දියවැඩියාව හැදෙන්න කලින් නියපොතු වලින් හොයාගන්න විදිය
අද වන විට දියවැඩියාව බෝ නොවන රෝග අතර ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දියවැඩියා වර්ග දෙකක් තියෙනවා. අපි ටයිප් 1 ටයිප් 2 කියලා මේවට කියනවා.
ටයිප් 1 දියවැඩියාවේදී වන්නේ රුධිරයේ ඇති ග්ලූකෝස් දේහ සෛල ඇතුලට ගෙනගොස් තැන්පත් කරන්නට අවශය මාර්ගය සලසා දෙන ඉන්සියුලින් කියන හෝමෝනය අවශ්‍ය ප්‍රමාණයට නැතිවීමයි. මෙය ජාන හරහා එන රෝගයක් ලෙසටයි සැලකෙන්නේ. ඒක එහෙමයි කියලා අපි හිතමුකෝ. නමුත් මේ දියවැඩියාව සමහරුන්ට අවුරුදු 20 න් වගේ හැදෙන්නේ. ඇයි උපතින්ම දියවැඩියාව නැත්තේ. නිකමට වගේ ඇහුවේ ටිකක් හිතලා බලන්න. මම අද කතා කරන්න හදන්නේ දියවැඩියා ටයිප් 1 හැදෙන්නට හේතුවන තවත් එක් සාධකයක් ගැන. අපි ඉහත කතා කලා ඉන්සියුලින් ගැන. ඉන්සියුලින් නිපදවන්නේ අග්න්‍යාෂය කියන ටිකක් ලොකු ග්‍රන්ථියකින්. මේ ග්‍රන්ථියේ තියෙනවා බීටා සෛල කියලා සෛල විශේෂයක්. සමහරුන්ගේ මේ සෛල කිසිම හේතුවක් නැතිව විනාශ වෙලා යනවා. එයට අපි කියනවා ඔටෝ ඉමියුන් තත්වයක් කියලා. ඒ කියන්නේ අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැරදිලා අපේම සෛල කා දමනවා වගේ වැඩක්. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේද? ඒත් විශ්වාස කරන්න වෙනවා. මොකද මේවා කියන්නේ ගොඩක් උගත් අය නිසා. ඒකට කමක් නැහැ. අපි මේ කාරණය ගැනත් ටිකක් අවධානය යොමු කරලා බලමු. කාටවත් හානියක් වෙන්නේ නැහැනේ.
ටිකක් වැඩි ප්‍රමාණයක් අනෙක් අංශුමාත්‍ර ඛණිජ ලවන හා සසදා බලන විට. ඒත් මෙය අත්‍යවශ්‍ය මිනරල් එකක්. අප යම් හෙයකින් මෙම ඛණිජ ලවනය අඩංගු නොවන ආහාර රටාවකට පුරුදු වුනෝතින් සින්ක් වලින් අපේ සිරුරේ සිදු කරන කාර්‍යභාරය සිදු කරන්නට බැරි වෙනවා. හරිම සරලයි.අදාල ක්‍රියාවලිය නවතිනවා. සින්ක් ප්‍රධාන වශයෙන්ම උපකාරී වනවා හෝමෝන නිපදවීම සදහා. ඉන් ප්‍රධානම හෝමෝන කිහිපයක් තමයි ඉන්සියුලින්, ටෙස්ටෙස්ටෙරෝන් වගේ හෝමෝන. ඉතිං ඉන්සියුලින් නිපදවන්නට බැරි වුනොත් දියවැඩියාව හැදෙනවා. ටෙස්ටෙස්ටෙරෝන් නිපදවාගන්න බැරි වුනොත් ලිංගික බෙලහීනතාවය වැනි ලිංගික ගැටලු පවා ඇතිවෙනවා. මේ වගේ බොහෝ රෝගී තත්වයන් මේ එක ඛණිජ ලවන ඌණතාවය නිසා හටගන්නවා. එසේම තෛරොයිඩ් හෝමෝනයක් වන T4 හෝමෝනය T3 බවට පෙරලීම සදහාද සින්ක් අවශ්‍ය වෙනවා. මේනිසා සින්ක් නොමැතිවීම තෛාරයිඩ් හෝමෝන නිපදවීම සදහාද බලපානවා. අපගේ ශරීරයේ ඉමියන් සිස්ටම් එකේ නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ එක් කාර්‍යභාරයක් තමි යම් සෛලයක් දුර්වල වි මරණයට පත්වන විට ඒවා ඉවත් කිරීම. ඒවා ඉවත් කරන්නට අවශ්‍ය ප්‍රතිදේහ අදාල සෛල වලට අවශ්‍ය ආකාරයට ප්‍රතිශක්තිකරන පද්ධතිය විසින් සකස් කරනවා. මේ ආකාරයට අපගේ ශරීරයේ ඇති ඕනෑම ග්‍රන්ථියක සෛල නිසි ලෙස ක්‍රියාත්මක නොවී මරණයට පත්වේනම් අදාල සෛල එම ස්ථානයෙන් ඉවත් කරන්නට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවනවා. මෙය අග්න්‍යාශයටද පොදුයි. අග්න්‍යාෂයේ ඉන්සියුලින් නිපදවන බීටා සෛල නිසි ලෙස ක්‍රියා කරන්නේ නැත්නම්. එසේ නැත්නම් අධිකව ක්‍රියා කිරීම නිසා දුර්වල වී මරණයට පත්වේනම් එම බීටා සෛල එතනින් ඉවත් කරන්නට ප්‍රතිශක්ති කරන පද්ධතිය තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව අදාල ප්‍රති දේහ නිපදවනවා. තෛරොය්ඩ් ග්‍රන්ථියේ වුනත් එහෙමයි. මේ අවස්ථාවට තමයි ඔටෝ ඉමියුන් තත්වයක් කියලා කියන්නේ. සියලුම ඔටෝ ඉමියුන් රෝග මේ ආකාරයට දැක්විය හැකියි. බොහෝ දෙනෙක් මා සමග එකග වෙන එකක් නැහැ. එහෙත් අප අත් දැක තියෙනවා ඔටෝ ඉමියුන් තත්වයන් ඇති රෝගීන්ට වැඩි ප්‍රමාණයක් ස්වභාවික පෝෂණය සහ ප්‍රතිඔක්සිකාරක ලබා දීම මගින් සුව වන ආකාරය.
