැලෑටියක් බවත් විශේෂයෙන් අවදාරණය කළ යුතුව තිබෙනවා

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment