ගුණ දන්නවා නම් විසි කරන එකක් නැහැ.. හදවත ආරක්ෂා කර සුව නින්දක් ලබාදෙන වට්ටක්කා ඇටවල විශ්මිත ගුණ මෙන්න..

 


වට්ටක්කා කියන්නේ අපේ දෛනික ආහාර වේලට නිතරම එකතුවෙන රසවත් එළවළුවක්නේ.


ඒ වගේම වට්ටක්කා අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාරයක්. අපි වට්ටක්කා පිළියෙල කරන කොට ඒවායේ ඇට ඉවත දමනවා, නමුත් ඔබ දන්නවාද වට්ටක්කා ඇට අපේ ශරීරයට බොහෝ ප්‍රයෝජනවත් කියලා.

මේ ලිපිය කියවීමෙන් පසු නම් ඔබ කවදාවත් වට්ටක්කා ඇට විසි කරන එකක් නැතිවෙයි. වට්ටක්කා පිසින විට ඒවායේ ඇට වෙනම අරන් තියලා හොඳින් සෝදා වියළීමට තබන්න. පසුව ඒවා දිනපතා ආහාරයට ගන්න. රට කජු කනවා වගේ කන්න පුළුවන් මේ වට්ටක්කා ඇටත්.

මේ තියෙන්නේ වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කිහිපයක්.


01. ආතරයිටිස් වැනි තත්වයන් නිසා ඇතිවෙන වේදනාවන් වලට සහනය ලබා දෙනවා
මෙවැනි රෝග වලට අපි ලබාගන්න යම් යම් ඖෂධ වර්ග වලින් අතුරු අබාධ ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා වැඩියි. නමුත් වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට කිසිම අතුරු අබාධයක් නොමැතිවම මෙවැනි රෝග සදහා සහනයක් ලබාගත හැකියි.

02. ඔබේ හදවතේ නිරෝගී බව ආරක්ෂා කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන මැග්නීසියම් වලින් ඔබේ නිරෝගී බවට විශාල පිටුවහලක් ලැබෙනවා. අධික රුධිර පීඩනය පාලනය කරමින් හදවත් අකර්මන්‍ය වීම් වගේම ආඝාතය වැනි තත්වයන්ගෙනුත් ඔබව ආරක්ෂා කරනවා.

03. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා
වට්ටක්කා ඇට වල අඩංගු වෙන phytosterol සංයෝගය මගින් ඔබේ රුධිරයේ අඩංගු වෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනු ලබනවා. සුර්යකාන්ත ඇට වලට පසුව වැඩිම phytosterol සංයෝගයක් අඩංගු වෙන්නේ වට්ටක්කා ඇට වලයි.

04. ඔබේ රුධිරයේ අඩංගු සීනි මට්ටම සමාන අගයක පවත්වා ගෙන යා හැකියි
වට්ටක්කා ඇට ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් ඔබේ සිරුරේ පැවතිය යුතු සීනි මට්ටම හැමදාමත් සමාන මට්ටමක පවත්වා ගෙන යන්න. ඒ වගේම චය ඔබට බර අඩු කර ගැනීමටත් හැම දවසකම නිරෝගීව ඉන්නත් අවස්ථාව ලබා දෙනවා.

05. ඔබට හොද නින්දක් ලබා දෙනවා
ඔබත් නිදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙනවා නම් රාත්‍රියට නින්දට යාමට පෙර වට්ටක්කා ඇට කිහිපයක් ආහාරයට ගන්න. වට්ටක්කා ඇට වල අඩංගු වෙන ඇමයිනෝ අම්ලය, tryptophan ඔබට උදවු වෙනවා සුව නින්දක් ලබාගන්න.

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්