"මේ ගෙවන ජීවිතයේ ගැන මම සීයට සීයක්ම තෘප්තිමත්..." අවුරුදු විසිතුනක් පුංචි තිරයේ හැඩ කළ ඇය... ඈත ගමක අද ගෙවන ජීවිතය


 රංගන ලෝකය තුළ ගොඩක් දෙනෙක්ට මතක හිටින චරිත හරහා අපි හමුවට ආපු ආදරණිය කලාකාරිනියක් තමයි නීතා සමරනායක කියන්නේ.


ඇයගේ රංගනයෙන් හැඩ වැඩ වුණු නිර්මාණ බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි.

මේ වන විට නීතා කියන චරිතය අපි අතර නැහැ. ඇය සියලුම ලෞකික සැප සම්පත් අතහැර උතුම් නිවන් අවබෝධය පිණිස භික්ෂුණි ශාසනයට ඇතුළත් වෙලා..

මේ හිරු ගොසිප් අපි ඇය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක්...

සුවපත් වෙත්වා...!!!මෙහෙණින් වහන්ස, ඔබවහන්සේ ගිහි කාලයේ අපි හැමෝම දන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක්, දැන් වර්තමානයේ මං ඔබවහන්සේ කවුරු කියලද හඳුන්වන්නේ?

ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ...

ඔබ වහන්සේ පැවිදි දිවියට එළඹිලා දැන් කොච්චර කාලයක්ද? අවුරුදු තුන හමාරයි.

රංගන ජීවිතයේ ඔබවහන්සේ හැමෝම දන්නවා හොඳින් හඳුනනවා. රංගන ජීවිතය ගැන කතා කළොත්...? මම 2016 වෙනකොට අවුරුදු 23ක් ටෙලි නාට්‍යවලත් චිත්‍රපටවලත් රඟපෑවා. පළවෙනියෙන්ම චන්ද්‍රරත්න මානව සිංහ මහත්තයාගේ කළු දිය පොකුණ චිත්‍රපටයේ අන්තිමටම ලකීඩයිස් මහත්තයාගේ සීතල ගිනිදැල් කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා.

එතකොට මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වීමේ අරමුණ මොකද්ද? මොකද ගොඩක් අය ජීවිතේ කලකිරිලා තමයි ධර්ම මාර්ගය සඳහා යොමු වෙන්නේ? නෑ ඇත්තටම මට කලකිරෙන්න හේතුවක් තිබුණේ නෑ. නමුත් අවුරුදු විස්ස වගේ වෙච්චි කාලේ ඉඳලම මට එහෙම අදහසක් තිබුණා. ඒක නිසයි මම හැම වෙලේම කියන්නේ මේක මට සංසාර පුරුද්දක් කියලා.

නමුත් අපට ජීවිතයේ ණය ගනුදෙනු මුණගැහෙනවා ඒ අනුව මට විවාහ වෙන්න වුණා ළමයි ලැබුනා එතකොට දරුවෝ ගැන මට වගකීමක් යුතුකමක් තියෙනවා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා විවාහ වෙලා ඉතාම හොඳින් ඉන්නවා. ඉතිං ඒක නිසා ඊට පස්සේ මට හිතුනා දැන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ යුතුකම් වගකීම් කොටස ඉෂ්ට කළා කියලා තේරුනා. ඊට පස්සේ මම හිතුවා මගේ සැනසීම විමුක්තිය වෙනුවෙන් යන්න ඕනේ කියලා.

ඔබ වහන්සේ මේ වෙනකොට වෙසෙන්නේ මොන ප්‍රදේශයේ ද ? අවිස්සාවේල්ල

එතකොට ඔබ වහන්සේගේ දරුවන්, ඒ වගේම ආදරය කරන කලාකරුවන් එනවද මේ වෙනකොට ඔබ වහන්සේ දකින්න? ඔව් දරුවොත් එනවා. කලාකාරයොත් එනවා.