මේ ආකාරයට සින්ක් නොමැතිවීම මගින් ඉන්සියුලින් නිපදවීම දීර්ඝ කාලයක් සිදු නොවීම නිසා අග්න්‍යාෂයේ බීටා සෛල වල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. බාහිරින් ඉන්සියුලින් ලබා දෙන නිසා එම සෛල දැනි අවශ්‍යතාවය පවා නැතිවී යනවා. මේ අවස්ථාව වන විට මෙම බීටා සෛල මරණයට පත්වන බවයි හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය තුල අප ඉගෙන ගෙන ඇත්තේ. එය ඇත්තටම තර්කාණු කූලයි කියලා මට හිතෙනවා. ඔබත් ඔබගේ නුවණින් විමසා බලන්න. මෙය අපගේ සිරුරේ ඇති සියලුම ග්‍රන්ථි වලට පොදු න්‍යායක්. දැන් බලන්න ඝර්භණී මවක් තම ආහාරයට සින්ක් එක්කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා. දරුවාට මේ හෝමෝන නිපදවාගන්නට බැරිවෙනවා නේද? දැන් දරුවා උපතින්ම දිවවැඩියා රෝගියෙක්. හේතුව ජාණ කියලා අපි හිතාගත්තොත් නිවැරදිද? ඔබම ඔබගේ නුවණින් විමසා බලන්න. මේ නිසා සින්ක් සහිත ආහාර දිනපතා භාවිතා කරන්න. තවත් එකක් තමයි ඝර්භණී අවදියේදී ඇතිවන දියවැඩියා තත්වයන්. ඊටත් හේතුව මෙවනි ඛනිජ ලවන දරුවාගේ සහ තමාගේ සිරුරේ පැවැත්මට අවශ්‍ය ප්‍රමාණයට නොමැති වීමයි. එවිට දැනට සිරුරේ ඇති ඛණිජ ලවන දරුවාට ලබාදී මව රෝගි තත්වයට පත් වෙන එකයි සාමාන්‍ය යෙන් වෙන්නේ. මේ නිසා තමයි බොහෝ මව්වරුන්ට දියවැඩියාව හැදෙන්නේ. නමුත් පසුව නැවත ආහාර මාර්ගයෙන් අදාල පෝෂණය ලැබෙන විට මව යතා තත්වයට පත්වෙනවා.ඔබගේ සිරුරේ සින්ක් අඩුද කියලා දැනගන්නට පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබගේ නියපොතු වල ඇතිවන වෙනස්කම්. සින්ක් ඌණතාවයක් එනවිට මුලින්ම ඔබගේ නියපොතු වල සුදු පැහැ පැල්ලම් එනවා. එය නිකම්ම ඉවත් වන්නේත් නැහැ. දිගින් දිගටම එන්න ගන්නවා. ඉස්සර නම් මේවා ආවම කියනවා අලුත් ඇදුම් ලැබෙන්න තමයි මෙහෙම එන්නේ කියලා. එහෙම හිතලා අපි සැනසුනා විතරයි. අවසානයේ අපට ලැබුනු සංඥාවක් අපි නොසලකා හැරියා. දැන් අපි ඒ ගැන දැනුවත් වෙලා පෝෂණ ඌණතා මගහරවා ගනිමු. පහත රෑපසටහනක සින්ක් අඩංගුආහාර ලැයිස්තුවක් තියෙනවා. ඒවා දෛනික ආහාර වේලට එක් කරගන්න.
(කියවා තවත් කෙනෙකුට දැනගන්නට හැකිවන ආකාරයට ශෙයා කරන්න.මෙත් සිතිනි.පෝෂණ වේදී නයන තේනුවර)
උපුටාගැනීමක්
Comments
Post a Comment