දියවැඩියාවට තෙබු කොල කෑවොත් සුව වෙනවා කියලා හිතන අයට මෙන්න විස්තරේ
බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි තෙබු කොල ආහාරයට ගත්තොත් දියවැඩියාව අඩුවෙනවා කියන එක.
මෙය සම්පූර්ණයෙන් වැරුදි මතයක්.
තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්.
බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ යනවා.
අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි.
සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකියාව පවතිනවා.
එයින් මොළයට හානි වෙන්නත් පුලුවන්. රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි.
මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම කිසිසේත් නිර්දේශ කරන්න බැරි බවයි වෛද්‍යවරු නම් පවසන්න්නේ.
තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ.
බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා. රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය.
එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමේදී නිසි වෛද්‍යවරයකුගෙන් පමණක් ලබාගැනීම සුදුසුයි.
Comments
Post a Comment