කොහොමද ඔබවහන්සේ දැන් ගෙවන්නේ දුෂ්කර ජීවිතයක්ද? කොහෙත්ම නෑ. මේක ගොඩාක් ලස්සන තැනක් ඒ වගේම ලස්සන නිස්කලංක පරිසරයක්. මම ඒකට කැමතියි. ඒක නිසා මම මෙතන සතුටින් සැනසීමෙන් ඉන්නේ. ඒ වගේම මේ ගමේ අය මට ගොඩාක් උදව් කරනවා ඒගොල්ලෝ දානය අරගෙන එනවා. මම කිසිම දුෂ්කර ජීවිතයක් නෙමෙයි ගෙවන්නේ. මට කිසිම අඩුපාඩුවක් නෑ ඇත්තටම කියනවනම් මම සීයට සීයක්ම තෘප්තිමත් කියලා දැනෙනවා. මම කිසිම දුකකින් නෙමේ ඉන්නේ හරිම සතුටින්.

මෙහෙණින් වහන්ස ඔබවහන්සේ කලාකාරයෙක් ලෙස ගෙවපු ජීවිතයේ දැන් ගෙවන ජීවිතෙයි අතර වෙනස දැනෙන්නේ කොහොමද? මම ඇත්තටම රඟපෑම කරගෙන ගියේ හරිම කැමැත්තෙන්. දැන් අපි හිතනවනේ ජනප්‍රිය වෙන්න හරි එහෙම නැත්නම් සල්ලි ලැබෙන හින්දා හරි රඟපානවා කියලා ඒක මගේ රස්සාව එතකොට මට ඒකෙන් සල්ලි ලැබෙන්න ඕනේ.

නමුත් මම මගේ රස්සාවෙන් උපරිම තෘප්තිමත් වෙච්ච කෙනෙක්. මම හරිම ආසාවෙන් ඒක කළේ ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. නමුත් ධර්ම මාර්ගයට යොමු වුනාම ඒක හත හැරියා නෙමෙයි අත්හැරුණා. ඒක හින්දා ඒක මට දැන් මතක් වෙනකොට ඒක ආයේ කරන්න ඕනේ ඒ වගේ කිසිම හැඟීමක් නැහැ. හැබැයි මම රඟපාන කාලෙ ඒක හරිම සතුටින් උනන්දුවෙන් එහෙම කරා දැන් මං මේ ගෙවන ජීවිතේ ගැන මම සීයට සීයක්ම තෘප්තිමත් එකක් ගැනවත් මට කලකිරීමක්වත් පසුතැවීමක්වත් එහෙම නැහැ.

මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ ධර්මය සොයා යන මේ මාර්ගයේ මේ සමාජයට දෙන්නේ මොන වගේ පණිවිඩයක්ද? මම කියන්නේ විශේෂයෙන්ම ගැහැණු අයට ලංකාවේ ඉන්න බොහෝම ගැහැණු අය ගොඩක් දුක් විඳිනවා. ගොඩක් තැන් වලින් ඒ අය බොහොම කරදර අසහනකාරී ජීවිතයක් ගෙවන්න වෙලා තියෙනවා. එක පැත්තකින් අපේ රට බොහොම දියුණු රටක් නොවෙයි. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ස්වාමිපුරුෂයාගෙන් වෙන ප්‍රශ්න තියෙනවා. සමාජයේ ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න.

ඒ වගේම දරුවෝ කසාද බන්දලා දීලා අත්තම්මලට ගොඩක් වෙලා තියෙනවා දරුවන්ගේ දරුවෝ බලාගන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවනේ. අතහැරලා දාලා පැවිදි වෙන්න හිතන්න ඕනේ නෑ. ඇත්තටම ධර්ම මාර්ගයේ යන්න පැවිදි වෙන්න ඕනෙම නෑ. ධර්ම මාර්ගයකින් අපි බලාපොරොත්තු වෙන්නේ සචිත්ත පරියෝ දපනං කියන එකනේ තමන්ගේ සිත පිරිසිදු කිරීම කියන එක. තමන්ගේ හිත පිරිසිදු කරන එක ගිහියෙක් හැටියටත් පැවිද්දෙක් හැටියටත් කරන්න…

මෙහෙණින් වහන්ස ඔබවහන්සේ යන ධර්ම මාර්ගයේ යන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා...!!!
උපුටාගැනීම හිරු ගොසිප් වෙබ් අඩවියෙන්









Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්